ලංකාව ණයට තෙල් ගන්න යන කටාර් සමාගමක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නාමල් රාජපක්‍ෂ… ඒ තමන් නොවන බව නාමල් කියයි…

June 30, 2022 at 9:20 am | lanka C news
ලංකාව ණයට තෙල් ගන්න යන කටාර් සමාගමක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නාමල් රාජපක්‍ෂ… ඒ තමන් නොවන බව නාමල් කියයි…

කටාර්හි වෙළඳ සමාගමක තමන් සාමාජිකයෙකු බව පවසමින් පලවන වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන්ට එම සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද පවසන ඔහු තමන්ගේ නමට සමාන නමක් ඇති වෙනත් පුද්ගලයන් සිටිය හැකි නමුත් නියත වශයෙන්ම ඒ තමන් නොවන බව ද කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත.

මෙම සමාගමෙන් ශ‍්‍රී ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සූදානමක් ඇති බවත් සමාජ ජාලවල වාර්තා පල වෙයි.

අදාල සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙතනින්…

140,027 views

40 Comments to “ලංකාව ණයට තෙල් ගන්න යන කටාර් සමාගමක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නාමල් රාජපක්‍ෂ… ඒ තමන් නොවන බව නාමල් කියයි…”

  1. Anepako says:

    ෙහාරකම් කරල හරි වැදගත් තැනක ආෙයාජනය කරල තිෙයනවා ෙමාෙල් ඇති වැඩක්
    උබලාට පුලුවන් මිනිසුන්ට මඩ ගහන්නයි විෙරා්දතා පවත්වන්නයි පමනයි
    අපරාෙද රජය ෙතාපිට වියදම් කරපු සල්ලි

    • LION says:

      රජය වියදම් කරන්නේ මහා ජනතාවගේ බදු මුදල් දේශපාලකයන්ගේ මුදල් නොවේ ,නමුත් දේශපාලකයෝ යැපෙන්නේ ජනතා බදු මුදලින්..බලයට පැමිණෙන ඕනෑම දේශපාලකයෙක් ධනවතුන් බවට පත් වෙන්නේ කෙසේද ? රටේ බදු මුදල් සොරකම් කරලා ,රටේ ජාතික සම්පත් විකුණලා ,කොමිස් ගහලා ..වසර 74 අපේ රටට සිදුවුයේ දේශපාලුවෝ ධනවතුන් වී රට අගාදයට යාම පමණයි ..නාමල් වැනි බුරුවෙක් ට ඇමතිකමක් ලබා දෙන තුරු බලා සිටීම ජනතාව කල මෝඩ කමක් ,,තාමත් මේ හොරු රටපාලනය කරනවා ,,මුළු රටේම ජනතාව පාර බැහැපියව් බලා සිටීමට කාලයක් නැත

      • Gon Lion says:

        පාරට බහින්න නෙමෙයි හරියට තමන්ගේ වැඩ ටික කරපන් ඒ ඇති.. 74 වසරක් තිස්සේ පුළුවන් හැම විදිහටම හොරකම් කරලා අනිත් එවුන්ව කපලා දේශපාලකයන්ගේ ඉදන් බලය තියෙන එවුන්ව ව පාවිච්චි කරලා බොරු වියදම් කරලා ණයට කකා බොරුවට අනිත් උන්ට බැන බැන ඉන්න බහුතරයක් ජනතාව ඉන්නකන් හැදෙයි මේ රට.. දියසේන කුමාරයා ඇවිත් බලෙන් හදනකම් බලන් හිටපන්..
        නටපන් පාරේ අරගලේ කියා කියා හැදෙයි රට

      • Ratawasiya says:

        ජවිපාවොන්ගෙ පෙරට්‍ටුවන්ගෙ නායකයොත් අයිතියි මේ ගොඩට ඉතා සුලු කාලෙකින් දනපති වුවන් ලෙස.

  2. prasad says:

    ඒ නාමල් රාජපක්ෂත් මේ නාමල් රාජපක්ෂත් හැර තවත් නාමල් රාජපක්ෂලා සිටිත්ද? තමන් නොවේ නම් එම නාමල් ගැන සොයා බලා ඔහුගේ සේයාරුවක් හෝ පළ කිරීම සිදුකළ යුතුය.

    • Matara Sunil says:

      තවත් ළිං ගෙම්බෙක්. යකෝ මුන්ව සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලේට ගන්න තරං පිස්සු නෑ උන්ට. මේක Abu Dhabi ආණ්ඩුවට අයිති සමාගමක්. දෙන ඕන ලනුවක් කන මෝඩයෝ ඉන්න රටක මේවගේ දේශපාලුවෝ බිහිවෙන එක අරුමයක් නෙමෙයි. මේවගේ බුරුවොත් එක්ක කොහේ අරගලයක් දිනන්නද?

      • dumbo says:

        Thawath Harakek. Abu Dhabi Govt ekata mokatada Huttho Lankawe ewun? Tho wahe harakek!

