ඕස්ට්‍රියාවේ තානාපති මෙරට කැදවූයේ මගේ කෝල් එකට පැය හතරහමාරක් තිස්සේ ආන්සර් නොකල නිසා..- ජනපති

September 18, 2018 at 1:20 pm | lanka C news
ඕස්ට්‍රියාවේ තානාපති මෙරට කැදවූයේ මගේ කෝල් එකට පැය හතරහමාරක් තිස්සේ ආන්සර් නොකල නිසා..- ජනපති

ඕස්ට්‍රියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිනිය හා එහි කාර්ය මණ්ඩලය නැවතත් මෙරටට ගෙන්වන ලද්දේ අනෙක් තානාපති කාර්යාල වලට ද පණිවුඩයක් දීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාතික ඔ්සෝන් දින උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

තමනට වියානා නුවර මෙරට තානාපතිනියට කතා කිරීමට අවශ්‍ය වූ නිසා තම කාර්ය මණ්ඩලය මගින් එම කාර්යාලයට පැය හතර හමාරක් තිස්සේ උත්සාහ කළ එහි ඇති දුරකථන හයටම කිසිවකු උත්තර නුදුන් බව ජනාධිපතිවරයා පැවසීය.

එනිසා එම තානාපති කාර්යාලයේ තානාපති සිට කම්කරුවා දක්වා සියලු පිරිස මෙරට කැඳවූ බව ජනාධිපතිවරයා පැවසීය.

ඔවුන් සියලු දෙනාම අද හෙටම මෙහි පැමිණෙනු ඇති බවත් කී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් එසේ කරන ලද්දේ අනිත් තානාපති කාර්යාලවලටද පණිවුඩයක් ලෙස බවද සඳහන් කළේය.

48 views

16 Comments to “ඕස්ට්‍රියාවේ තානාපති මෙරට කැදවූයේ මගේ කෝල් එකට පැය හතරහමාරක් තිස්සේ ආන්සර් නොකල නිසා..- ජනපති”

  1. නින්දෙන් නැගියලද…….අන්න මෙලෝ සිහියක් නැතුව කැලවල්ටික කලනව..සත්තු දඩයමි කරනව පොලිස්පති පිස්සු කෙලිනව..හමුදාවෙ විරුවො හිරේ දමනව..කඩුව ගනඩෝ්්්්්්

  2. මටමයි වෙන්නේ says:

    අනේ දෙවියනේ වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා වෙනවා වගේ දේවල්

    එක්කෝ රටේ ගුවන් සේවයෙන් දෙනවා කන්න බැරි කජු.

    දැන් රටේ පත් කරන තානාපති කෝල් වලට උත්තර දෙන්නේ නෑ.

    මම හිතන්නේ ඉස්සෙල්ලම හොයලා බලන්න ඔනෙ මේ රටේ ජනාධිපති ද නැතිනම් වෙන මොකෙක් හරි ද කියලා.

    • මටමයි වෙන්නේ says:

      ලංකා සී නිව්ස් “මූ” කියන වචනේ කපලා දාන නිසා මම “මූ” වෙනුවට “මෙතුමා” කියලා දානවා. මොකද මෙතුමා අපිට දෙන ආතල් වල හැටියට අපි මෙතුමාට මීට වැඩිය සලකන්න ඕනෙ.

      මම හිතන්නේ මෙතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තිය යටතේ මේ රටේ සෑම සියලු දෙනාටම එරෙහිව නඩු පැවරිය යුතුයි. මොකද 12(2) වගන්තියෙන් මේ රටේ සෑම දෙනාටම සමානව සැලකුම් ලැබීමේ අයිතියත්, වෙනස්කොට සැලකනු ලැබීමට එරෙහිව ආරක්ෂාවත් සපයලා තියෙනවා.

