ඖෂධපිටිය රක්ෂිතය ගිනිගනී.. අක්කර සිය ගණනක් විනාශයි…
August 13, 2018 at 5:30 pm | lanka C news
වව්නියාව,ඉරට්ටපෙරියකුලම, අවුසදපිටිය රක්ෂිත සීමාවේ ඊයේ (12) සවස ඇති වු ගින්නකින් ප්‍රදේශයේ අක්කර 200 ක් පමණ ගිනිගෙන විනාශ වි ඇති බවට ඉරට්ටපෙරියකුලම පොලීසිය පැවසීය.
මේ දිනවල පවතින වියළි කාළගුණ තත්ත්වය හා සුළං තත්ත්වය හේතුවෙන් ඇති වූ ගින්න සීඝ්රයෙන් ව්‍යාප්ත වී රක්ෂිතය ගිනිගත් බවට පොලීසිය කියා සිටියේය.
හේන් ගොවිතැන් කිරීමට කැළැ එළි කරන පිරිස් විසින් සිදුකරන ගිනි තැබීම් හේතුවෙන් ප්‍රදේශයේ රක්ෂිත සීමාවන් ගිනි ගැනීම සිදුවන බවද පොලිසිය අනාවරණය කොටගෙන ඇත.
ගින්න පිළිබඳ වාර්ථා වූ අවස්ථාවේදී ඉරට්ටපෙරියකුලම පොලීසිය අදාල ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට අවශ්‍ය පියවර ගත් අතර පොලීසිය විසින් එම අවස්ථාවේදීම හා වව්නියාව නගර සභා ගිනි නිවන ඒකකයට දැනුම් දී ගිනි නිවන රථ මගින් මහත් පරිශ්‍රමයක් යොදා ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
නව සන්ධානයක් වූ දෙමළ ජාතික විමුක්තිකාමී අයගේ වැඩක් වෙන්නත් පුලුවන්? රජයේ ඉඩම් අල්ලාගන්න
ජන්දෙට මේ ඉඩම් උතුරේ කලතොනින්ට නොමිලේ බෙදයි .. මේවායේ පදිංචි කරවීමට ඉන්දියාවෙන් දැනටමත් කල්ලතෝනි ගෙන්වනවා ඇති……
සිංහලයෙනි ,මේ ඉඩම් වල පදිංචි වෙයව්