ඖෂධ නෑ.. ඉන්ධන නෑ.. සෞඛ්‍ය පද්ධතිය මරාන්තික බිද වැටීමක..

June 20, 2022 at 5:30 pm | lanka C news
ඖෂධ නෑ.. ඉන්ධන නෑ.. සෞඛ්‍ය පද්ධතිය මරාන්තික බිද වැටීමක..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

දිනෙන් දින උග්‍ර වන අර්බුදකාරී වටපිටාව තුල සෞඛ්‍ය පද්ධතිය බි වැටීමකින් තොරව පවත්වා ගැනීම සදහා බලධාරීන් සතු වගකීම.

වත්මන් ආර්ථික අර්බුදය හරහා ජන ජිවිත උඩු යටිකුරු වී හමාර පසුබිමක ජනතාවගේ ජිවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඇති සෞඛ්‍ය පද්ධතියේ සිදුවෙන බිඳ වැටීමක් මාරාන්තික ප්‍රතිඵල උදාකරනු ඇති බව අවිවාදිතය.

මේ වන විට මතුවෙමින් පවතින ප්‍රවනතාවයන් නිසි ලෙස කළමණාකරණය නොකලහොත් සෞඛ්‍ය පද්ධතියේ තීරණාත්මක බිඳ වැටීමක් නොවැලැක්විය හැකි වනු ඇත. එ් හරහා සිදුවනුයේ ජනතාව කබලෙන් ලිපට වැටීමයි.

ඉදිරි කාලය තුල සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටිිම සඳහා තීරණාත්මක ලෙස බලපෑ හැකි ප්‍රධාන කරැණු 2 ක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස හඳුනාගෙන ඇත.

  1. අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ ඇතුලු රෝගී තත්ත්වයන් සඳහා සුලභව භාවිතා කරන ඖෂධ වල හිඟය.
  2. පවතින ඉන්ධන අර්බුදය හමුවේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට රෝහල් වෙත වාර්තා කිරිිමට ඇති වන බාධාකාරී තත්ත්වයන්.

මෙම කරුණු 2 සඳහා කඩිනම් හා ප්‍රායෝගික විසදුම් ක්‍රියාත්මක කිරිිමකින් තොරව සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීම වළක්වා ගත නොහැකි වනු ඇත.

  1. ඖෂධ හිගය

රෝහල් පද්ධතිය තුල මේ වන විට මතුව ඇති ඖෂධ හිගය හුදෙක් ආර්ථික අර්බුදය හරහාම නිර්මාණය වු තත්ත්වයක් නොවන බව පැහැදිලිය.

ඖෂධ ලියාපදිංචිය, ඇණවුම් කිරීම හා බෙදාහැරීම යන විවිධ පියවරයන්ගේ පවතින අකාර්යක්ෂමතාවය හා දුෂිත ගණුදෙනු මේ සදහා ඍජුවම බලපෑ බව අවිවාදිතය.

ඒ අනුව,

  1. රාජ්‍ය වියදම් ප්‍රමුඛතා ගත කිරීමේදි රෝහල් පද්ධතිය තුල අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ ඇතුලු සුලභව භාවිතා කරන ඖෂධ මිලදි ගැනීම සදහා අවශ්‍ය මුදල් බාධාවකින් තොරව ලබා දීය යුතුය.
  2. දිවයින පුරා රෝහල් පද්ධතිය තුල ඖෂධ භාවිතා කිරීමේ රටාවන් හඳුනාගෙන අඛණ්ඩ සැපයුමක් ඒකාකාරී ලෙස සහතික කළ යුතුය.
  3. මේ වන විටත් ලැබි ඇති හා ලැබෙමින් පවතින ඖෂධ සඳහා වන ආධාර හා පරිත්‍යාග නිසි ලෙස කලමණාකරණය කර කාර්යක්ෂම ලෙස දිවයින පුරා බෙදාහැරීම සහතික කළ යුතුය.
  1. ඉන්ධන අර්බුදය හරහා සෞඛ්‍ය කාර්යමණ්ඩලයට සේවයට වාර්තා කිරිිමට නොහැකි වීම.

රෝහල් වෙත ඖෂධ ඇතුලු සියලු පහසුකම් ලබා දුන්නද රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා රෝහල් තුල වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලය නොමැති නම් ඖෂධ පද්ධතිය බිඳවැටීම වළක්වා ගත නොහැකි වනු ඇත.

අවසානයේ සිදුවනු ඇත්තේ වැඩවර්ජන ක්‍රියාමාර්ග වලට හෝ කිසිදු විටක සම්බන්ධ කර නොගන්නා පිලිකා රෝහල්, මාතෘ හා ළමා රෝහල් හා වකුගඩු රෝහල් ඇතුලු සමස්ථ රෝහල් පද්ධතියම කඩා වැටීමයි.

ඒ අනුව,

  1. රට තුල පවතින සිමීත ඉන්ධන තොග භාවිතය සඳහා නිසි ප්‍රමුඛතා ලැයිස්තුවක් බලධාරීන් විසින් සකස් කළ යුතුයි. එහිදි සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවකට (Essential Service) අමතරව හදිසි සේවාවක් (Emergency Service) බව අමතක නොකළ යුතුය.
  2. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සේවා ස්ථාන වලට වාර්තා කිරීමට අවශ්‍ය වන ඉන්ධන ලබා ගැනීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කර ප්‍රකාශයට පත් කළ යුතුය.

