ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කළාපයක්..
November 27, 2017 at 2:06 am | lanka C news
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කළාපයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ලබන ජනවාරි මාසයේ දී කර්මාන්ත ශාලා කළාපය ආරම්භ කිරීමට නියමිතය.
කළුතර වැලිපැන්න ප්‍රදේශයේ එම කර්මාන්ත ශාලා කළාපය ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
ඒ සදහා ඉඩම් හදුනාගෙන ඇති අතර ඉදිරියේ දී එම ඉඩම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින්ට ලබාදෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය.
මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ප්‍රාර්ථනා අපි එකිනෙක ඉටු කරනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මුල අඩු කලා.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළීවෙල ද ආරම්භ කර තිබෙනවා. වසර 2020 වනවිට සියලුම ඖෂධ ලංකාවේ නිපදවීමටයි මගේ බලාපොරාත්තුව.
මේ වන විට දෙස් විදෙස් ඖෂධ සමාගම් 38 ක් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
ඉන් ඖෂධ සමාගම් දෙකක් තම කර්මාන්ත ශාලා මෙරට ස්ථාපිත කර අවසන්. ඒ මහනුවර සහ හොරණ ප්‍රදේශ වලයි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හරහා එම ඖෂධ මිල දී ගැනීමේ වැඩපිළීවෙලක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
– ප්‍රසන්න අධිකාරි
SPMC ගමනක අවසානය.