කටාර් බලවතා නොසිතු දෙයක් ජනපති ඉල්ලයි.. ඔහු එකගවෙයි..

January 27, 2020 at 8:40 am | lanka C news
කටාර් බලවතා නොසිතු දෙයක් ජනපති ඉල්ලයි.. ඔහු එකගවෙයි..

සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහායවීමට කටාර් රාජ්‍යය කැමැත්ත පළ කරයි. මේ සදහා බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සමාගම් රැසක් එක්වනු ඇත.

කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සාඩ් ෂෙරීඩා අල්-කාබි මහතා (Saad Sherida Al Kaabi) (26) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරිණි.

මෑතකදී ලත් මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව කටාර් රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් පළ කළේය.

අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබද වැඩිදුර සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් විශේෂ නියෝජිතයෙකු නම් කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ බලශක්ති උත්පාදනය සඳහා කටාර් රාජ්‍යේ සහාය ලබා ගැනීම පිළිබද තමා ඉතා උනන්දුවක් දක්වන බවයි.

රටේ අනාගත බලශක්ති අවශ්‍යතාවයන්ගෙන් 80%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අපේක්ෂාවයි. කටාර් රාජ්‍යයේ යෝජනාව පිළිබද ඉදිරි කටයුතු සදහා තම නියෝජිතයා වශයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා නම් කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

අදාළ කටයුතු සොයා බැලීමට ජනාධිපති ලේකම්වරයා දෝහා නරගයේ චාරිකාවකට එක් වන ලෙසට ද අමාත්‍යවරයා ආරාධනා කළේය.  බලශක්ති උත්පාදනයට අදාළ ශ්‍රී ලංකාවේ සැලැස්ම එම චාරිකාවේ දී විස්තර කෙරුණු ඇත.  කටාර් රාජ්‍යයේ ව්‍යාපෘති පාකිස්ථානයේ සහ පෝලන්තයේ සාර්ථිකව ක්‍රියාතම කර ඇති බවද කටාර් රාජ්‍ය ආමත්‍යවරයා පැවසීය.

“බලශක්ති උත්පාදනයෙන් ඔබ්බට ගොස් කටාර් රාජ්‍යය සමග ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපගේ තේ, එළවළු විශේෂයෙන් කාබනික එළවළු සහ පළතුරු සඳහා අපට වෙළෙඳපොළ අවශ්‍යයි. මෙම නිෂ්පාදන වෙනත් රටවල්වලට සැපයීමට  ශ්‍රී ලංකාවට ඉහළ හැකියාවක් තිබෙනවා යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

ධනාත්මකව ප්‍රතිචාර දක්වමින් කටාර් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ තම සංචාරය මෙවන් සහයෝගීතාවක පළමු පියවර වනු ඇති බවයි.

දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන් ද, ශ්‍රී ලංකාවේ කටාර් තානාපති Jassim bin Jaber Al-Sorour, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– මොහාන් කරුණාරත්න

223 views

14 Comments to “කටාර් බලවතා නොසිතු දෙයක් ජනපති ඉල්ලයි.. ඔහු එකගවෙයි..”

  1. Raja says:

    දැන් හම්බයන්ගෙන් උදව් ගන්න හොඳයිද​??

    • බිල්ල says:

      ගොනෙක් තප්පුලනවා, ඒ කුලියටද ඇත්තටම පරම්පරාවෙන් ආපු ගොන්කමටද?

    • පිවිතුරැ බෝම්බයා says:

      හම්බයන්ගේ 70% ක් හොඳාායියි…30% ක් තමා අවුල.

      • Love nature says:

        බදියුදීන් විල්පත්තුව නව උද්‍යානය විනාශ කරලා මුස්ලිම් කොළණි ගොඩනැගුවේ කටාර් NGO මුදලින් ….එවැනි රටක් සමග මොන ද්විපාර්ශ්වික සහයෝගිතාවයක්ද ? අපේ රටේ නැවත ඉස්ලාම් කොළණි ඇතිකිරීමට සහය දීමක්ද මේ ? අන්තවාදී ඉස්ලාම් රටවල් සමග එක්වීමෙන් සිදුවන්නේ රටේ විනාශයක් ….

