ඖෂධ මිල අසාමාන්‍ය ලෙස ඉහලට…

August 17, 2022 at 8:02 am | lanka C news
ඖෂධ මිල අසාමාන්‍ය ලෙස ඉහලට…

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

****

පවතින ඖෂධ අර්බුදය පිළිබඳ වාර්තා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තාක්ෂණික කමිටුවක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව විධායක සභාව මීට මාස 2 කට ප්‍රථම රාජකාරි ආරම්භ කළ මොහොතේ අප හඳුනාගත් සෞඛ්‍ය පද්ධතියට බලපාන ප්‍රධාන අභියෝග 2 ක් විය.

1. ඖෂධ හිඟය හා ඖෂධ මිල ඉහළ යාම.

2. ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන දුෂ්කරතා හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට ඇති වූ දුෂ්කරතා.

මේ අතරින් ඖෂධ හිඟය හා අසාමාන්‍ය ලෙස ඖෂධ මිල ඉහළ යාම හරහා උද්ගත වු අර්බුදය විටින් විට ඉතා දරුණු ලෙස හිස ඔසවමින් මේ දක්වාම ස්ථිර විසදුමකින් තොරව අඛණ්ඩව සමස්ථ සෞඛ්‍ය පද්ධතියේ පැවැත්මට දැවැන්ත අභියෝගයක් වී හමාරය.

මෑතකදි නිකුත් වූ විගණකාධිපති වාර්තා හරහා මෙන්ම පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේදිද හෙලිදරව් වූ පරිදි පවතින දැඩි ඖෂධ හිඟය සඳහා හේතු ගණනාවක් බලපා ඇති බව පැහැදිලිය.

1. ඖෂධ සැපයිමේ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශව අතර සම්බන්ධිකරණයක් නොමැති වීම.

2. තොග කළමණාකරණයට අදාල පරිඝණක පද්ධතිය දුර්වල ලෙස නඩත්තු වීම.

3. නිතිපතා සිදුවිය යුතු අධීක්ෂණ කටයුතු වල දුර්වලතා.

4. මිලදි ගැනිම් සම්බන්ධයෙන් වන නිශ්චිත කාල රාමුවට අනුගත නොවීම.

5. ඖෂධ තොග බෙදාහැරීමේ ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාවය.

6. ඖෂධ සැපයුම්කරුවන් වෙත මීට පෙර සිදු කළ සැපයුම් සඳහා ගෙවීම් නොකිරීම නිසා මතු වූ ගැටලු.

7. ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය තුල මතු වූ ජාත්‍යන්තර සාධක.

8. සමස්ථ ක්‍රියාවලිය තුල දිගින් දිගටම පැවති අක්‍රමිකතා හා දුෂිත ගණුදෙනු.

මෙම සියල්ලේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ තම ජිවිත රැක ගැනීම සඳහා රෝහලට පැමිණෙන අසරණ ‍රෝගියාගේ ජිවත් විමේ අයිතිය අවදානමට ලක් වීමයි.

රෝහල තුල ඖෂධ නොමැති වීට එම ඖෂධ බාහිරින් මිලදි ගැනීමට රෝගියාට සිදු වන අතර මේ වන විට ඖෂධ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම තුල රෝගියා කබලෙන් ලිපට ඇද දමා ඇත.

ඒ අනුව මිල පාලනයක් ඇති කර ඒ සඳහා යම් සහනයක් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව අවධාරණය කරමු.

දිවයින පුරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් මඟින් මේ වන විට පවතින ඖෂධ හිඟය හා මිල ඉහළ යාම නිසා ඇති වු අභියෝග පිළිබඳ කරුණු දැක්වීම් රාශියක් අප වෙත ඉදිරිපත්ව ඇත.

පවතින අසතුටුදායක හා අර්බුදකාරී තත්ත්වය නිවැරදි කිරීමට කඩිනමින් මැදිහත් වීම බලධාරීන් සතු අත්හල නොහැකි වගකීමකි.

