කටාරයේ සිරවී සිටි 268ක් කටුනායකින් බහී..

May 27, 2020 at 8:40 am | lanka C news
කටාරයේ සිරවී සිටි 268ක් කටුනායකින් බහී..

රැකියා සදහා කටාර් රාජ්‍යය වෙත ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ලාංකිකයන් 268 දෙනෙකු අද අලුයම මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් එම පිරිස දෝහා ගුවන් තොටුපලේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත.

කටුනායක ගුවන්තොටුපලේදී එම පිරිස හා ඔවුන්ගේ බඩු භාණ්ඩ විසබීජහරණයට ලක් කළේය.

ඉන්පසු ඔවුන් කොරෝනා පරික්ෂාවට ලක්කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන ලදී.

0 views

18 Comments to “කටාරයේ සිරවී සිටි 268ක් කටුනායකින් බහී..”

  1. බුද්ධි says:

    මේගොල්ලන්ට අර Seychelles වලින් ආපු සෙට් එක පෙරාපු රත්තරන්..ඒ අයගේ PCR චෙක් කිරිල්ලකුත් නෑ , නෙගටිව් කියලා චෙක් නොකරම කියනවා.අපේ අසරණ වෙච්ච විදේශ ශ්‍රමිකයන්ගේ තමා ඔක්කොම පොසිටිව්.
    රටට කොරෝනා අධාර දීලා තියෙන්නේ මේ අයට අළුතින් නිරෝධායන මධ්‍යස්තාන හදන්න,රෝහල් පහසුකම් වැඩි කරන්න,අවශ්‍ය උපකරන මාස්ක් PPE සඳහා මිසක් එක එකාට සාක්කුවල දාගන්නවත් මැතිවරණ වලට වියදම් කරන්නවත් නෙවේ.අනික් රටවල රෝගීන් හා මරණ අනුව ප්‍රස්ථාරේ Rank වෙලා ඉන්නේ තමන්ගේ පුරවැසියන්ව විදේශ වලින් ගෙන්නවා ගත්ත පසුබිමක.ඒ වගේ මෙහේ වුනානම් චාට් එකේ නෙවේ ලොවෙත් නැතිවෙයි මේ කයිවාරැවෝ.

    • 3% සෙට් එක says:

      ඔබ හරි සහො. එන්ජීඕ වලින් ලංකාවට දෙන ආධාර වලින් සියලුම කොරෝනා වැලදුන ශ්‍රමිකයන් ලංකාවට ගෙනත් ඔවුන් සුව කර ඉන් පසු ඡන්දය පැවැත්විය යුතුය්. එතෙක් පරණ පාර්ලිමේන්තුව කැඳවනු.

    • Kaduwela Siva says:

      සී ෂෙල්ස් සිට පැමිනි අය ඒ රටේදි PCR පරික්ෂා කර ඇතිඅතර මෙරටදිත් PCR පරික්ෂා කරන බව ත් ප්‍රකාශ කර ඇත. ඔවුන් ඔවුන්ගේ වියදමෙන් හෝටලයක නිරෝධායනය වෙමින් සිටි. ප්‍රතිකාර ගැනිමෙන් පසු එරටේ ගුවන් යානයකින් පිටත්ව යනු ඇත.
      විදෙස් රටවලින් පැමිනෙන ශ්‍රමිකයින්,සිසුන්,අනිකුත් සියලු දෙනාටම අනුගමනය කරන්නේ පොදු ප්‍රතිපත්තියකි.එනම් සියලු දෙනා නිරෝධායනය විය යුතුබවයි. එසේ නොවුනි නම් මෙරට නැවත සාමාන්ය ජනතාව අතර කොරොනා පැතිරෙනු ඇත. ඇතැමුන්ට එවැනි තත්වයක් අවශ්ය බව පෙනේ.
      මේ රටට පැමිනෙනෙ ශ්‍රි ලාංකිකයින් සදහා වැයවන් සියලු වියදම් දරන්නෙ රජයෙනි. උපකරන හා බෙහෙත් හැර විදෙශාධාර වශයෙන් එක් ඩොලරය්ක් වත් ලැබි නැති බව මුදල් අමාත්‍යාංශයේ ලේඛම් වරයා ප්‍රකාශ කර ඇත.