මේ පිළිබඳව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස පසුගියදා කළ සාකච්ඡාවේදි එතුමාගේ පාර්ශවයෙන් ලද සුභදායි ප්‍රතිචාර මෙම සතිය තුල වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.

  1. පොදු ප්‍රවහාන සේවාවන් කෙටි කාලීන වැඩපිළිවෙලක් හරහා ශක්තිමත් කිරීම තුලින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වල හැකි සියලුදෙනා එම සේවාවන් භාවිතා කිරීම දිරිමත් කළ යුතුය. එ් සඳහා පහසුකම් සැපයීය යුතුයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප විසින් ඉහත පෙන්වා දුන් කරුණු සඳහා නිසි අවධානය යොමු කොට ජනතාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ක්‍රියාකිරීම බලධාරීන්ගේ වගකීම බව අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ
ලේකම්

 

25,282 views

10 Comments to “ඖෂධ නෑ.. ඉන්ධන නෑ.. සෞඛ්‍ය පද්ධතිය මරාන්තික බිද වැටීමක..”

  1. සනා says:

    අනේ තොපි හිටියත් වැඩක් නෑ. තොපි පුද්ගලික චැනල් කරනකොට ඔය බෙහෙත් මතුවෙන්නේ කොහොමද .

    • සනාථ says:

      උඹ නම් සනා නෙමෙයි ගොනා. චැනල් වල තියෙන්නෙ දෝස්තරලගෙ බේත් කියල හිතං ඉන්න රජ ගොනෙක්🤣🤣🤣.

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      රටේ මේවගේ දේවල් වෙන්ඩ වෙන්ඩ, රට අරාජික වෙනකොට අපේ ගු-VP – NGO -PVT එකට ගු-SA වලින් $$$$$$$$$$ වරුසවල් ඉතින්.
      රටට කෙලෝමු
      රටට කෙලෝමු
      රටට කෙලෝමු
      රටට කෙලෝමු
      මීට රටට කෙලෝන ගූ-VP ගම නව පරපුර

  2. Helaya says:

    පිටරටට යවපු ලංකාවේ තානාපතිවරු ලංකික ජනතාව සමග සාකච්චා කර රටට මුදල් එවන විධියක් සකසන්න. නැත්නම් මිනිස්සු තොග ගණන් මැරෙන්න පුළුවන්. ඔබලා රටට සේවයක්‌ කලා යූතු වෙලාව මේ.

    • කැබිතිගොල්ලාවේ වරුණ petition ඩොකා says:

      රටේ මේවගේ දේවල් වෙන්ඩ වෙන්ඩ, රට අරාජික වෙනකොට අපේ ගු-VP – NGO -PVT එකට ගු-SA වලින් $$$$$$$$$$ වරුසවල් ඉතින්.
      රටට කෙලෝමු
      රටට කෙලෝමු
      රටට කෙලෝමු
      රටට කෙලෝමු
      මීට රටට කෙලෝන ගූ-VP ගම නව පරපුර

  3. On the spot says:

    බෙහෙත් හිඟය​?ඩොලර් හිඟය මෙයට මූලික හේතුවයි.විදෙස් ගත ශ්‍රමිකයිනි,රැවටුම් බස් වලට මුලා නොවී ඔබට හැකි පමණින් ඔබේ දායකත්වය සපයන්න​.මේ අපහසුතාවයට පත්ව ඇත්තේ ඔබේම පන්තියේ ඔබේම මිනිසුන්.ව්දෙස් තානාපති සේවාවල ඉන්නා රාජ්‍යතාන්ත්‍රිකයිනි,දැන්වත් අවදිවන්න​.ඔබ නියෝජනය කරන රටේ ඉන්නා ශ්‍රී ලාංකිකයින් දැනුවත් කරන්න​.මේ ඔබේ සේවය අත්‍යාවශ්‍යම මොහොතක්.

    • aanamaduwe maanavadu says:

      eka dollarayakwath evanna epaa. suruttuwan onenam evapuwaaden. demala muslim burger pitarata inna ayawa
      lunnam evannema nehe. mun lankaawe salakanne sinhala suruttuwanta vitharak nisaa. demala muslim sulujaat
      heengen palamuwa samaava illapiyaw, mechcharakkal ovunta koraapu apahasuthaavanta.

  4. Kumara says:

    Cannot give priority to any one. Because no fuel at all. People should use public transport or bicycle or come to workplace by walk. No options.

  5. Gamarala says:

    රජය ඉල්ලා අස්විය යුතුය.

  6. Sanipa says:

    වත්මන් අර්බුදයට වත්මන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දායකත්වය කුමක්ද?

    1. ආර්ථික හා වාණිජ කටයුතුවලට සම්බන්ධ වීම.

    2. රසායනික පොහොර භාවිතය පිළිබඳ වැරදි උපදෙස්.

    3 ඔබේ වරම ඉක්මවා සම්බන්ධ වීම. හිටපු වෙළඳ ගිවිසුම්, MCC, වරාය සහ වරාය සම්බන්ධ වීම

Main News