NMRA සභාපතිට, ප්‍රධාන විධායකට කෙහෙළිය යන්න කියයි…. ප්‍රධාන විධායක යුධ ප්‍රකාශ කරයි…

May 31, 2022 at 11:23 am | lanka C news
NMRA සභාපතිට, ප්‍රධාන විධායකට කෙහෙළිය යන්න කියයි…. ප්‍රධාන විධායක යුධ ප්‍රකාශ කරයි…

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ මහතාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී ඇත.

මීට පෙර වෛද්‍ය සවීන් සේමගේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේය. වත්මන් ඖෂධ හිඟයට ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත සහ එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ යන අයගේ අකාර්යක්ෂමතාව ද හේතු වූ බව පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදී පාර්ශව කිහිපයක්ම චෝදනා කළේය. සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් වන රවී කුමුදේශ සහ සමන් රත්නප්‍රිය එහි මුලිකත්වයක් ගත්තේය.

පසුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සභාපති වෛද්‍ය රසිත විජේවන්ත සහ එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ කැඳවා සිය තනතුරුවලින් ඉවත්වන ලෙස නියෝග කර ඇත. මෙම දෙදෙනා මෙකී තනතුරුවලට පත් කලේ ඖෂධ නියාමන අධිකාරිය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන යටතේ පැවති සමයේය. නව අමාත්‍යමණ්ඩල සංශෝධනය යට‍තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඍජුවම සෞඛ්‍ය අමාත්‍යංශයට හිමිව ඇත. තමන් ඉවත් කිරීම ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සිය ෆේස් බුක් ගිණුමේ තැබූ විවේචනාත්මක සටහනක් මේ සමග දැක්වේ.

//අස්වීමට කියූ නිසා අස්වෙමි.

රටේ පවතින ඖෂධ අර්බුදයට වගකිව යුත්තේ ඖෂධ නියාමන අධිකාරිය බව පවසමින් රවී කුමුදේශ් වැනි දේශපාලන අඳබාලයන් ඇතුලු කණ්ඩායම් හා දේශපාලන අධිකාරිය ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමනය අකුලා දමන්නටත් අධිකාරියේ කළමනාකාරිත්වය ඉවත් කිරීමටත් කැස කවමින් සිටින මේ මොහොතේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස මාගේ කතාව සටහන් කරමි.

මා වෙත තනතුරෙන් ඉවත් වන ලෙස දන්වන ලද හෙයින් මම ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වෙමි.

අවුරුදු 32 ක නොකැලැල් රාජ්‍ය සේවයක ඉතිහාසයක් ඇති මම පසුගිය මාස 6 තුල නියමිත වැටුප් පවා නිසියාකාරව නොගෙන එමෙන්ම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයෙකු ලෙස මාගේ වෘත්තීය ජිවිතයේ අභිවෘද්ධිය පවා කැප කරමින් මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමනය ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාමට දිවා රෑ නොබලා කැප වුනෙමි. දුෂිත නිලධාරීන් විසින් විනාශ කර තිබු ආයතනයක් යලි ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය මුලික අඩිතාලම දැමීමට මට හැකි වූ අතර දුෂණයේ මහ ගෙදරක් වූ මෙම ආයතනය තුල දුෂණය අවම කිරීමට හැකි වීම පිලිබඳව නිහතමානීව ආඩම්බර වෙමි. අනිසි දේශපාලන අතපෙවීම් වලට අනුබල නොදීම මා අස්කිරීමට මූලික හේතුවක් වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂිත නිලධාරීන්ගේ උසිගැන්වීම් සහ කේලම් බස් ඊට ඉනිමන් බඳින්නට කටයුතු සැකසිණි.

අධිකාරියේ මාගේ සේවා කාලය තුල රාජ්‍ය සේවය කොතරම් දුෂිතද යන්න මට පැහැදිලි විය. ඖෂධ ජාවාරම නිසා රජයට අහිමි වන අති විශාල ධනස්කන්ධයේ පරිමාණය ගැන මට අවබෝධයක් ලබා ගැනීමට හැකිවූ අතර එසේ සිදුවී ඇති මහා පරිමාණ දුෂණයන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර අදාල නිලධාරීන්ට නිසි දඬුවම් ලබා දෙන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එවන් පරීක්ෂණයකදී මා දන්නා සියලු තොරතුරු ඉදිරිපත් කර එයට සහයෝගය දැක්වීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙමි.

