කංජිපානි ඉම්රාන්ටත් CCDයේදී ඇමති රවීගේ ලෙඩේ හැදේ.. ‘මට මතක නෑ.. මං දන්නෙ නෑ’ කියයි..
March 30, 2019 at 10:00 am | lanka C news
ඩුබායි විසින් ශ්රී ලංකාවට පිටුවහල් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තවදුරටත් ප්රශ්න කිරීම් සිදු කරමින් සිටී.
දැනට පැය 15 කට අධික කාලයක් ඔහුගෙන් ප්රශ්න කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඇතැම් ප්රශ්න කිරීම්වලදී ඇතැම් අවස්ථාවල තමන් කිසිවක් නොදන්නා බවත් කිසිවක් මතක නැති බවත් පැවසූ බවද පොලිස් නිලධාරියා පැවසීය.
කෙසේ වෙතත් තවදුරටත් ඔහුගෙන් ප්රශ්න කිරීමට පොලීසිය බලාපොරොත්තු වෙයි.
මේ අතර රහස් පොලිසිය විසින් සිදුකරන ලද ප්රශ්න කිරීම් වලදී කංජිපානි ඉම්රාන් විසින් අවස්ථා කිහිපයකදීම හඬා වැටෙමින් බොහෝ දේ හෙළි කර ඇති බව ද පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර බැදුම්කර කොමිසම විසින් ප්රශ්න කරද්දී ඇමති රවි කරුණානායක මහතාද ‘මට මතක නෑ. මං දන්නෙ නෑ’ යයි කල ප්රකාශයන් එකල දේහපාලන වේදිකාවේ ජනප්රිය විය.
එල්ලුම් ගහා නියම කලොත් සේරම දේවල් මතක් වේවි