ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු, බාර්ලි ගෙන්වා ප්‍රති අපනයන නාමල් අරඹයි….

June 17, 2021 at 6:26 am | lanka C news
ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු, බාර්ලි ගෙන්වා ප්‍රති අපනයන නාමල් අරඹයි….

කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය කිරීමේ කාර්මික ජනපදයක් වැලිපැන්න කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

වැලිපැන්න අධිවේගී පිවිසුම අසල ඉදිකිරීමට යෝජිත කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයන කාර්මික ජනපද භූමිය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වෙළඳ අමාත්‍යංශය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඉදිරියේ දී දෙස් විදෙස් ආයෝජකයන් සඳහා එය විවෘත වනු ඇත.

ඕස්ට්‍රේලියාව එහි ආරම්භක අයෝජනය සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ අනුව ලංකාවේ නිෂ්පාදනය නොවන පරිප්පු, බාර්ලි වැනි ධාන්‍ය වර්ග ඕස්ට්‍රේලියාවේ සිට තොග වශයෙන් ආනයනය කොට අගය එකතු කරමින් ආසියානු, අප්‍රිකානු සහ මැදපෙරදිග රටවලට මෙම ජනපදය ඔස්සේ ප්‍රති අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අතර ඊට අදාළ පළමු සාකච්ඡාව අද දින වැලිපැන්නේ දී මෙම නිරීක්ෂණ චාරිකාවකට සමඟාමීව පැවැත්විණි.

මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින තානාපති සබඳතා මෙවැනි ව්‍යාපෘති ඔස්සේ අප තව තවත් ශක්තිමත් කරමින් සිටිනවා. නාවික හා ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාව පිහිටා තිබීමේ වැදගත්කම මෙමගින් තවත් තහවුරු වෙනවා.

වරාය හා ගුවන්තොටුපළ කේන්ද්‍රකරගනිමින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් කටයුතු කරමින් සිටිනවා.

මෙවැනි ආයෝජන අවස්ථා ඉලක්කකරගෙන තමයි එදා අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, කොළඹ වරාය පර්යන්තයන් ඉදිකරනු ලැබුවේ.

අද බලාපොරොත්තුවන්නෙ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන කෘෂිකාර්මික නිෂ්පාදන හුවමාරුව ශක්තිමත් කරමින් ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය සඳහා අවශ්‍ය ප්‍රතිඅපනයන ගම්මානයක්, අයෝජන කලාපයක් නිර්මාණය කිරීමයි.

අන්තර්ජාතික වෙළෙඳ භාණ්ඩ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ පළමු සාකච්ඡාව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමා සහ ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා අතර අද දින මේ ස්ථානයේ දී පැවැත්වුණා.

පළමු කාර්යය විධියට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වෙළඳ අමාත්‍යංශය ඒකාබද්ධව අවශ්‍ය මූලික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අනතුරුව දෙස් විදෙස් ආයෝජකයන් සඳහා මෙම ස්ථානය විවෘත කරනවා.

කෘෂි නිෂ්පාදන ප්‍රතිඅපනයන කාර්මික ජනපදය ඇතිකිරීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාගේත් ඒකාබද්ධ යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක වීමට නියමිත යැයි අමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවෙල් මහත්වරු සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මාධ්‍ය ඒකකය,
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

53,312 views

37 Comments to “ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු, බාර්ලි ගෙන්වා ප්‍රති අපනයන නාමල් අරඹයි….”

  1. Open mind says:

    හෙට රට භාර දෙන්න හැකි නිර්මාණශීලී නායකත්වය බිහිවෙමින් තිබෙන බව දකින කීදෙනෙක් ඉන්නවද ? (හිනාවෙන්න එපා)

    • Truth says:

      පැරණි වැඩවසම්වාදී යුගවල දක්නට ලැබුණු පවුල් දේශපාලනය මුළු ලෝකයෙන්ම අතු ගෑවී, මකබෑවී, තොලෙංචි වී යන සමයක එය තවමත් හිස් මුදුනින් පිළිගන්නා බයි හුදී ජනයා ගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකාවේ නූතන ශිෂ්ටාචාරයෙන් අත්මිදුණු කැළෑ රාජ පෙළපතක් වෙත තව දුරටත් මෙරට පාලන බලය පැවරීමේ කඩිනම් ව්‍යාපෘතියක් මේ දිනවල ක්‍රියාත්මක වේ. 