පසුගිය අවුරුදු 32 ක සේවා කාලය තුල වැටුපට අමතරව සතයකදු වංචා කර නොමැති මා මෙවන් අසීමිත වංචාවන් සිදුවන ආයතනයක සේවය කර සතයකුදු වංචාවකින් තොරව ගෞරවාන්විතව නික්ම යාමට මට ශක්තියක් තිබීම පිළිබඳව නිහතමානිව ආඩම්බර වෙමි. තවද මා එසේ වංචාවක් කර ඇති බව හෝ ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය පිළිබදව මා වගකිව යුතු බවට මා කර ඇති එකදු අඩුපාඩුවක් පෙන්වා දෙන ලෙස රවී කුමුදේශ්ට මම අභියෝග කරමි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි දුෂිත නිලධාරීන් සිටින ආයතනයක ටික කලක් හෝ සේවය කිරීමට මට සිදුවීම මගේ අභාග්‍යක් ලෙස සලකන අතර මගේ වෘත්තීය ගෞරවය රැකගෙන දුෂණය සඳහා කිසිදු බලපෑමක් සිදු නොකර තෘප්තියෙන් රාජකාරි කල හැකි පරිසරයක් සහිත ශ්‍රී ලංකා යුධ හමුදාව පිළිබඳව මගේ නිත්‍ය රැකියා ස්ථානය ලෙස මම හුදෙක්ම ආඩම්බර වෙමි.

කිසි දිනෙක අපේ රාජකාරි සඳහා අනිසි බලපෑම් නොකලා පමණක් නොව අප වෙත නිවැරදි නිර්භීත නායකත්වය ලබා දීම පිළිබඳව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මා මේ මොහොතේදී ගෞරවයෙන් සිහිපත් කරමි.

ඖෂධ නියාමන අධිකාරියේ රාජකාරි සඳහා මා නිර්දේශ කල අතිගරු ජනාධිපතිතුමා, යුද හමුදාපතිතුමා හා හිටපු සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳව ප්‍රණාමය පුදකරමි. ඔබ තුමන් මා වෙත තැබූ විශ්වාසය මා මාගේ සේවා කාලය තුල නොබිඳු බව මා විශ්වාස කරමි.

එමෙන්ම මා සමඟ උරෙනුර ගැටී අධිකාරියේ උන්නතිය වෙනුවෙන් කටයුතු කල සභාපති තුමා ඇතුළු සියලුම කාර්යය මණ්ඩලය කෘතවේදීව සිහිපත් කරමි. අවසාන වශයෙන් වෛද්‍ය ශිෂ්‍යයෙකු ව සිටි අවධියේ සිට සේනක බිබිලේ ප්‍රතිපත්ති වලින් පෝෂණය ලද මා ඉදිරියේදී ද සබුද්ධික ඖෂධ භාවිතය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ කරමි.

ඖෂධ නියාමන අධිකාරිය දිනේවා ! මාතෘ භුමිය දිනේවා !

වෛද්‍ය සවීන් සේමගේ
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍

79,313 views

26 Comments to “NMRA සභාපතිට, ප්‍රධාන විධායකට කෙහෙළිය යන්න කියයි…. ප්‍රධාන විධායක යුධ ප්‍රකාශ කරයි…”

  1. Fearless says:

    මොකාව ගෙදර යැව්වත් මේ රට විනාශ කරන භයානකම කොටස් වන ඉහල රාජ්‍ය නිලධාරී පැලැන්තිය සහ උන්ගේ මාෆියාව උන්ට වයස අවුරුදු හැට හැත්තෑව වෙනකන් උඹලට ගෙදර යවන්න නොලැබෙන බව හොදින් මතක තබා ගනිල්ලා.
    දේශපාලන සුනඛයන්ටත් අසූචි කන්න පුරුදු කරන වල් ඌරන් තමා මේ කොටස. මේ ඉහල රාජ්‍ය නිලධාරී පැලැන්තිය දශක ගණනාවක් මේ රටට කරපු හානියේ තරම රාජපක්‍ෂලා සහ සෙසු දේශපාලුවන් කල හානිය මෙන් දහස් ගුණයක්. මොකා එලෙව්වත් මුන්ගෙන් මේ රට මුදවා ගන්නකන් මේ රට ගොඩ ගන්න බෑ. සත්‍යය එයයි.අද ජවිපෙ පෙරටුවන් අරගලකාරයන් සහ අනෙකුත් ‘විමුක්තිකාමීන්’ රාජ්‍යයට ඇති බිය සහ යටත්භාවය නිසා මුන් ගැන මේ සත්‍යය කතා කිරීමෙන් වැලකී සිටිනවා.
    ෆේල් සිස්ටම් එකේ අත්තිවාරම සහ කුළුණු උන්.

