ඖෂධ නෑ.. රෝහල්වල ශල්‍යකර්ම නතර කරයි..

August 14, 2022 at 4:40 pm | lanka C news
ඖෂධ නෑ.. රෝහල්වල ශල්‍යකර්ම නතර කරයි..

රටපුරා බොහෝ රෝහල්වල ඇති වී තිබෙන අත්‍යවශ්‍ය ඖෂධ හිගය හේතුවෙන් ශල්‍යකර්ම බොහොමයක් නතර කර දමා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ පවතින ඖෂධ සම්බන්ධයෙන් සියලුම රෝහල වාර්තාවක් කැඳවා ඇති බවයි.

බාහිර රෝගී අංශවලින් ලබා දෙන සාමාන්‍ය ඖෂධ, ජීවිතාරක්ෂක ඖෂධ, ශල්‍යකර්මය සඳහා අවශ්‍ය නිර්වින්දන ඖෂධ මෙන්න ප‍්‍රතිජීවක ඖෂධ හිගතාවයක් ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

මෙම තත්ත්වය ඉක්මනින් ම යථා තත්වයට පත් නොකළහොත් ඉදිරියේදී දැඩි අර්බුදකාරී තත්ත්වයකට සෞඛ්‍ය පද්ධතියත් රටත් ඇද වැටෙනු ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

13,611 views

8 Comments to “ඖෂධ නෑ.. රෝහල්වල ශල්‍යකර්ම නතර කරයි..”

  1. කුඹුක්කණ් says:

    ඔය උද්ධච්ඡ පාහර ඇලොපතියන්ගේ බටහිර බෙහෙත් වෙනුවට මිනිස්සුන්ට අපේ හෙළ ඔසු දීපල්ලා..

    එතකොට හෙළ වෙද්දු වෙච්ච අපිටත් පුළුවන් කෝටි ගණන් හම්බ කරගෙන, කොළඹින් තට්ටු තුනේ ගෙවල් අරගෙන, BMW, Mercedes, V8 පැදගෙන, තායි ගොන්නුත් තියාගෙන සැපට ඉන්න.

    ඔය පාහර ඇලොපතියන්ගේ කීමට කොවිඩ් වැක්සින් ගෙනැල්ලා කෙලපු එකෙන් අපිට අපේ ‘හෙළ’ පැණි බිස්නස් වලින් හොයා ගන්න තිබුණ කෝටි ගාණක් අපට නැති වුනා.
    ඉතින් දැන් වත් අපිටත් කීයක් හරි හම්බ කර ගන්න අවස්ථාවක් දීපල්ලා..

    මේ රටේ ඉන්න මෝඩ මිනිස්සුන්ට ‘හෙළ’ ලේබල් එක ගහලා බලු බෙට්ටක් දුන්නත් බොහෝම ශ්‍රද්ධාවෙන් ගිලලා දාන නිසා ඔය වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්.

    • Janaka says:

      ඈ බන් කුඹුක්කමෝ උඹ හෙළ වෙදකම නම් කරන්නේ මොන එකකටද තායි ගොන්නු? උඹ තියා ගන්න ඕන හෙළ ගොන්නු නේ බන්. 😂😂😂

      • කුඹුක්කණ් says:

        මෙහෙම නේ මචන්.. අපි ඔය ‘හෙළ’ කෑල්ල අපේ බිස්නස් වැඩ වලට පාවිච්චි කරාට ඉතින් අපි කවුරුවත් ඔය ‘හෙළ’ බඩකඩිත්තු පාවිච්චි කරන්නේ නැහැ නේ.

        උදාහරණයක් විදියට අපි ‘හෙළ වෙදකම’ කරනවා කියලා පිළිකා ලෙඩ්ඩුන්ගෙනුත් ගාණ කපා ගත්තට අපිට යන්තම් හෙම්බිරිස්සාවක් හැදුණත් යන්නේ ඉන්න හොඳම ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරයා ගාවට. අඩුම ගානේ කොත්තමල්ලි එකක් වත් අපි බොන්නේ නැහැ. ඇයි ඉතින් අපිත් දන්නවා නේ ඔය ගොඩ වෙදකම් වල ඇති ගුණයක් නැහැ කියන එක.

        ඉතින් ගොන්නු වුනත් එහෙමයි. තායි ගොන්නුන්ගේ ළඟින් වත් තියන්න පුළුවන්ද බං හෙළ ගොන්නුන්ව. මට නම් ඒ සමහර උන්ව දැක්කම නැගපු ටිකත් බහිනවා.

  2. හේනේ මාමා says:

    මෙහේට සල්ලි එවන්න එපා කියපු අගරදගුරාට නම් යුරෝ හම්බෙනව හැබැයි. උගෙන් තමයි දැන් ඉල්ල ගන්න වෙන්නේ. ඒ කාලකන්නින්ටත් ඉර පායනවනෙ ඉතින්.

  3. JR says:

    ඉතිං මොකද..? ඉස්සර කාලෙ ඔච්චර ඕවා කලාද?? ඩොලර් දීලා ණය වෙලා බඩු ගෙන්නලා හෙම්බිරිස්සාවටත් ශල්‍යකර්ම කරනවා… අන්තිමට ලෙඩාත් මැරෙනවා, නැත්තං මැරෙනකං බෙහෙත් බිබී ඉන්න වෙනවා… ලෙඩ වලටයි, මරණයටයි විසඳුම ඔය ශල්‍යකර්ම නෙවෙයි… බොරු වැඩ..

    • Namal Baby says:

      තෝ එහෙම නම් ලෙඩට බෙහෙත් නොගෙන මැරිලා පල කාලකණ්ණියා. ඒත් රටේ අනිත් මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතියක් තියෙනවා.

  4. Lahiru says:

    ඒ උනාට ලකේ ප.වෙ උන්ගෙ ලොකුකමනම්

  5. JR says:

    සැත්කම් නැත්තං පාඩුව දොස්තරලටද? ලෙඩුන්ටද? ඉස්සර කාලෙ මිනිස්සු සැත්කම් නොකරම හොඳට ජීවත් වුනේ නැද්ද? බයිපාස් නොකලොත් අවුරුදු 10ක් විතර ජීවත් වෙයි කියපු කෙනෙක් අවුරුදු 10ට වඩා ඉන්න හිතං බයිපාස් කරපු ගමන්ම මැරුණලු. මම දන්න කෙනෙකුට මීට අවුරුදු හතඅටකට කලින් කියල තිබුණලු බයිපාස් නොකලොත් තව අවුරුදු ⁣2කට වඩා ඉන්න බෑ කියල හිටං. එයා තාම ඉන්නවා, කරන බයිපාස් එක තමයි දිනපතා පංසලේ වතාවත් භාවනා කිරීම. ලක්ෂ ගනන් වියදම් යන සැත්කම් වෙනුවට ඒ වියදම දන්දීලා පින් කලොත් නරකද? මොකද සැත්කම හරි ගියත් මැරිල අපාගත වෙන්න පුලුවනි. පින් කරල මැරුණත් අපායෙන් බේරිලා දිව්‍යලෝකෙ යනව. ඒ වගත් මෙසේමයි..

Main News