කංචන ජයරත්න අභියෝග ශුරතා කුසලානය හයිලැන්ඩර්ස්ට..

August 7, 2019 at 2:06 am | lanka C news
කංචන ජයරත්න අභියෝග ශුරතා කුසලානය හයිලැන්ඩර්ස්ට..

රත්නපුර පාපන්දු ලීගය සංවිධානය කර පැවැත්වූ 2019 අන්තර් ක්‍රීඩා සාමාජ පිළිමළුන් පිටුදකින තරඟ මාලාවේ කංචන ජයරත්න අභියෝග ශුරතා අවසන් පාපන්දු තරඟය 2019 අගෝස්තු මස 03 වන දින සබරගමුව පළාත් සභාවේ සභාපති හා රත්නපුර පාපන්දු ලීගයේ ගරු සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර මහා නගර සභා සීවලී ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී.

මෙදින රත්නපුර හයිලැන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමඟ නිව් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය තරග වදින ලදී.

2 / 0 ලෙස හයිලැන්ඩර්ස් ක්‍රීඩා පිළ ශුරතා කුසලානය දිනා ගනු ලැබීය.

ශුරතාවය හා අනුශුරතාවය සඳහා මුදල් ත්‍යාගද පිරිනැමිණ.

කුසලානය සහ මුදල් ත්‍යාග කංචන ජයරත්න මහතාගේ අනුග්‍රහයෙන් සිදුවිය.

– කේ.ඒ.අනුරරත්න

1,167 Viewers
Main News