    • Guillotine says:

      විදුලිය කපන්න, ගෑස් බෙදීම සීමා කරන්න, තෙල් බෙදීම සීමා කරන්න සැලසුම් පිඹුරුපත් සියල්ල සකසලා ඇමතියාව ඒකට පොළඹවා ගන්නේ අමාත්‍යංශ ලේකම්ලා ඇතුලු ඉහල බලධාරී සෙට් එක.
      හරිනම් ජනතාව ඉස්සෙල්ලාම බෙල්ලෙන් අල්ලා ගන්න ඕනේ උන්ව.
      හැබැයි ජෙප්පොයි පෙරෙට්ටොයි රැට්ටොයි වෘත්තීය සමිතිකාරයොයි උන්ව බේරලා වැරදි කාරයන් විදියට ඇගිල්ල දික් කරන්නේ ඇමතිට සහ රජයටයි.

      • GONA Ruwan says:

        කුලියට කොමෙන්ට් කොටන එවුන්ටත් රට ගැන හිතලා වැඩ කරන්න කාලෙ හරි.,.
        තෝ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා අපේ සල්ලි වලින් කොටුපැනලා, අපේ සල්ලි වලින් කැඩිච්ච කකුල හදාගත්ත එකා කියන කතා විශ්වාස කරන්නට කියලද, ඌට සපෝට් කරන රවි කුමුදේශ්, සමන් රත්නප්‍රිය වැනි වලත්තයින් ගේ කතා ඇත්ත කියල ද ?

        • Guillotine says:

          කුලියට ලැට් වලක් හරන එකෙක් නේද මේ. මෙතන තියෙන්නේ සමස්තය ගැන කරන විවේචනයක්.තොපි ජෙප්පො පෙරැට්ටෝ රැට්ටො කරන්නෙ සිස්ටම් එකේ සුදු හුණු ගාලා සිස්ටම් එක ගෙනියන්න කාලෙන් කාලෙට පත් වෙන මැනේජර්ලාව විවේචනය කරන එක විතරයි.
          තොපි තමයි සුද්දා හදපු මේ සිස්ටම් එක රකින මුර බල්ලො.

          • GONA Ruwan says:

            බත් බැලයා
            හිතන්ටවත් මොලයක් නැති හරකා.

    • ගරසරප says:

      අනිවාර්යයෙන් . මේ සීන් එකම තමා බී ඕ අය් එකෙත් උනේ. හොරකරන්න බැරි වෙන්න සිස්ටම් එකක් දැම්මම උන් වැඩ පරක්කු කලා. බැසිල එක්ක සෙට් වෙලා අලුත් කොල්ලො ටික ගෙදර ඇරියා. ලංකාවේ රාජ්‍ය සේවය කියන්නෙ මුඩුක්කු මාපියාවක්.

      • GONA Ruwan says:

        කුලියට කොමෙන්ට් කොටන එවුන්ටත් රට ගැන හිතලා වැඩ කරන්න කාලෙ හරි.,.
        තෝ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා අපේ සල්ලි වලින් කොටුපැනලා, අපේ සල්ලි වලින් කැඩිච්ච කකුල හදාගත්ත එකා කියන කතා විශ්වාස කරන්නට කියලද, ඌට සපෝට් කරන රවි කුමුදේශ්, සමන් රත්නප්‍රිය වැනි වලත්තයින් ගේ කතා ඇත්ත කියල ද

    • ක්‍රිමිනල් says:

      උඹ කොයි හීනෙන් ද නැගිට්ටේ ..
      අර තක්කඩි දේශපාලුවෝ ව ද මේ බේරන්න යන්නේ.

      • කට පුංචා says:

        පිස්සු අන්දකයිප්පුවා ඉස්සෙල්ලා දාලා තියෙන කමෙන්ට් එක හරියට කියවලා හරය අවබෝධකරගනින්..
        විදුලි බිල වැඩි කරනවනම් බිල නොගෙවා ඉන්න කියලා ජනතාවට කියන්න හෝ බිල නොගෙවා ඉන්න හරි කොන්දක් නැති පො😏නයෝ තොපි.. හරියට වෙලාවට බිල් ගෙව ගෙවා බැරියර් උඩින් මල් දීදී අරගල කරන්න බෑ පොන්😏යෝ.
        අඩු ගානේ ඉන්දියන් නිදහස් අරගලය කියවලා Civil Disobedience කියන්නේ මොකක්ද කියලවත් ඉගෙන ගනින් පොන්න Hපුතෝ.

