ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

April 11, 2022 at 1:20 pm | lanka C news
ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

රට පුරා රෝහල්වල ඇති වී තිබෙන ඖෂධ හිගය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගේ සහාය අපේක්ෂා කරයි.

ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත් වන පරිදි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.

මේ අතර සායනික රෝගීන් සඳහා එකවර මාස 2කට ඖෂධ නිකුත් කිරීම අත්හිටුවමින් මාසයකට පමණක් ඖෂධ නිකුත් කිරීමට රෝහල්වලට උපදෙස් දී තිබේ.

එමෙන්ම හදිසි සැත්කම් හා හදිසි පරීක්ෂණයක් පමණක් සිදුකරන ලෙසත් රජය විසින් රෝහල්වලට දැනුම් දී ඇත.

47,727 views

28 Comments to “ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…”

  1. JR says:

    රටට ආදරේටද නැත්තං අඩු මිලට තියන හොඳ බෙහෙත් වල ටෙන්ඩර් කපලා වැඩි මිලට බාල බෙහෙත් ටෙන්ඩර් වලින් ගෙන්නලා ගාන කපා ගන්නද.?

Main News