ඖෂධ ආනයනයට ඩොලර් හිගයෙන් බාධා..- සෞඛ්‍ය ඇමති..

January 2, 2022 at 3:00 pm | lanka C news
ඖෂධ ආනයනයට ඩොලර් හිගයෙන් බාධා..- සෞඛ්‍ය ඇමති..

රට තුළ ඇති විදින ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

නමුත් රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ද පැවසූ ඒ මහතා ජනාධිපතිවරයා ද සෑම විටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස උපදෙස් දී ඇති බව ද පැවසිය.

ඒ අනුව රට තුල ඖෂධ හිගයක් ඇති නොවන තැනට කටයුතු සිදුකරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ ණයවර ලිපි වලට මුදල් යොමුකිරීමේදී ඖෂධ සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරන ලෙසයි.

එසේ නොවන්නේ නම් රට තුළ ඖෂධ හිඟයක් ඇති විය හැකි බවද එම ආයතනය පෙන්වා දී ඇත.

10,091 views

2 Comments to “ඖෂධ ආනයනයට ඩොලර් හිගයෙන් බාධා..- සෞඛ්‍ය ඇමති..”

  1. LalithM says:

    ඕව වැඩක් නෑ.රට සවාරි යන්න තියෙන ඩොලර් බෙහෙත් වලට නැත්තේ මොකද. භාරගත්ත නම් කරපිය. නැතිනම් අස්වෙලා පලයං.

  2. Shan says:

    ණයට කහින බයියෝ එකතුවෙලා නිරූපමා රාජපක්ෂගේ ඩොලර් කාක්ක ගිණුමෙන් සල්ලි අරන් එන්න බැරිද?

Main News