        • GONA Ruwan says:

          මුන්ට කමෙන්ට් කොටලා වැඩක් නෑ ..
          කුලියට කොටනවා කියලා හොඳටම පේන්ට තියෙනවා

          • Traffic OIC says:

            අයියෝ මාර නෙලිල්ලක්.. GONA Ruwange ගොනා කානුවටම වැටෙන්න නෙලුවා

    • kk says:

      ඔබ කියන කතාව හරි. දේශපාලකයෝ කරන විනාශයට වැඩිය රාජ්‍ය සේවකයෝ විනාශයක් මෙරටට කරනවා. නමුත් රාජ්‍ය සේවකයන්ට පහර ගහන්න දේශපාලකයෝ උත්සහ කරන්නේ නැහැ. එකෙන් උන්ට වැඩක් නොව අවැඩක් වන නිසා. හැබැයි කුමක් හෝ පවතින ආණ්ඩුවට මද පිට මද ගැසීමෙන් අනෙක් පක්ෂවලට ලොකු වාසියක් වෙනවා. ඒ නිසා දේශපාලකයෝ මයික් ඉස්සරහ ඇත්ත ප්‍රශ්නය සඟවා අනෙක් පක්ෂ වලට පහර ගැසීම පමණක් කරනවා. අපේ මෝඩ මිනිස්සුත් ඒවාට රැවටෙනවා. අපේ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් එකෙන්වත් තොරතුරු හොයලා තමා විසින්ම විශ්ලේෂණය කිරීමේ හැකියාවක් නැහැ. තමා හරියයි සිතා සිටින දේශපාලන නායකයා කියන දේ අසා එය නිවැරදි යයි ඉහ මුදුනින් පිළිගනිම පමණක් කරයි. අඩු වශයෙන්, මේ ඩොලර් ප්‍රශ්නයට ඇත්තම හේතුව කුමක්ද කියාවත් නොදන්නා අය 90% පමණ සිටින බව Youtube කොමෙන්ට් වලින් තේරෙනවා.

  2. ආමි රංජිත් says:

    ඔයා හමුදාවෙ ඉඳිද්දි වැඩ කරපු හැටි අපි දන්නවා ශවේන්දගේ පස්ස ලෙව කාපු එක තමයි කරේ. දැන් මෙතන බොරුවට සුදන වෙන්න හදනවා…පහල මට්ටමේ හමුදා සෙබළුන්ට ඔයා තග දාපු හැටි, දුක් දුන්න හැටි මුල ඉඳන් මතක් කරලා දෙන්න ද

  3. උපාසක says:

    ඔච්චර හොඳට ඉගෙන ගෙන තියෙන එකේ කැනඩාව , ඕස්ට්‍රේලියාව වගේ රටකට නොයා මෙහෙ පවු ගෙවනවා.. ඉහලට ඉගෙන ගත්තට මොලේ කළඳක් නෑ..

    • GONA Ruwan says:

      ..මුන්ට කමෙන්ට් කොටලා වැඩක් නෑ ..

      කුලියට කොටනවා කියලා හොඳටම පේන්ට තියෙනවා.

    • klon says:

      උබගෙ මට්ටමේ ගෙයක් දොරක් නැති සමාජයේ පිළිගැනීමක් නැති එකෙක් පිට රට ගිහිල්ල වැසිකිලියක් සෝදලා ගෙයක් දොරක් ගන්න සිහින දෙක්කට හැමොම්ටම ඒවගේ අවශ්‍යතාවක් නෑ

    • අජිත් says:

      මචන් උඹ පිට රටවල හැටි හරියාකාරව නොදන්නවා විය හැක. කොයි දියුණු රටේ වුනත් ආසියාවේ, අප්‍රිකාවේ ඉඳන් ආපු උන් දිහා බලන්නේ වපරේට. සල්ලි නැතව උන් ළඟ වැඩකාරකමට ඇවිත් කියන විදිහටයි බලන්නේ. හිපියො වගේ තැන්තැන් වල ජිවත්වෙනවට වඩා ලංකාවේ ඉන්න එක සැපයි (මේ ඩොලර් ප්‍රශ්නේ ඉවර වුනාම).

  4. data delete says:

    මේ අය හිටපු කාලේ ඖෂධ මිලදී ගැනීම් වලින් ගහපු ගැහිලි අළුත් ආණ්ඩුවෙන් අදියි කියලා බය වෙලා තමයි මේ කෑ ගහන්නේ

  5. යමයා says:

    ඇතිතටම මබෑවිලා යන්න ඕනේ රවි කුමුදෙශ් පිරිමි නර්ස් ඇතුලු කාලා කල්ලියයි.

