ඖෂධ මිල වැඩි කලේ ඩොලරය නිසා..- රාජිත කියයි..

December 19, 2017 at 6:48 pm | lanka C news
ඖෂධ මිල වැඩි කලේ ඩොලරය නිසා..- රාජිත කියයි..

ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළෙදපොල තුල ඖෂධ මිල ඉහළයාම හේතුවෙන් ඖෂධ ආනයන කරුවන් පාඩු ලැබීම තුල සියයට 5 කින් ඖෂධ මිල වැඩි කිරිමට සිදු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඖෂධ ආනයනකරුවන්ගේ සහ ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය කළ ඉල්ලීමක් මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදු කළ අධ්‍යනයකින් පසු සියයට 05 කින් මිල වැඩි කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

එම ගැසට් නිවේදනයට අනුව මෙම මිල වැඩි කිරිම වසරක කාලයක් බල පැවැත්වෙන අතර, එම කාලය තුල දී ලෝක වෙළෙදපොලේ ඖෂධ මිල ඉහළ ගිය ද ශ්‍රී ලංකාව තුල ඖෂධ මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

තව ද අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම සිදු කරනු ලැබුයේ 2016 ඔක්තෝබර් මස 21 දායි. වසරකට අධික කාලයක් තුල ඖෂධ මිල අඩු කර තිබූ අතර, රෝගී ජනතාවට එමගින් විශාල සහනයක් ලැබුනි.

2017 දෙසැම්බර් මස 14 වන දින අංක 2049/31 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සිදු කර ඇති මෙම මිල වැඩි කිරිමට අදාල ඖෂධ වල මිල ගණන් වැඩිවන ආකාරය ද ගැසට් පත්‍රයේ සදහන් කර ඇත. උදාහරණයක් ලෙස මෙතෙක් කල් රුපියල් 1.30 ට අලෙවි කළ පැරසිටමෝල් පෙත්තක නව මිල රුපියල් 1 සත 37 ක් වෙයි.

නව ගැසට් පත්‍රෙය් මිල ගණන් වලට අනුව ඖෂධ අලෙවි කළ යුතු බවත්, එලෙස ඖෂධ අලෙවි නොකරන අලෙවිසැල් පිළිබදව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විමර්ශණයක් සහ වැටලීම් ද සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

රජය අඩු කළ ඖෂධ 48 ක මිල යළි වැඩි කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඊයේ (18) මාධ්‍යයට දැනුම් දී තිබුනි.

නමුත් මෙම ව්‍යාපාරය අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම සිදුකළ අවස්ථාවේ දී පාරිභෝගිකයින්ට ලැබුන ලාභය පිළිබදව මුනිවත රැකීම කණගාටුවට කරුණක් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

– ප‍්‍රසන්න අධිකාරී

6,908 Viewers

7 Comments to “ඖෂධ මිල වැඩි කලේ ඩොලරය නිසා..- රාජිත කියයි..”

  1. රටට හිතවත් says:

    ලෝක වෙළඳ පොළට සාපේක්ෂව බඩුවක මිළ තීරණය කරන්න හත්තිලව්වේ, ඕකට අමාත්‍යාංශයක් මොටද ඇමතියෙක් මොටද! මුං හොරු නෙවෙයි, කම්බ හොරු!!

  2. "හෑල්ලුව" says:

    විශ්‍රාම නොයන රැකියාවයි අපේ රටේ
    මේ හොරු හම්බ කරගයි හතර වටේ
    ජනපතිටත් පුටුව උරුම දෙවරයි රටේ
    එ් හැන්දෙන් බෙදනු මන්ත්‍රීටද මෙරටේ

    ….යන්නේ වාහනවල මුං ඒසී දාගෙනය
    ….දුගියා දූවිලිකයි බස්වලද හිට ගෙනය
    ….සෑර් කියපු ගමන් අත්සන සහතිකය
    ….ගමක් හැදිය හැකිය මුං ගන්නා පඩිය

  3. Mongel sajith putha says:

    Our hero Doc, Rajutha.jayawewa

  4. Niru says:

    Who brought down the rupee you idiot?

  5. Govia says:

    What is the Doller rate THEN and NOW.

  6. Jonaa'S Brother says:

    අනේ මෙහේම කයිවාරුවෙක්, කුණු දතා තවම ජීවත්වන හැටි, රජ වාසලේ අන්දරේ වගේ

  7. Kadiya says:

    ඩොලරය වැඩිවුණේ බැඳුම්කර හොරකම සහ යහපාලකයන්ගේ අදක්ෂ ආර්ථික කළමනාකරණය නිසා. තොපිට සතුටුයිද දැන්?