      • Sujatha says:

        Ganan ganna epa, BUDDHI uthsaha karanne gunp sirithata boruwa semavitama pawasamin janathawata athara wairaya ethi kireemai

    • රට වැසිය says:

      බුද්දි මොනවයි බන් උබ කියන්නෙ.උබ මල්ලෙ පොල් කියන්නෙ ..හරියට කියවපන් නිව්ස් එක.උබලට තියෙන්නෙ සමාජ වයිරයක්.ඒක ආන්ඩුව පිට දානව.මුලු ලෝකෙම පිලිගන්නෝ ලංකාවේ කොරෝනා පාලනය.ඔය වගේ කතා කියන්නෙ jvp උනුයි පුතානොගෙ හරක් ටිකයි විතරයි.රටේ පවට උපන් කාලකණ්ණි

    • Chinthana says:

      Dear Buddhi… You are living in the clouds… Do you know the break -up of the funds utilized by the Government. On the other hand do you know how many Koti Dayas -pora living & spread out in the world. Are they willing return to sri lanka. With all of that How can you draft a Diagram accurately.

    • බුද්ධි හීන​ says:

      බොරු කියන්න එපා හලො. උපන් ගෙයි බොරු කාරයන් .
      සී ශෙල්ස් වලින් ආවේ කොරෝනා කාරයන් නොවේ. ලංකාවේ බෙහෙත් ගන්න මාල දිව් හා සී ශෙල්ස් වැසියන් හැම්දාම එනව​. බලපිය ගිහිල්ලා නවලෝකේ. ඒ ලංකා රජයෙන් වියදම් කර ගේන අය නොව ලංකාවට මුදල් ගෙවන්න එන අය​.

      කොරෝනා තත්ත්වය නිසා දැන් එන සියල්ලන් ව නිරෝධායනය කරනව​.

    • Dr Zee says:

      නම බුද්ධි උනාට මොලේ ??. ලංකාවට එන සියල්ලන්ම නිරෝධායනයට යවනව​.
      සී ශෙල්ස් හා මාලේ අය මෙතෙක් බෙහෙත් ගන්න ආවේ ලංකාවට​. එය රටේ ආදායමක්. ඒක තහනම් කරන්න බෑ මොළේ කළඳක් හෝ තිබේනම්. ඒ කවුරුත් නිරෝධායනයේ.

  2. ආදරෙයි ලක් මවුනි says:

    කෝරෝනා පරික්ෂා කරට නීරෝධාන මධ්‍යස්ථාන වලට ගියාම වැලට නේද පොසිටිව් වෙන්නේ.කොතන හරි වරදක් තියනවා.දැන් ඔය කුවේට් ඉඳලා ආව අය චෙක් නොකර ද ගත්තේ

    • බූවහහහා says:

      මේකට කියන්නේ ධනාත්මක චින්තනය කියලා..ඒ කියන්නේ Positive කරගෙන ඉල්ලං කෑම. නිරෝධායනයෙදි හොදට හිටි අයත් පොසිටිව් කරගන්නේ මෙහෙමයි…අර හොඳ ගොඩට මුහුන් ටිකක්(කොරෝනා පොසිටිව් එක්කෙනෙක්) දලා හොඳට අසුරලා හුලං නොවදින්න තියන්න ඕනේ.කට්ටියම (එකම ටොයිලට් එකකට යවනවනම් ඉක්මනට Spread එක ගන්න පුලුවන්).දවස් කීපයකට පසු PCR පදම බලා මාර්කට් කරගන්න පුළුවන්.

      • ටොයිය says:

        බුහහහාහා උබ ඉන්න තිබුනෙ ඔතන නෙමෙයි.රටේ ජනාධිපති පුටුවෙ.ගොන් වස්ස

    • කණ්ජ says:

      ඇයි රන්ගෝල හිතන් ඉන්නේ PCR පරීක්ෂණය ක්ෂනික නූඩල්ස් හදනවා වාගේ විනාඩි ගණනකින් එනවා කියලාද? මේ අයගේ විතරද පරීක්ෂණ කරන්න තියෙන්නේ. කරුණු ගොඩක් තියනවා. තප්පුලන්න එපා

    • Jeddahi says:

      කුවේට් කාරයෝ කොරෝනා තියෙන අයව තෝරල පටවල එව්වා. ආවට පසුව ආපසු යවන්න බෑ. ලංකාවේ මිනිස්සු.

  3. sundari says:

    eratawala rakiyawata giya minissunwa raka ganima e ratawala wagakumak.. api ape rate china sramikayanta mehema salakuwe naha neda. rajaya ounge wagakima bara gaththa. me ratawal walta yana eke waradda.

  4. sunimal says:

    ගිනියම් අපායේ සිට සුර ලොවට 268ක් කටුනායකින් බහී..

  5. Ravana Parapura says:

    අපේ හෙළ වෙදකම ගැන දැන් ලෝකෙම පැතිරිලා බටහිර වෙදකම ගැන දැන් විස්වාසයක් නැහැ ඉදිරියේදී රටේ ආදායම වන්නේ හෙළ වෙදකමයි

  6. david milibanda says:

    Do not harass those who arrived from Seychelles වලින්…. It is health tourism & moreover, they have received treatment from SL prior ans has arrived for a further check up.

Main News