ඖෂධ මිල පාලනය ක‍්‍රියාත්මක නොකිරීම පිළිබද පැමිණිලි 180 ක්….

November 19, 2016 at 2:04 am | lanka C news
ඖෂධ මිල පාලනය ක‍්‍රියාත්මක නොකිරීම පිළිබද පැමිණිලි 180 ක්….

ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරන ලද අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පාලනය ක‍්‍රියාත්මක නොකරන ඖෂධ අලෙවිසැල් පිළිබද පැමිණිලි 180 ක් ෙමි වනවිට ලැබි ඇත.

එම සියළුම පැමිණිලි 011-3071073 සහ 011-3092269 යන දුරකථන අංක වලට සහ 011-2686113 යන ෆැක්ස් අංකයට යොමු කිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාකර දෙමින් පසුගිය සිකුරාදා (04) සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ ඒකකයක් ස්ථාපිත කරන ලදි. උදෑසන 8.00 සිට රාත‍්‍රි 08 දක්වා ක‍්‍රියාත්මක මෙම ඒකකයට ෙමි වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 180 කි. ඖෂධ ලබානොදීම, මිල අඩුකර නොතිබීම, ඖෂධ සඟවාගෙන තිබීම වැනි චෝදනා යටතේ ජනතාව පැමිණිලි ඉදිරිපත් කර ඇත. ලැබුනු පැමිණිලි මත ආහාර සහ ඖෂධ පරික්ෂකවරුන් මගින් වැටලීම් සිදුකර අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන තිෙබි.
එමෙන්ම ෙමි වනවිට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි අවම වී ඇති අතර, ඊයේ දිනය වන විට පැමිණිලි 04 ක් පමණක් ලැබී ඇති බව ද වාර්තා ෙවි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙලට අනුව නියම කළ මිලට ඖෂධ ලබානොදෙන ඖෂධ අලෙවිසැල් පිළිබදව සෑම දිනකම සෞඛ්‍ය අමාත්‍යවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ෙවි. එමෙන්ම ඖෂධ සමාගම් විසින් ශ‍්‍රී ලංකාවට ආනයනය කර ඇති ඖෂධ තොග සඟවාගෙන ඇත්නම් ඒ පිළිබදව ද සොයා බැලීෙමි විමර්ශණ ද ක‍්‍රියාත්මක අතර, ඒ අනුව සියළුම ගබඩා පරීක්ෂා කිරීම් සිදු කෙරේ.

දෙවන අදියර යටතේ මිල අධික ඖෂධ වර්ගවල මිල ගණන් අඩු කිරීමට නියමිතය. රෝගීන්ට ගැටළුවක් නොවන අයුරින් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාම සදහා රජයේ රෝහල්වල සහ ඖෂධ සැපයුම් අංශයේ මාස 03 කට ප‍්‍රමාණවත් ඖෂධ ගබඩා කර ඇත.

– නිපුන් ඒකනායක

20 views
Main News