ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

September 8, 2021 at 9:02 pm | lanka C news
ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව එම දත්ත ගබඩාව පවත්වා ගැනීමේ ටෙන්ඩරය ලබා ගෙන තිබූ Epic Lanka Technology සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින්ද්‍ර කල්පගේ මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ටෙන්ඩරය අදාල සමාගමට ලබා දී තිබුනේ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ දී ය.

37,848 views

12 Comments to “ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..”

  1. Nimesh pathirana says:

    මෙතන මැකිලා තියෙන්නේ කොරෝනා දත්ත නෙවෙයිනේ මෙතන මැකිලා තියෙන්නේ ගිය ආණ්ඩුවේ ඉදන් බෙහෙත් ගැනනේ.ගත්තේ කොහොමද මිලදී ගැනීම් ඒවානේ ඒ කියන්නේ ආණ්ඩුවේ මැති ඇමතිලා විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ගිය ආණ්ඩුවේ ඇමැතිලාගේ කටු කන බල්ලෝ තාම මේකේ ඇතුලේ නිලදාරියෝ වගේ ඉන්නවා… මේ පිලිබදව හොයලා ගත්තොත් දැනගන්න පුළුවන් දත්ත මැකුවේ තමන් කොමිස් ගත්ත ඒවා අහුවෙයි කියලා තමයි. මේ ආණ්ඩුවේ තරුණ ඇමතිලා ටික දෙනෙක් ඉන්නවා ඔහුන් පිළිවෙලට වැඩ ටිකක් කරගෙන යනවා.. ඒවාට බය වෙලා තමයි එහෙනම්, දත්ත මකලා තියෙන්නේ

Main News