      මේ රටේ මිනිස්සු මෙතුමාට සෑහෙන්න වෙනස්කම් කරනවා. එක්කෝ කන්න බැරි කජු දෙනවා. නැතිනම් කෝල් කලාට අන්ස්වර් කරන්නේ නෑ. සමාජජාලා වෙබ් අඩවි වල මෙතුමාව පුදුම විදියට සවුත්තු කරනවා.

      මේ විදියට වෙන්න තවදුරටත් මෙතුමා ඉඩ තැබිය යුතු නෑ. ඒ නිසා මෙතුමා වහාම මේ රටේ අන් සියලු දෙනාට එරෙහිව උසාවි යා යුතුයි.

    • Asaranaya says:

      අම්මට හුඩු පිස්සු නැටිල්ල පඹ බින්කුන්ඩටත් පුරුදුවෙලා, බින්කුන්ඩෝ බොල බින්කුන්ඩෝ තෝත් නටාපිය මමත් නටන්නම්, අම්මට හුඩු සාමිනේ කිව්වලු

  3. sunimal says:

    මේ වගේ මහජනතාවගේ දුක් ගැනවිලි බලන්න බැරි ඇයි වසර 3ක් බලාහිටියා මදිද ලැජ්ජයි?

  4. Wijaya says:

    නිළදාරින් නම් කමක් නැහැ කියමුකෝ. එත් කම්කරුවා…… ඒ මනුස්සයත් ටෙලිෆොන් වලට අන්ස්වෙර් කරනවද? පිස්සුද හැටිද?

  5. ALAPALU RANAWAKA says:

    HE HAS CALLED IN THE MIDNIGHT AUSTRIA TIME. WHO IS GOING TO ANSWER AT THAT TIME OTHER THAN A LUNATIC. AIYO SIRISENA.

  6. meeya says:

    උදේ පාන්දරමද CALL කලේ. ඔස්ට්‍රියාවෙ කෂ්ටිය දොයි ඇති

  7. Nimal Perera says:

    Why don’t apply the same to Qatar Ambassador?

  8. Dushantha says:

    මෙයා මේ කෙහෙල් මල් ටෙලිපෝන් කෝල් එකක් ගෑන කියනවා. දවස ගානෙ රුපියල මස්ත බාල්දු වෙනවා. සියලු බඩු වල මිල දවස ගානෙ අහස උසට ඉහල යනවා. මේ රටේ හාමුදුරුවාරු රණවිරුවො හිර ගෙවල් වලට දක්කනවා. මේවා පේන්නෙ ඈහෙන්නෙ කවද්ද?

    • Hari says:

      …….මේවා පේන්නෙ ඈහෙන්නෙ කවද්ද?

      Mielanga janadhipathiwaranayata naama yojana bara dhunnahama.

  9. Chris says:

    අනේ මේ ලේ වතුර වෙනව රජයේ ඕනෙම කාර්යාලයකට කතා කරොත්. නිකමට වගේ ආගමන විගමන (Immigration) එකේ පුරවැසි(citizenship) කොටසේ තියෙන ඕනෙම නොම්මරේකට කතා කරල බලන්න.

  10. ජහමනය says:

    ඔස්ට්‍රියාවට නිවාඩු දවසක මෙයා කතා කළාද දන්නෙ නැහැ.

    • ජනක says:

      නෑ මෙයා ඔස්ටියව කියල හිතාගෙන කතා කරලා තියෙන්නේ ඔස්ට්‍රේලියවට එහෙ ලංකාවට වඩා පැය හතරයි ගානක් ඉස්සරහින් නිසා කෝල් එක අරගෙන තියෙන්නේ එහෙ වේලාවෙන් රෑ දොළහට ඉතින් ඒ මිනිස්සු පැය හතරක් පමා වෙලා කෝල් කළා කියන්නෙත් ලොකු දෙයක් එකියන්නේ ඒගොල්ලෝ එහෙ වේලාවෙන් මෙයාට පාන්දර හතරට හතරහ මාරට කෝල් කරලා තියෙනව ඉතින් තව මොනවද ?හැබැයි

Main News