    • ඤාණක්කා says:

      ඇයි වසන්ත සමරසිංහ හෙවත් බොම්බේ looking කල්කටා.. ඇඟිලි කොටා, පුංචි අම්මගේ බඩඋඩ ගෙම්බා? උනුත් හැඳි ගෑවිලා යන්න ඕනේ.

      • GONA Ruwan says:

        මුන්ට කමෙන්ට් කොටලා වැඩක් නෑ ..
        කුලියට කොටනවා කියලා හොඳටම පේන්ට තියෙනවා

        • Traffic OIC says:

          අයියෝ මාර නෙලිල්ලක්..ගොනා කානුවටම වැටෙන්න GONA Ruwanට නෙලුවා නේ අනුන්ගේ මගුල් වලට කට දාන්න ගියාට

      • GONA Ruwan says:

        මුන්ට කමෙන්ට් කොටලා වැඩක් නෑ ….
        .කුලියට කොටනවා කියලා හොඳටම පේන්ට තියෙනවා.

  6. GONA Ruwan says:

    කුලියට කොමෙන්ට් කොටන එවුන්ටත් රට ගැන හිතලා වැඩ කරන්න කාලෙ හරි.,.
    තෝ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා අපේ සල්ලි වලින් කොටුපැනලා, අපේ සල්ලි වලින් කැඩිච්ච කකුල හදාගත්ත එකා කියන කතා විශ්වාස කරන්නට කියලද, ඌට සපෝට් කරන රවි කුමුදේශ්, සමන් රත්නප්‍රිය වැනි වලත්තයින් ගේ කතා ඇත්ත කියල ද, මේ බය නැතුව සිංහනාද කරන මේ මහත්මයාගේ කථාව අහන්ට කියලද ?
    පොඩි පඩියකට රටට කෙළ වන්ට බලාගෙන ඉන්න උඹලටත් කලදී පලදෙයි ලගදිම !
    ඖෂධ මාෆියාවට සහ දේශපාලුවන්ට පිස්සු හැදිලා හොරකම් කරන්නට නැතිව !

  7. නූගත් ගොබ්බයන්ට අගබමුල තේරෙන්නෙ නැත says:

    ෙඔෂධ ආධිකාරය අපට කල් තියා මේ ප්‍රශ්නය කිව්වා. නූගත් ගොබ්බයන්ට වෛද්‍යවරයෙක් කරන කැපවීමට ගරු කරන්න දන්නෙ නෑ. රාජ්‍ය සේවයේ හැම වැරැද්දක්ම නිලධාරීන් හා සේවකයන් මත දාලා දේශපාලකයන් හා ඇම්බැට්ට නූගත් හොර නඩේ සුද්ද වෙනවා. නිලධාරීන් වැරදි නම් කොතනද වැරැද්ද කියලා විභාග කොට බලනවා මිසක් ඔක්කොම වෛද්‍යවරුන්ට බනින එක වැරදියි. පොහොට්ටු දේශපාලකයො වැඩිමනත් රජ ගොන්නු බව මෙතන තියන කමෙන්ට්වලිනුත් වැටහෙනවා. වෛද්‍යවරු ගෝඪා පත් කරන්න පුදුම විදියට කඩේ ගියා. එයාලටත් හෙන හතම වැදුනා පොහොට්ටුවෙන්. යහපත් විදියට කැප වීමෙන් වැඩ කරන වෛද්‍යවරුන්ට අපේ කණගාටුව.

  8. On the spot says:

    පාර්ලිමේන්තු බත් කෑමට හා තීරු බදු රහිත වාහනයක් ලබා ගැන්මට සතියක් මන්ත්‍රීකම හෙබවූ රනිල් වික්‍රමසිංගේ සුවච කීකරු සමන්ප්‍රිය හා රාජිතගේ සුවච කීකරු කුමුදේශ්ගේ කුමන්ත්‍රණයට නිභයව මුහුණ දී ධූරයෙන් ඉල්ලා අස්වූ වෛද්‍ය සවීන් සේමගේ මහතාට අපේ ප්‍රණාමය​.රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ග්‍රහණයට හසුව කර කියා ගත හැකි දෙයක් නොමැතිව අසරණ වූ සෞඛ්‍ය ඇමති කෙහෙළිය පිළිබඳ අපේ බලවත් කණගාටුව​.ඉන්විසිබල් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සුවපතිගේ බල පරාක්‍රමය පිළිබඳ අපේ විශ්මය​.හැට නම ලක්‍ෂයේ ජන වරම නැවතත් අදෘෂ්‍යමාන බලවේග අතට​.අරගලයේ අතුරු පල​???

Main News