ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට පුර්ණ සහාය දෙනවා.. – ඖෂධ වෙළෙඳ සංගම්

October 26, 2016 at 2:02 am | lanka C news
ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට පුර්ණ සහාය දෙනවා.. – ඖෂධ වෙළෙඳ සංගම්

ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි වැඩපිළිවෙලට පුර්ණ සහයෝගය ලබාදෙන බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධහල් හිමියන්ගේ සංගමය හා ශ‍්‍රී ලංකා ඖෂධ වෙළෙඳ සංගමය පවසයි.

මිල අඩු කිරීෙමි ගැසට් පත‍්‍රය නිකුත් කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකචිඡුාවක දි එම සංගම්වල නිලධාරී මණ්ඩලය ෙමි බව ප‍්‍රකාශ කළහ.

නව මිලට අනුව ඖෂධ අලෙවි කිරීමට තමන් සුදානම් බවත් ඖෂධ ආනයන සමාගම් මෙතෙක් තමන් සතුව ඇති ඖෂධ තොග යළි පවරා ගෙන නව මිලට ඖෂධ තොග නිකුත් කර නොමැති බව එම නිලධාරී මණ්ඩලය මෙහිදී පෙන්වා දුන්හ. ඊට ප‍්‍රතිචාර දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ප‍්‍රකාශ කළේ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම ගැටලුව පිළිබදව ඖෂධ ආනයන සමාගම් සමග සාකචිඡුා කරන බවයි. ඖෂධ සමාගම් ද මෙම වැඩපිළිවෙලට දායක කර ගත යුතු බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ හල් හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියහ.

ෙමි අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල් මගින් අද දින 24 පෙරවරුෙවි සිට අඩු කළ මිලට ඖෂධ අලෙවි කරන බව එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා ප‍්‍රකාශ කළේය. දිවයින පුරා පිහිටි ඔසුසැල් 32 ක මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මකය. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය සිකුරාදා ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි ගැසට් පත‍්‍රය නිකුත් කරන ලදි. එම ගැසට් පත‍්‍රයට අනුව ගුණාත්මකභවින් යුත් ඖෂධ අලෙවි කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ෙමි වනවිට පියවර ගෙන ඇත.

– නිපුන් ඒකනායක

6 views
Main News