  2. CIA Agent says:

    Qatar is known to be a CIA agent thats why SA has blacklisted them. So we must be extra vigilant what is USA-Qatar is planing to do in SL to make sure there are no hidden agendas

  3. chamara says:

    apoi hamba ratawal walinne udaw illanne, hodhata thibunu ratak api wetichcha thenak

  4. මැදමුලනෙ මුත්තා says:

    ගෝඨා කොළුව යන්නෙත් රනිල් කොළුව ගිය පාරෙමයි. රවි කරැණායකගෙ මල්ලි කටාර් රජතුමාට අයිති කටාර් ගුවන් සේවයේ CEO.
    ඔහොම යං. UNP ප්‍රතිපත්තිම ඉදිරියට ගෙන යන්න ගෝඨා කොළුවත් කැමතියි.ඌත් කාලයක් හිටියෙ ඇමරිකාවෙනෙ.

    • Fernando says:

      Muththa is correct

      • ක්‍රස්ටේසියා says:

        මුං ඔක්කොම කක්කුටු පරපුරේ එවුන්.අපි කෙලින් යනවා කිය කියා කක්කුට්ටෝ යන්නේ පරණ එවුන් ගිය ගමනමයි.

      • cobra says:

        බදියුදින්ට විරුද්ධව ඇති වංචා දුෂණ තාමත් ක්‍රියා නොකරන්නේ කටාර් රජයේ ඉල්ලීමක් නිසාද ? නැගෙනහිර ඉස්ලාම් රාජ්‍යක් ගොඩනැගීමට කටාර් රටේ NGO
        සංවිධාන දරන්නේ ලොකු උත්සහයක් …මෙය පනින වදුරන්ට ඉනිමං බැදීමක් වියහැකියි ..තාමත් මුස්ලිම් ඇමතිලාට විරුද්ධව ඇති වංචා දුෂණ වලට දඩුවම් ලබා දී නැහැ …ඒවාට විරුද්ධව නීතිමය පියවරක් ගෙන නැහැ ..ඒ මන්ද ? නිතිය සෑම දෙනාටම පොදු වියයුතුයි..මේ කරන්නෙත් යහපාලන හොරු රැල කරපු පරණ සෙල්ලමද ?

    • JOY says:

      කටාර් NGO සංවිධාන බදියුදීන් සමග එක් වී කල විල්පත්තු වන විනාශය දැක දැකත් කටාර් රාජ්‍ය සමග මොන ගිවිසුමද ?
      නව ජනාධිපතිතුමාට ඔහුගේ අතට දුන් ජනතාවගේ කඩුව හරියට වැනුවා නම් බැඳුම්කර වංචාවට අගමැති කැපෙන්න ඕනෑ. අල්ලස් වරදට යහපාලන හොරු කැපෙන්න ඕනෑ. කැලෑ විනාශයට බදුර්දීන් ඇමතිතුමා කැපෙන්න ඕනෑ. නමුත් එහෙම සිදුවෙලා නෑ….අපි තාමත් බලා සිටිනවා ගරු ගෝටාභය මහතා කුමක් කරනවාද කියා ..MCC ගිවිසුම අපේ රටට අවශ්‍ය නොවේ එය විශේෂයෙන්ම අහෝසිකරන මෙන් ගරු ජනපති ගෝටාභය මහතාගෙන් ඉල්ලමු ..අපේ රට ඇමරිකාවේ කොලණියක් නොකරනු .. MCC අපේ විරුද්ධත්වය මෙයින් පල කරමු අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට බලය දෙන්න කැපවුනු මහජාතියේ විශ්වාසය, බලාපොරොත්තු කඩ නොකරන මෙන් ඉල්ලමි ..අපේ රට ජාතිය ආගම ආරක්ෂා කරන මෙන් ඉල්ලමි

  5. Nana says:

    These countries producing oil and gas. Qatar has the biggest gas Reserve. Will they support solar etc ???

  6. sajitha says:

    muslim taqia horunta ahuwenta epa. gotabaya mahaththaya wisheshayen parissam wenta wei. aduganane parliamentary election eka ivarawenaturu inta baerida?

  7. sajith dasa prema says:

    the richest muslim countrty in the world. per capita income more than 100 000 $ per year

Main News