පවතින තත්ත්වය පිළිබඳ නිරවද්‍ය තොරතුරු වාර්තා කිරීමත්, අර්බුදකාරී තත්ත්වය නිවැරදි කිරීමත් සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් මේ වන විට තාක්ෂණික කමිටුවක් පත් කර ඇති අතර එහි වාර්තාව මෙම සතිය අවසාන වන විට ලබා දීමට නියමිතය.

ඒ අනුව පවතින අභියෝගාත්මක තත්ත්වයේ සැබෑ පසුබිමත්, ඒ සඳහා බලධාරීන් දක්වන නිද්‍රාශීලි ප්‍රතිපත්තියත් ඉදිරි කාලය තුලදී රට හමුවේ නිරාවරණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස කිසිසේත්ම පසුබට නොවන බව දැඩිව අවධාරණය කරමු.

14,474 views

6 Comments to “ඖෂධ මිල අසාමාන්‍ය ලෙස ඉහලට…”

  1. මීට අමතරව පුද්ගලික චැනලින් ගාස්තුත් අසාම්නය ලෙස වැඩි කර ඇත . ඒ සම්බන්දවද කතා කරන්න.

    • Dinesh says:

      ඔව්. අපි ඔක්කොම එකතු වෙලා මුන්ට මතක හිටින හොඳ පාඩමක් උගන්නමු. ගණන් වැඩි නිසා බිස්කට් ගන්න එක නැවැත්තුවා වගේ, ගල් වෙනකල්ම සිමෙන්ති නොගෙන හිටියා වගේම අපි මුන්ගේ චැනල් වලට යන එකත් සම්පූර්ණයෙන්ම නවත්තමු. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගිහින් කලින් දවසේ රෑ ඉඳලාම පෝලිමේ ඉඳගෙන, ඉස්පිරිතාලේ බිම නිදාගෙන ඉඳලා හරි කමක් නැහැ මුන්ගේ සේවය අපි නොමිලේම ලබා ගමු. එතකොට මුන් චැනල් වල ගණන් බස්සයි රුපියල් 50ටම.

  2. Nilame says:

    Kisimawedak nokala / nokarana hotel penalath ape salliwalin beheth. Gatta pawkara KALAKANNI emathiya elawamu munta sapawewa

  3. Indika says:

    දොස්තර මහත්තුරුන්ගෙ චැනලින් ගාස්තුවත් candling වැඩි කරලනේ තියෙන්නේ ඇයි බොල ඒ ගැන කතා කරන්නේ නැත්තේ ඒක ජනතාවට සහනයක් ද?

    • Dinesh says:

      ඔව්. අපි ඔක්කොම එකතු වෙලා මුන්ට මතක හිටින හොඳ පාඩමක් උගන්නමු. ගණන් වැඩි නිසා බිස්කට් ගන්න එක නැවැත්තුවා වගේ, ගල් වෙනකල්ම සිමෙන්ති නොගෙන හිටියා වගේම අපි මුන්ගේ චැනල් වලට යන එකත් සම්පූර්ණයෙන්ම නවත්තමු. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගිහින් කලින් දවසේ රෑ ඉඳලාම පෝලිමේ ඉඳගෙන, ඉස්පිරිතාලේ බිම නිදාගෙන ඉඳලා හරි කමක් නැහැ මුන්ගේ සේවය අපි නොමිලේම ලබා ගමු. එතකොට මුන් චැනල් වල ගණන් බස්සයි රුපියල් 50ටම.

  4. assanga says:

    Why not you GMOA advertise do not buy high cost from private entities just like former president PADADADENIYA announced that SUWASERIYA AMBULANCE patients will not be treated at the hospitals.
    ARAGALA KARUWAN GINITHEBIYA YUTTHE ME KALAKANI DISTARALAGE GEWAL

Main News