ඖෂධ මිල අඩු කරන්න ශ‍්‍රී ලංකා ඖෂධ වාණිජ මණ්ඩලයේ පූර්ණ සහාය..

October 21, 2016 at 2:11 am | lanka C news
ඖෂධ මිල අඩු කරන්න ශ‍්‍රී ලංකා ඖෂධ වාණිජ මණ්ඩලයේ පූර්ණ සහාය..

අද(21) මධ්‍යම රාත‍්‍රීයේ සිට ක‍්‍රීයාත්මක කිරීමට නියමිත ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි වැඩපිළිවෙලට පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ‍්‍රී ලංකා ඖෂධ වාණිජ මණ්ඩලය පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ඖෂධ වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ රැස්වීමක දී මෙම අදහස් පළ කෙරිනි.

එහිදී රෝගී ජනතාව වෙනුවෙන් ඖෂධ මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීරණය ශ‍්‍රී ලංකා ඖෂධ වාණිජ මණ්ඩලය ඇගයීමට ලක් කරන ලදි. ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ඖෂධ වර්ගවල මිල අඩු කිරීම සදහා දීර්ඝ කාලීන විසදුමක් සාකචිඡ මාර්ගයෙන් ක‍්‍රියාත්මක කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරිනි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකචිඡ කර එම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන ලෙසයි. ශ‍්‍රී ලංකා ඖෂධ වාණිජ මණ්ඩලය මතු කළ ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී විසදුම් ලබාදෙන ලදි.

ෙමි අතර ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි ගැසට් පත‍්‍රය අද (21) දින ප‍්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සුදානමින් සිටි. එම ගැසට් පත‍්‍රයට නීති කෙටුම්පත් දෙපාර්තෙමින්තුෙවි අනුමැතිය හිමිවී ඇති අතර, එය ඊයේ දින (20) ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබී තිබුනි.

– නිපුන් ඒකනායක

4 views
Main News