ඖෂධ මාෆියාවට සම්බන්ධ සමාගම්වල අවවාද අනුශාසනා මට ඕන නෑ.. – රාජිත

February 22, 2017 at 8:02 am | lanka C news
ඖෂධ මාෆියාවට සම්බන්ධ සමාගම්වල අවවාද අනුශාසනා මට  ඕන නෑ.. – රාජිත

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් පිළිකා ඖෂධ ආනයන සමාගමක් පිළිබදව තොරතුරු හෙළි කරන ලද්දේ සියළුම සාක්ෂි පදනම් කරගෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව ප්‍රකාශ කරමින් “ඔමැක්ස් හෙල්ත් කෙයාර් (පුද්) සමාගම” විසින් මාධ්‍යයට නිකුත් කළ නිෙවිදනය පිළිබද අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කරන ලදි.

“මෙම ඖෂධ ආනයන සමාගම විසින් සිදුකර ඇති විෂමාචාර ක්‍රියා පිළිබද තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාගෙන තිඛෙනවා. එහි සදහන් තොරතුරුවලට අනුව සහ ලැබී ඇති තවත් පැමිණිලි පදනම් කර ගනිමින් ඖෂධ මාෆියාෙවි තොරතුරු හෙළි කිරීමට මම සුදානම්න් සිටිමි. තව ද එම මාෆියාවට සම්බන්ධව සිටින සාමාගමක අවවාද අනුශාසනා මා හට අවශ්‍ය නොවෙි. ඖෂධ මාෆියාවට එරෙහිව සටන් වැදීමට මා තීරණය කළේ ඔිනෑම අභියෝගයකට මුහුණ දීමෙි අරමුණිනි. මෙවැනි සාමාගම්වල මාධ්‍ය නිවෙිදන මෙතෙක් ප්‍රමාද වුයේ ඇයි ද යන්න මට ඇති ප්‍රශ්ණයයි. ජනතාවගේ සුබසෙත වෙනුවෙන් කරුණු රට හමුවෙි ඉදිරිපත් කිරිමට මා පසුබට නොවෙමි. මෙම සමාගම පිළිබද මාධ්‍ය හමුවක දී මම කරුණු ඉදිරිපත් කළේ සියළුම සාක්ෂි සහිත ලිපි ලබාගැනීමෙන් අනතුරුවයි.

මෙම සමාගම විසින් අපේක්ෂා රෝහලේ සිදුකර ඇති පිළිකා ඖෂධ පිළිබද විෂමාචාර ක්‍රියා සිද්ධීන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුව තවදුරටත් විමර්ශණ සිදු කරයි. මෙම ඖෂධ මාෆියාවට සම්බන්ධ සමාගම පිළිබදව හා විෂමාචාර සිද්ධීන් පිළිබද තොරතුරු ඇතුළත් දිර්ඝ වාර්තාවක් ඉදිරියේ දී සියළුම මාධ්‍ය ආයතනවලට නිකුත් කිරීමට ද මම බලාපොරොත්තු වනවා” යනුවෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views
Main News