ඖෂධ නීතිගත සංස්ථාව කල් ඉකුත්වීමට ආසන්න ඖෂධ වර්ග 53ක් ගෙන්වලා..?

April 2, 2017 at 8:02 am | lanka C news
ඖෂධ නීතිගත සංස්ථාව කල් ඉකුත්වීමට ආසන්න ඖෂධ වර්ග 53ක් ගෙන්වලා..?

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කර ඇති ඖෂධ වර්ග 53 ක් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත්වන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව එම සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා පවසයි.

බොහෝ ඖෂධ වල ජීව කාලය වසර 02 ක් පමණ වෙයි. ඇතැම් නික්ෂේපන වර්ග, නාසයට උරන ඖෂධවල ආයු කාලය මාස 12 සිට 18 පමණ වෙයි. මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කල් ඉකුත් වන්නේ එක් ඖෂධයක් පමණි. එය නික්ෂේපන වර්ගයක් වන අතර පිළිකා රෝගයට ගන්නා ඖෂධයකි. මෙවන් ඖෂධවල ඉල්ලුම ගැන සැළසුම් කිරීම අපහසුය. නමුත් අප සංස්ථාවෙි යුතුකම වන්නේ මෙවැනි ඖෂධවල තොඟ අඛණ්ඩව තබා ගැනීමයි. එසේම අනෙකුත් ඖෂධවල කල් ඉකුත්වීමෙි දිනයක් තිබුන ද එවා විකිණෙමින් පවතී.

ඖෂධ වර්ග 48 ක මිල පාලනය කරන ලද අවස්ථාවට මුහුණදීමට හිඟයකින් තොරව ඖෂධ තොග පවත්වාගැනීමට අප සංස්ථාවට සිදු විය. මෙහිදී ඖෂධ සාමාන්‍ය සැළසුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඖෂධ තොග තබාගැනීමට සිදු වූ බව ද කිව යුතුය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාගේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ සංස්ථාව වාර්ෂිකව මිලියන 6000 ක පමණ ඖෂධ ගෙන්වා රාජ්‍ය ඔසුසල හරහා මෙන්ම දිවයින පුරා බලයලත් ඛෙදාහරින්නන් වරලත් ඔසුසල හරහා උසස් තත්ත්වයේ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ඛෙදාහරින ආයතනයයි. අපගේ යුතුකම සියළු අත්‍යාවශ්‍ය ඖෂධ තොග අවශ්‍ය පමණ තබාගෙන මෙි කර්තව්‍යය අසරණ රෝගීන්ට අතපසුවීමකින් තොරව ඉටු කිරිමයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

17 views
Main News