        • Sumangala says:

          මේ නාමල් රාජපක්‍ෂ කියන්නේ මූල්‍ය ක්‍ෂේත්‍රයේ විධායකයෙක්. ලංකාව හා අරාබි රටවල් අතර සමාගමක ඉන්නවා.
          මහින් ද ගෙ පුතාට වඩා වයස වැඩි මහත්මයෙක්.

  3. Alapaluwa says:

    දැන් ඔය ණය කථාවලින් අපිට පලක් නැහැ.අවශ්‍යය වන්නේ අපේ රටින් පන්නා හංගා ගෙනසිටින රාජපක්‍ෂලාළඟ ඇති අපේ රටේ ඩෝලර් නැවතත් රට ගෙන එන විදියේ අරගලයක් දියත් කරන්නයි එපමණයි එකම විසදුම එතැනින් එහාට කිසිම සාකච්චාවක් අපිට අවශ්‍යය නැහැ.Alapaluwa

    • john the Baptise says:

      100% agree …මේ දේශපාලන හොරුන්ට රැවටී ඔවුන්ගේ කතා ඇසීමෙන් පලක් නැත මිනිසුනේ පෝලිම් අතහැර මේ හොරු පන්නා දැමීමට පාරට බසිව් ,බඩ ගැන,ගෑස් ගැන සිතීමට පෙර රට ගැන සිතව් ,,මෙහෙම ගියොත් අපිට ජිවත් වීමට රටක් නැතිවෙයි රාජපක්ෂලා දැන් රටේ ජනතාවගෙන් පලිගන්න හදනවා එකයි තාමත් පෝලිම් රටේ හැමතැනම ..මිනිසුනේ පාර බැහැපියව්

  4. Gamarala says:

    පුහුල් හොරා කරෙන් දැනේ

  5. On the spot says:

    මේ නාමල් රාජපක්‍ෂ මහින්ද රාජපක්‍ෂගේ පුත්‍රයාද යන වග සොයා බලන්නට දුර දිව යා යුතු නැත​.එය තහවුරු කර ගැන්මට එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනෙක් සාමාජිකයින් ප්‍රශ්ණ කිරීම පමණක් සෑහේ.ඒ කාර්‍යභාරය ඇත්තේ නීතිඥ මහතුන් සන්තකයේය​.මෙය හොඳින් තහවුරු කරගෙන එය සත්‍යයක් නම් මේ ජාති ද්‍රෝහීන් අධිකරණයක් මගින් පමුණුවනු ලබන උපරිම දඬුවමකට යටත් කොට සොරා ගත් ජාතික ධනය නැවත ජනතා අයිතියට පත් කල යුතුය.එසේ නොකොට නීතිඥ මහතුන්ද අත්පුඩි ගැසීමට පමණක් බලා සිටින්නේ නම් මෙය තවත් සති කිහිපයකට දුන් ආතල් එකක් වනු ඇත​.පොදු දේපල අවභාවිතය ඇප නොලැබෙන වරදකි.ගෞරවණීය නීතිවේදී මහත්ම මහත්මියණි,මේ ඔබේ වාරයයි.මෙහි සත්‍යාසත්‍යතාවය තහවුරු කර සමාජ ගත කිරීමට සහය වන්න​.නැතහොත් ඔබ කරන්නේද ආතල් කරුවන්ට උත්තේජනයක් සැපයීමකි.කඩිනමින් මෙයට තාර්කික විසඳුමක් ලබා දුනහොත් ජාතියේ අත් පොලසන් නාදය ඔබට හිමිවනු ඇත​.නැතහොත් තවත් සති දෙක තුනකට ප්‍රශ්ණ අමතක කර ආතල් ගැනීමට මෙය කදිම බයිට් එකක් වනු ඇත​.

    • Alapaluwa says:

      Such a Brilliant comment! Thump up Bro! Alapaluwa

    • මහදැනමුත්තා says:

      ”ගෝ ටාගෝගම ” උද්ගෝෂණය දැන් රාජපක්ෂලාට විහිළුවක් වෙලා . ඒ නිසයි නාමල් දැන් නැවත දේශපාලන කරලියේ ..කලින් බයේ හැ න්ගිලා සිටියා බටලන්දේ වධකයා පින් අගමැති කරලා දැන් නැවත රාජපක්ෂ බලය පෙන්වන්න හදනවා ..මිනිසුනේ නිවටයෝ වගේ බලා නොසිට මේ ආණ්ඩුව පන්නා දමව් මුළු රටේම ජනතාව පාරට බසිව්

    • Sumangala says:

      අනේ ගොනෝ අන්තර්ජාලය තියෙන්නෙ ඕකට තමයි.
      මේ නාමල් රාජපක්‍ෂ කියන්නේ මූල්‍ය ක්‍ෂේත්‍රයේ විධායකයෙක්. ලංකාව හා අරාබි රටවල් අතර සමාගමක ඉන්නවා. මහින් ද ගෙ පුතාට වඩා වයස වැඩි මහත්මයෙක්.

  6. Senarath says:

    Yes he is correct. Just search Namal Rajapaksha in Linkdin. He is not this idiots.

Main News