    • truth says:

      ඉහ මොළ නැතත් කඳ බඩ ලොකු මේ ගොබිලා
      ඉහ ගෙන කන්න රට තලු මරනා හිවලා
      මහ ලොකු වියත් උගතුන් දෙදනින් වැටිලා
      මහ රජ එහෙයි අපි නුඹටයි කී වැඳලා

  2. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    ලොකු පුතා .. උඹ ඕස්ට්‍රේලියාවේ පරිප්පු , බාර්ලි ගැන වද වෙන්නෙ මොකටද???? ලංකාවේ නැවුම් එළවලු , පලතුරු ටොන් ගණන් දවසකට කුනුකුඩේට වැටෙනව . ඉතුරු වෙන පොඩි ප්‍රමාණය කොළඹ අවට විකුනන්නෙ කීයද කියල හොයල බලපං . අවුරුදු 30 තිස්සෙ ගල්කිස්ස හෝටලෙන් … තුන් වේලම කන නිසා.. තොපේ පව්ලෙ හැම එකාටම .. රටේ ජනතාව කනවද??බොනවද??? කියල වගේ වගක් නැහැ. බත් කටක් කටට දාගන්නකොට නිකමට උඹලට මතක් වෙනවද??? රටේ කොයි තරම් මිනිස්සු, පුංචි දරුවෝ නිරාහාරව ඉන්නවද කියල. නිකමටවත් එහෙම මතක් වෙන්නෙ නැහැ නේද??? තොපි කන කෑම මෙච්චර කාලයක් දිරෙව්වා පුදුමයි බං . “හක්කේ බුදුරැස් … බොක්කේ දඩ මස් ” කියන්නෙ මේවට තමා බං.
    පරිස්සමෙන් හිටපං මයෙපුතා .. වැඩි කාලයක් නැතුව කරපු පව් ගෙවන්නම වෙනව තොපි හැම එකාටම .

    • Sky says:

      එදා අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, කොළඹ වරාය පර්යන්තයන් ඉදිකරනු ලැබුවේ- චීනයේ සේද මාවතට පාර කැපීමක් ලෙස නොවේද ? චිනෙන් ණය අරන් හම්බන්තොට වසර 198 බදු දුන්නේ අපේ රටේ ආයෝජන අවස්ථා ඉලක්කකරගෙනද ?
      කාවද මේ රවටන්නේ ?පේන විදිහට නාමල් දැන් වෙළෙඳ , කෘෂි අමාත්‍ය ඇතුළු හැම දෙකම ලොක්කා වෙලා වගෙයි ..ලුලා නැති වලේ කණයා පණ්ඩිතයා වෙනවලු

  3. Citizens of Lanka says:

    Namal Rajapaksa of Minister of Sports of that ” jack of all trade” going to spoil our national economy and undermined export zone by New family of that New business.
    We are businessmen do not wanted undermined our Trading business by Narmal & family. Do your politics by yourself . Stop of political nonsense by Narmal !

  4. Vis8 says:

    This is great! The highways will develop the country in a remarkable way: many businesses and centers will come up around the exits. Hail the initiative! Toiyas: can’t bear to see the country developed???? Go jump in a lake 🙂

    • truth says:

      තිත්තය ඇත්ත කියනා විට කර සද්ද
      විලිනැති වහල් බය්යෙකි මූ පරසිද්ද
      තවමත් අපුල්ලන වසලයේකුගේ රෙද්ද
      අතගා බලාපන් ගෙරියෝ අං එත්ද

  5. ඊබ්‍රහිම් සහෝදරයා says:

    ඔය ක්‍රමයටම කුඩු ,කේරල ගංජා ,කහ ත් ප්‍රති අපනයනය කරන්නත් ඇහැකි නේද ?

Main News