කටාන පොහොට්ටු බල මණ්ඩලය උණුසුම්… ‘අපිට පාරෙ යන්න බෑ.. මෙහෙම පක්‍ෂයකින් වැඩක් නෑ’ පොහොට්ටු මන්ත‍්‍රී බැණ වදී..

March 1, 2021 at 2:10 pm | lanka C news
කටාන පොහොට්ටු බල මණ්ඩලය උණුසුම්… ‘අපිට පාරෙ යන්න බෑ.. මෙහෙම පක්‍ෂයකින් වැඩක් නෑ’ පොහොට්ටු මන්ත‍්‍රී බැණ වදී..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටාන ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පැවති අවස්ථාව උණුසම් මුහුණුවරක් ගත්තේය.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

හමුව ඇමතූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සිසිර ප‍්‍රනාන්දු මහතා පොදුජන පෙරමුණ ඉලක්ක කරමින් දැඩි විවේදන එල්ල කලේය.

පොහොට්ටුවේ සංවිධායකයන් රකින්න බැරි පක්ෂයක් වැඩක් නැති බවත් පැවසූ ඔහු අද තමනට ගමේ යන්න බැරි තත්ත්වයක් උදා වී ඇතැයි කියා සිටියේය.

72,295 views
Main News