ඖෂධ වර්ග 47ක මිල අඩු කිරීමේ ගැසට් පත‍්‍රය මේ සතියේදී…

October 16, 2016 at 8:02 am | lanka C news
ඖෂධ වර්ග 47ක මිල අඩු කිරීමේ ගැසට් පත‍්‍රය මේ සතියේදී…

ඖෂධ වර්ග 47 ක මිල අඩු කිරීෙමි ගැසට් පත‍්‍රය මෙම සතියේ දී ප‍්‍රකාශයට පත් කෙරෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලු ආයතන ප‍්‍රධානීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘ඖෂධ වර්ග 47 ක මිල අඩු කිරීෙමි ගැසට් පත‍්‍රය මෙම සතියේ දී ප‍්‍රකාශයට පත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එම ඖෂධ වර්ගවල දැනට පවතින මිල ගණන්වල මධ්‍යතන අගය ලබාගෙන මිල අඩු කිරිම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සකස් කර තිබෙනවා. එහිදී මහපරිමාණ ඖෂධ සමාගම් ආනයනය කරන ඖෂධවල මිල සහ සුළු පරිමාණ ආනයනයකරුවන්ගේ ඖෂධවල මිල ගණන් සැළකිල්ලට ගනිමින් මිල සූත‍්‍රය සකස් කර තිබෙනවා.

ඖෂධ මිල අඩු කිරීෙමි ක‍්‍රමෙවිදය ඉන්දියාව ආරම්භ කළේ 2013 වසරේ දී. ෙමි වනවිට ඉන්දියාව ඖෂධ වර්ග 500 ක මිල අඩු කර තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියත් පළමු අදියර යටතේ දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුලු අත්‍යාවශ්‍ය රෝග රැසකට ලබාගන්නා ඖෂධ වර්ග 47 ක මිල අඩු කරනවා. ඖෂධ වානිජ මණ්ඩලය අප සමග පැවැත් වූ සාකචිඡවල දී ප‍්‍රකාශ කළා යුරෝපාකරයෙන් සහ ඇමරිකාවෙන් ගෙනඑන ඖෂධ වර්ග මෙම වැඩපිළීවලෙන් ඉවත් කරන්න කියලා. මම ඒකට සුදානම් වුනේ නැහැ. කෙසේ වෙතත් ඖෂධ වර්ගවල මිල අඩු කළ පසු ඖෂධ හිඟයක් මවාපෑමට ඇතැම් සමාගම් උත්සාහ කරන්න පුළුවන්. ඊට මුහුණදීමට මම සුදානම්. එවැනි ඖෂධ හිඟයක් මහාචාර්ය සේනක බිබිලේ මහතා ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ අවස්ථාෙවි දී ද මතු වුනා. දෙවන අදියර යටතේ අධික මිල ගණන් වලට අලෙවි කරන ඖෂධවල මිල අඩු කිරිමට මම බලාපොරොත්තු වෙනවා.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

– නිපුන් ඒකනායක

0 views
Main News