ඖෂධ මිල පාලනයට විරුද්ධ වූ සමාගමක් යලි එකග වෙයි..

November 11, 2016 at 2:03 am | lanka C news
ඖෂධ මිල පාලනයට විරුද්ධ වූ සමාගමක් යලි එකග වෙයි..

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පාලනය කි‍්‍රයාත්මක කිරීෙමි දී අනුකූලතාවයක් නොදැක් වූ සමාගම් මේ වනවිට ඊට සහයෝගය ලබාදෙන දෙන බව පවසා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව ලිපි යොමු කර ඇත.

විශේෂයෙන්ම පැරසිටමෝල් වර්ගයක් අලෙවි කරන සමාගමක් මෙලෙස සිය ස්ථාවරය වෙනස් කරමින් මිල පාලන වැඩපිළිවෙලට සහයෝගය දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට ලිපියක් යොමු කර ඇත. මෙම සමාගෙමි නියෝජිතයින් ඖෂධ මිල පාලනය ක‍්‍රියාත්මක කළ දින යුරෝපිය රටවල් 04 ක තානාපතිවරු සමග පැමිණ මිල පාලනයට විරුද්ධත්වය පළ කළ බව සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්ෂණික මහජන පැමිණිලි ඒකකයක් ස්ථාපිත කොට ආහාර සහ ඖෂධ පරික්ෂකවරු මගින් ඖෂධ අලෙවිසැල් වැටලීෙමි වැඩපිළිවෙලක් ද දියත් කරන ලදි. එම නිසා මිල පාලන ක‍්‍රමෙවිදයට අනුකූලව කටයුතු කිරීම සතුටට කරුණක් බවත්, රෝගී ජනතාව දෙස බලා අනෙකුත් සාමාගම් ද මෙම වැඩපිළීවෙල දායක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

කිසිදු ඖෂධ සමාගමක් වසා දැමීෙමි අරමුණින් ඖෂධ ප‍්‍රතිපත්තිය සහ මිල පාලනය ක‍්‍රියාත්මක නොකරන බව පවසන සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ හිඟයක් මතු කළහොත් ඊට මුහුණදීමට ද සුදානම් බව ප‍්‍රකාශ කරයි. සේනක බිබිලේ ප‍්‍රතිපත්තියට අනුව යමින් මිල අධික ඖෂධ වර්ගවල මිල පාලනය කිරිම සිය මිීලග අරමුණ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

– නිපුන් ඒකනායක

6 views
Main News