ඖෂධ හිඟයක් මවා පාන්න හදනවා..

October 6, 2016 at 8:02 am | lanka C news
ඖෂධ හිඟයක් මවා පාන්න හදනවා..

ඖෂධ මිල සූත‍්‍රයට මුවා වී ඇතැම් සමාගම් ඖෂධ හිඟයක් මවා පෑෙමි උත්සාහයක තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීෙමි මාධ්‍ය හමුවට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යවරයා

‘ඖෂධ මිල අවම කිරීෙමි සුත‍්‍රය ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් මාධ්‍ය මගින් පෙන්වා දෙනවා දැනට අඩු මිලට අලෙවි කරන ඖෂධවල මිල ෙමි නිසා ඉහළ යන බව. එවැනි දෙයක් සිදු වන්නේ නැහැ. ඖෂධ වානිජ මණ්ඩලය ද දැන් මෙම මිල සුත‍්‍රය නිසා ගැටළුවකට මුහුණ දී සිටිනවා. ඖෂධ හිඟයක් මවා පෑෙමි උත්සාහයක් තිබෙනවා. මාධ්‍ය මගින් එවිට විෙවිචනය කරයි. මහාචාර්ය සේනක බිබිලේ මහතාටත් එවැනි අසාධාරණකම් සිදු වුනා. එම විෙවිචනවලට මුහුණදීමට මම සුදානම්.

ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරිම සදහා පරික්ෂණාගාරයක් ඉදිකිරීම ලබන වසරේ දී ආරම්භ කරනවා. ඒ චීන රජයේ සහයෝගය මතයි. එම පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමෙන් පසු ඖෂධ වෙළෙද නාමය යටතේ වෛද්‍යවරුන් විසින් ලිවීම තහනම් කරනවා. විද්‍යාත්මක නාමයෙන් පමණක් ඖෂධ රෝගීන් වෙනුවෙන් ලිවිය යුතුයි.

පිළිකා රෝගීන් සදහා රුසියාවෙන් ආනයනය කරන ලද ඖෂධය භාවිත නොකරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස මම සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා. එම ඖෂධය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කළා. නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ ලබාදෙන ඖෂධ වෛද්‍යවරුන් විසින් රෝගීන්ට ලබාදිය යුතුයි. රජයේ රෝහල් කියන්නේ පෞද්ගලික රෝහල් නොවන බව වෛද්‍යවරුන් තේරුම් ගත යුතුයි. මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 04 ක් පමණක් මෙම ඖෂධය භාවිත නොකරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් සමගත් මම සාකචිඡුා කළා. මෙම ඖෂධය අනෙකුත් රෝහල්වල වෛද්‍යවරුන් භාවිත කරනවා. පිළිකා රෝග පිළිබද ඡ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා ද ඖෂධයේ ගුණ පිළීබදව මාධ්‍යට කරුණු ඉදිරිපත් කර  තිබුනා. පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට අභියාචනාධිකාරණයෙන් ද පසුගිය කාලයේ හොද අවවාදයක් ලැබුනා. ඒ ගැනවත් කල්පනා කරන්න.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසිය.

– නිපුන් ඒකනායක

0 views

One Comment to “ඖෂධ හිඟයක් මවා පාන්න හදනවා..”

  1. ඕස්ට්‍රේලියන් පගාකාරයා says:

    මුන්ගෙ බැරිකම් වලට හැමදාමත් හොඳ හේතුවක් තියනවා. යකෝ වැඩක් කරල පෙන්නපන්.

Main News