ඖෂධ මිල 10-100%කින් ඉහලට.. දත්ත මගඩියත් හේතුවක්…

November 15, 2021 at 8:40 am | lanka C news
ඖෂධ මිල 10-100%කින් ඉහලට.. දත්ත මගඩියත් හේතුවක්…

රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

—–

කොවිඩි වසංගතය,රටේ ආර්ථික අර්බූදය,‍ඩොලර් හිගකම ,රටේ පාලනය සහ කළමනාකරණය දුර්වල වීම ඇතුලු කී නොකී දහසක් ගැටලු හේතුවෙන් ජනතාව පීඩාවට පත්වී සිටිති.

ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සහ නිසි පෝෂණ අවශ්‍යතාවයන් නිසිලෙස නොසැරිපෙන තත්තවයකට පත්ව ඇත.මෙම සියලු කරැණු හමුවේ පීඩිත ගසෙන් වැටුන ජනතාවට ගොනා ඇන්නා මදිවට කනටත් පහරක් ලබාදෙමින් නිල සහ නෙ‍ානිල මට්ටමින් ඖෂධ මිල ඉහල ගොස් තිබේ.රෝගීන් සහ ඖෂධ අලෙවිසැල් හිමියන් පවසන්නේ 10%- 100% අතර මිළකින් බොහේා ඖෂධ මිළ ඉහල ගොස් ඇති බවයි.

එක් අමාත්‍යයන්ශයක්ව පැවති සෞඛ්‍ය අමාත්‍යංශය කොටස් හතරකට බෙදා විද්‍යාත්මකව පාලනය කරනවා යැයි පාරම්බෑ ආණ්ඩුව අවසානයේ දී විද්‍යාත්මක පාලනය කිරීමේ එකම ක්‍රමවෙිදය මිළ වැඩිකිරීම බව පසක් කරමින් සිටි. ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව අද වන විට අයාලේ යන තත්තවයට පත්ව ඇත.එම ආයතන ප්‍රධානීන් ඉල්ලා අස්වෙති.නැවත මසකින් ඉල්ලා අස්වන බව කියති. ඖෂධ සම්භන්ධ ආයතන වල ඉහල පුටු සංගීත පුටු තරගයක් මෙන් සෙලවෙයි.මෙවැනි තත්තවයක් තුල එම ආයතන තුළ නිසි පාලනයක් හෝ කළමනාකරනයක් සිදුවන්නේ නැත.මෙම හේතුවම ඖෂධ ජාවාරම්කරැවන්ට ඖෂධ මිළ ඉහල දමමින් ‘කළ දුටුකල වළ ඉස ගැනීමේ න්‍යාය ක්‍රිරියාත්මක කිරීමට අවස්ථාවක් බවට පත්ව තිබෙි.

ඖෂධ මිළ ඉහල යාමට ඩොලර් හිගය පමනක් නොව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩියද හේතුවක් වී ඇති දැයි අපට සාධාරණ සැකයක් ඉපදී තිබෙි. ඖෂධ මාෆියාව එතරම්ම බලවත් බව අපි දනිමු.

ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන සෞඛ්‍ය ඇමතිවරැ හතරක්,ලේකම්වරැ රොත්ත බුරැත්තක් සිටියද,අතට ලැබුණ දේ කටට දාගත නොහැකි අසරණ රෝගීයාගේ බෙහෙත් වට්ටෝරැව මිළ ඉහල දමමින් කොට්ටෝරැවෝ විදිත් නම්,තවත් කුමන කතා ද

අහිංසක රෝගීයා බෙිරා ගැනීම සදහා අපි සෞඛ්‍ය බලධාරීන්ට පහත යෝජනා ඉදිරිපත් කරමු.

01 පැරසිටමෝල් ,විටමින් සි පෙත්තේ සිට ඉහලට සියලුම ඖෂධ සදහා පාළන මිළක් ඇති කිරීම සහ නැවත රිවස් නොවන ගැසට් පත්‍රයක් මගින් එය ප්‍රකාශයට පත් කිරීම

02 ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ පාරිභෛාභෝගික කටයුතු අධිකාරිය මගින් ඖෂධ අලෙවිසැල් නියාමනය නිසි ලෙස සිදුකිරීම.මිළ ඉහලව අ‍ලෙවිකරණ ආයතන වසා දැමීමට කටයුතු කිරීම.(සහල් මෝල් වැටලුවා මෙන් නොවෙි)

ඖෂධ මාෆියාවෙන් අසරණ රෝගීන් බේරා ගනිමු

ස්තුතියි

ධම්මික එදිරිසිංහ
සභාපති
රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය

13,193 views

7 Comments to “ඖෂධ මිල 10-100%කින් ඉහලට.. දත්ත මගඩියත් හේතුවක්…”

  1. Nethmi De silva says:

    රාජිතගේ ගෝලයෝ ටික තමා කුරුමානම් බලන්නේ සෞක්‍ය එක රාජිත තමයි හොදටම කරේ කියලා පෙන්නන්න. මොකද මුදල් කෝටි ගණන් වංචා කරලා රාජිත කප් එක අරන්නේ ඉන්නේ . අනික මෑතක උනු දත්ත මැකුව සිද්ධියෙන් සුදනා වෙන්න වගේ හදන්නේ ඖෂධ හිගයක් මවලා මිනිස්සුන්ව කුරප්පු කරලා

  2. බන්ඩා says:

    අද රාජ්‍ය සේවක බහුතරය අති දූෂිතය්. ජරාව නොදී කිසිවක් කර ගන්න බැහැ.

  3. දයාපාල says:

    මේ සංගම් රාජිතගේ කාලේ කොහෙද හිටියේ? දැන් හතු පිපෙනවා වගේ මතු වෙනවා. මේගොල්ලෝ පිටිපස්සේ ඉන්නේ කවුද?

  4. 0.00069 BIYYO says:

    එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලං එලිවේවී. ඉසෙල්ලාම මේ පාණ්ඩුව කිව්වා එහෙම දත්ත මැකිලා නෑ කියලා , ඊට පස්සේ කිව්වා දත්ත මැකිලා ඒත් කොවිඩ්19 පිලිබද දත්ත මැකිලා නෑ කියලා , ඊට පස්සේ කිව්වා මේක කිබුල් රාජිත ගේ වැඩක් කියලා , දැන් මොනා කියනවද කියලා දන්නෑ. ඇත්තටම මේ දත්ත අපයොජනය කරලා තියෙන්නේ අද ඉයෙක නෙමෙයි
    “මාස 3කට පසු” …… බිත්තියේ තිබු පුංචි හිල ලොකුකර සැකකරැවන් බෙිරී පලාගොස් ඇත.
    ලොකුවුන හිල , අද දින මාධ්‍ය සාකච්චාවෙිදි , මහජනතාවට ඉදිරිපත් කරන ලදී.
    හිල , ගුලක් වී ඇති අයුරු , දුටු ජනතාව ගුල්පිටි විය.

  5. Sunil Perera says:

    rate siduwana Oshda mafiyawata thitha thiyala api wage samanya janathawata yukthiya itu wanne nam esadaha karana onama katuththak sarthaka wanu atha.

  6. Chathura Gunarathna says:

    kalayak thisse ratama kolla kala dan ewa waha ganna eka eka mininissu passe gihin wade waradila inna set ekata hoda kane parak janadipathithuma dila thiyenne.

Leave a Comment