ඖෂධ මිල අඩු කිරීමෙන් බිලියන 06 ක වෙළෙද ලාභයක්

December 12, 2016 at 2:02 am | lanka C news
ඖෂධ මිල අඩු කිරීමෙන් බිලියන 06 ක වෙළෙද ලාභයක්

2019 වසර වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමෙි වැඩපිළිවෙලට සමගාමීව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ගිවිසුම්වලට එළඹ සිටින ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගියදා නිරික්ෂණය කරන ලදි.

ඒ අනුව හොරණ මිල්ලෑෙවි පිහිටි Navesta කර්මාන්ත ශාලාවත්, හොරණ තල්ගහවිල පාරේ පිහිටි Stregen කර්මාන්ත ශාලාවත් නිරීක්ෂණ කළ අතර, හොරණ මිල්ලෑෙවි පිහිටි Navesta කර්මාන්ත ශාලාෙවි නිෂ්පාදන කටයුතු ලබන වසරේ මැයි මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය. මෙම කර්මාන්ත ශාලාෙවි එන්නත් නිෂ්පාදනය කෙරේ. එමෙන්ම Stregen කර්මාන්ත ශාලාව තුලින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 10 ක් නිෂ්පාදනය කිරීමට නියමිතය. තවද එම කර්මාන්ත ශාලාව මුහුණ දී ඇති ගැටළු ද මෙහිදී සාකචිඡා කෙරුනි.

මෙහිදී ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදු කරන ව්‍යාපෘති සදහා මතුව ඇති ගැටළු පිළිබදව ද සාකචිඡා කෙරුණ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් සදහන් කළේ 2018 වසර වන විට කර්මාන්ත ශාලා 10 ක් මෙරට ඖෂධ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බවයි. එම කර්මාන්ත ශාලා මුහුණ දී ඇති ගැටළු පිළිබදව මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ පළාත් පාලන අමාත්‍යාංශය ඒකාබද්ධ කර සාකචිඡාවක් පවත්වන බව ද අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

රජයේ නව ඖෂධ ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා සමාගම් 22 ක් ගිවිසුම් අත්සන් කර තිඛෙනවා. මගේ ඉළක්කය 2019 වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමටයි. එමගින් විදේශයට ඇදී යන මුදල් ඉතිරි කර ගැනීමට හැකි වෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් රුපියල් බිලියන 06 ක වෙළෙද ලාභයක් ලබා ගැනීමට මට හැකි වුනා. ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමෙන් ඊට වඩා මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වෙනවා. අතිරික්ත නිෂ්පාදන විදේශිය වෙළෙදපොලට අපනයනය කිරීමට ද කර්මාන්ත ශාලා හිමියන්ට අවස්ථාව උදා වී තිඛෙනවා. එමගින් වෙළෙදපොල ප්‍රසාරණය කිරීමට හැකියාව ලැඛෙනවා. දකුණු ආසියාවෙි ඖෂධ නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමටයි අපි සැළසුම් කර තිඛෙන්නේ.”

– නිපුන් ඒකනායක

0 views
Main News