කටහඬ තහවුරු වුනත් බරපතල කුමන්ත‍්‍රණ එහි නෑ.. නාලක සිල්වා අත්අඩංගුවට ගන්න උවමනා නෑ..- රාජිත

October 18, 2018 at 9:20 am | lanka C news
කටහඬ තහවුරු වුනත් බරපතල කුමන්ත‍්‍රණ එහි නෑ.. නාලක සිල්වා අත්අඩංගුවට ගන්න උවමනා නෑ..- රාජිත

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි එල්ල වන චෝදනා මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රබල සාක්ෂියක් හඬපටවල නැති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් පරික්ෂා කරන ලද හඬ පට වල ඝාතන කුමක්ද හෝ බරපතල වෙනත් කිසිවක් නැති බව ද පවසන ඇමතිවරයා කටහඬ තහවුරු වූ පලියට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි බවද සඳහන් කරයි.

මෙම හෙළිදරව්ව සිදුකළ නාමල් කුමාර නම් පුද්ගලයා පොලිසියට ඔත්තු සපයමින් මුදල් ලබාගත් අයෙකු බවත් ගෙවිය යුතු මුදලක් නොලැබීම නිසා කෝපයෙන් මෙම හඬ පට ඉදිරිපත් කර ඇති බවත් ඇමතිවරයා පැවැසීය.

කෙසේ වෙතත් මීට කලකට පෙර ඇමතිවරයාට මාධ්‍ය හමුවකදී කියා සිටියේ වසීම් තජුඩීන් ඝාතනය කරන අයුරු ඉතා පැහැදිලිව සීසීටීවී දර්ශණවල තිබෙනු තමන් දුටු බවයි. නමුත් ඒ වගක් මේ කිසිදු තාක්ෂණික අංශයක් මගින් අධිකරණයට වාර්තා කර නැත. විදෙස් විශේෂඥයන් පවා දන්වා ඇත්තේ එම දර්ශණයන් ඉතා අපහැදිලි බවයි.

77 views
Main News