ඖෂධ නෑ… මහරගම පිලිකා රෝහලට රෝගීන් ඇතුළු කිරීම නවත්වයි..

December 22, 2018 at 8:40 am | lanka C news
ඖෂධ නෑ… මහරගම පිලිකා රෝහලට රෝගීන් ඇතුළු කිරීම නවත්වයි..

රෝහල්වල පවතින ඖෂධ හිගය කඩිනමින් විසදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රෝහල්වල පවතින ඖෂධ හිගය පිළිිබදව නිලධාරීන් කැදවූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ( 21) පස්වරුවේ පැවති සාකච්ඡුාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව සහ භාහිරව ප‍්‍රතිකාර ලබන රෝගින් සදහා අත්‍යවශ්‍යය ඖෂධ වර්ග 05ක හිගයක් ඇතිබව විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත. ඖෂධ හිගය හේතුවෙන් රෝගින් ඇතුළත් කර ගැනීම ද ඊයේ (21) දින තාවකාලිකව අත්හිටුවා ඇත . මෙම අවශ්‍ය ඖෂධ වර්ග 05 ලබන සදුදා වන විට මහරගම අපේක්‍ෂා රෝහලට කඩිනමින් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වරයා වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඖෂධ නීතිගතසංස්ථා නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදි. මෙහිදි එක් පිළිකා ඖෂධයක අපේක්‍ෂිත ඇණවුමෙන් හදිසි රෝගයක් ගුවන් මගින් ගෙන්වා ගැනීමට තීරණය විය. තවත් එක් ඖෂධයක් දේශීය නියෝජිතයාගෙන් ලබාගෙන රෝහලට ලබා දිමට නියමිතය. සෙසු ඖෂධ වර්ග 05ක් හදිස්සි මිල දී ගැනීම් වලින් ලබා ගැනීමට තීන්දු විය. තවද පිළිකා ඖෂධ කඩිනමින් ලබා දීමට අපොහොසත් වන සැපයුම් කරුවන් අසාදු ගත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදි. මහරගම අපේක්‍ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගින්ට අවශ්‍ය තවත් ඖෂධ වර්ග 07ක හිගයක් පවතින බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (වෛද්‍ය සැපයුම්*ලාල්පනාපිටිය මහතා මෙහිදී පැවසීය. එම ඖෂධ කඩිනමින් මිල දී ගෙන රෝහල් වලට ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය වරයා උපදෙස් ලබා දෙන ලදීි. තවද දිවයින පුරා රෝහල් වල තවත් ඖෂධ වර්ග 71ක හිගයක් පවතින බව වෛද්‍ය ලාල්පනාපිටිය මහතා මෙහිදී පැවසීයි. මෙම ඖෂධ වර්ග 71 කඩිනමින් මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වරයා උපදෙස් ලබා දෙන ලදී.

හෘද රෝගීන්ගේ සැත්කම් සදහා භාවිත කරන බැවින් මාස 02ක තොගයක් පවතින බව මෙහි දී අනාවරණය විය. දොස්තර රාජිත සේනාරත්න මහතා ඔක්තොම්බර් 26ට පෙර සෞඛ්‍ය අමාත්‍ය ධූරය හොබවන කාලයේ ආනයනය කරන ලද අක්‍ෂි කාච ද මාස 06කට අවශ්‍ය තරම් තොග පවතින බව නිලධාරිහු ප‍්‍රකාශ කලහ.

මාස 02කට ආසන්න කාලයක් ශ‍්‍රි ලංකාවේ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙම ඖෂධ හිගය රෝහල් වල ඇති විය. එහි දී ඖෂධ ආනයනය නොකිරිම , මුදල් නොමැතීවීම නිසා මෙම ඖෂධ හිගය ඇතිවුවත් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තම අමාත්‍යධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් ඖෂධ හිගය මගහැරවීමට අවශ්‍ය පියවර මේ අනුව ගන්නා ලදී.

මේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරින්, රාජ්‍ය ඖෂධ නිෂ්්පාදන නීතිගත සංස්ථාව නියෝජනය කරමින් එහි නිලධාරින් ද එක්ව සිටියහ.

– ප්‍රසන්න අධිකාරි

98 views

2 Comments to “ඖෂධ නෑ… මහරගම පිලිකා රෝහලට රෝගීන් ඇතුළු කිරීම නවත්වයි..”

  1. Alapaluwa says:

    ජාතියේ අප්පොච්චි ජාතියට දීපු දායාද!

  2. ranga says:

    ko me appachchita comment dana un??

Main News