ඖෂධ මිල 21%ක් වැඩි කරන්න අනුමැතිය ඉල්ලයි..

August 23, 2021 at 1:20 pm | lanka C news
ඖෂධ මිල 21%ක් වැඩි කරන්න අනුමැතිය ඉල්ලයි..

ඖෂධ මිල 9%කින් නොව 21%කින් ඉහළ දැමිය යුතු බව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත. ඖෂධ වර්ග 60ක, අක්ෂි කාච වර්ග 38ක, රුධිර ග්ලුකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල 9%කින් වැඩි කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ 2020 මාර්තු 8 වැනි දින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව අනුමත කළ 9% මිල වැඩිවීම මෙලෙස ලබාදුන් බවයි. ඒ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් 198ක් වූ අතර මේ වන විට ඩොලරය රුපියල් 215ක් දක්වා වැඩි වී ඇති බව සංගමයේ සභාපති සංජීව විජේසේකර කියා සිටියේය. මේ නිසා 9%ක මිල වැඩිවීම ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි.

කෙසේ වෙතත් ඖෂධ සැපයීම, නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ ඖෂධ හිඟයක් ඇති වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස මිල වැඩිකළ බවයි.

වේදනා නාශක, දියවැඩියා, හෘද රෝග, හතිය, සෙම් රෝග වැනි රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ග 60ක මිල මෙලෙස වැඩිකර ඇත. ඖෂධීය නාමයෙන් ඖෂධ වර්ග 60ක් වුවද විවිධ සන්නාම යටතේ අලෙවි කරන ඖෂධ වර්ග 450ක පමණ මිල මෙලෙස වැඩි වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි. හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න 2019 මැයි 15 වැනි දින මෙම ඖෂධ, අක්ෂි කාච හා ස්ටෙන්ට්වල මිල අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනය පළමුව නිකුත් කරන ලදී.

නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් පෙත්තක නව මිල රුපියල් 1.71කි. මීට පෙර මිල රුපියල් 1.50කි. දියවැඩියා රෝගීන් භාවිත කරන ඉන්සියුලින් රුපියල් 748 සිට 1496 දක්වා පරාසය යටතේ මිල වැඩි වී තිබේ.

රුපියල් 3000 සිට රුපියල් 15000 දක්වා මිල පරාසය යටතේ මෙතෙක් අලෙවි කළ අක්ෂි කාච වර්ග 38ක් නව ගැසට් නිවේදනයට අනුව රුපියල් 3815 සිට රුපියල් 21,200 දක්වා වූ මිල පරාසයකට යටත් වන පරිදි වැඩිකර තිබේ. රුධිර ග්ලුකෝස් මාපකයක් මෙතෙක් කල් අලෙවි වූයේ රුපියල් 3150 කටය. නව ගැසට් නිවේදනයට අනුව එහි නව මිල රුපියල් 3433කි. රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු කට්ටලද රුපියල් පනහකින් මිල වැඩි වී ඇත. හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා භාවිත කරන ලෝහමය ස්ටෙන්ට් ඒකක මිල රුපියල් 29920 දක්වාද, ඖෂධ මුදාහරින ස්ටෙන්ට් ඒකක මිල රුපියල් එක්ලක්ෂ තිස්දහස් අටසියයක් (130,800) දක්වාද වැඩිකර තිබේ.

– Aruna

25,558 views

11 Comments to “ඖෂධ මිල 21%ක් වැඩි කරන්න අනුමැතිය ඉල්ලයි..”

  1. dev says:

    raitin nam badu enne oka tamai tatwe.

  2. සරා says:

    පිටරටින් ගෙනැවිත් දෙනකොට මෙට්ෆෝමින් පෙත්ත රුපියලයි…. ලංකාවේ හදලා පැකට් කරලා දෙනකොට මෙට්ෆෝමින් පෙත්ත අද රුපියල් 1.50 යි – ඇයි මේ ජනතා මුදල් සූරා කන්නේ?

  3. සවි කාල says:

    දැන් ෂෑපද?

  4. Wijebahu says:

    Rajitha must be laughing from his back side. His time not only he gave free medicine prices reduced in many items. This panisumane is a disgrace.

    • Gajabahu says:

      Utter lie. He never reduced price instead stolen billions of money even from cancer drugs.

  5. saman says:

    ගොඩක්ම වැඩි කලොත් හොදයි නැත්නම් නිකනුත් බෙහෙත් බොනවා.

  6. Darshana abayakoon says:

    මේ අමාරු කාලේ සුලු කැපකිරීමක් කරන්න 69 ලක්ශයක් දේශප්‍රෙමී ජනතාව සූදානම්. බෙහෙත් කියන්නේ අතත්‍යාවශය දෙයක් නෙවෙයි. අවුරුදු දාස් ගානක් හෙලයො රැකුනේ ඔය සුද්දන්ගෙ බෙහෙත් බීලා නෙවෙයි. බෙහෙත් පෙට්‍රල් ගෑස් හිගවුනාට සංවර්ධන වියාපෘති නැවතිලා නෑ. නගර 100ක් අලංකරණය වෙනවා, සදුන් උයන් හැදෙනවා, මහ මාර්ග කිලොමීටර් ලක්ශයක් හැදෙනවා. හැම ගමකටම ජිම් කට්ටලයක් ලැබෙනවා. මේවගෙ අත්‍යාවශ‍ය කාලීන වියාපෘතිවලට මුදල් යොදවලා තියෙනකොට ජනතාවටත් පුලුවන් වෙන්න ඔනේ පොඩි කැප කිරීමක් කරන්න.

  7. ජානක says:

    රාජිතයට බැන්නට ඌ විතරයි ඇත්තටම බෙහෙත් වෙනුවෙන් වැඩක් කරේ. මැදයි රැවටිල අපිත් කරගත්ත ගොන්කම.රටම කනවා මේපවුල නම්.අර පැනි සුමනෙ මොකෙක්ද මන්ද.

    • සුසිත says:

      රාජිතය පිළිකා ලෙඩ්ඩුන්ගෙනුත් හොරා කෑව

  8. SL guy says:

    First cation of the Health minister.
    (1) Appoint his son to a high [post in Health Ministry, with no qualifications.
    (2) “ඖෂධ වර්ග 60ක, අක්ෂි කාච වර්ග 38ක, රුධිර ග්ලුකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල 9%කින් වැඩි කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.”

  9. 3% ට බය බයියා. says:

    අනිවාර්යයෙන්ම විරුවා පරාජය පත් කර මාෆියාව ජය ගන්නවා .