කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්..

April 15, 2020 at 11:20 am | lanka C news
කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්..

අද පෙරවරුවේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ පුද්ගලයෙක් මිය යාමෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙසේ මියගොස් ඇති නාඳුනන පුද්ගලයා නාගොඩ රෝහල දෙසින් පැමිණ මාර්ගය අයිනේ අසනීප වී සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ රෝගියා පරික්ෂා කරද්දී මියගොස් ඇත.

මෙම පුද්ගලයාට කොරෝනා වැළඳී ඇතිදැයි සැකයෙන් ප්‍රදේශවාසීන් තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් මළ සිරුර නාගොඩ රෝහලට ගෙන ගොස් ඇත.

112 views

8 Comments to “කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්..”

  1. Anti Corona says:

    මොන මගුල උනත්..පාරවල් අයිනෙ මිනිස්සු මැරෙන්ඩ ඕනෙ රටක් නෙවේ බන් මේක….ජීවිතේ නැති උනත් කොල්ලනේ මනුස්ස කම නැති වෙන්ඩ දෙන්ඩ එපා….එහෙම උනොත්..ඒක හදන එක මිනිහෙක් හදනවට වැඩිය අමාරු වෙයි…සමහර විට කවදාවත් හදාගන්ඩත් බැරි වෙයි…

    • sandun dhammika says:

      This is a part of US CIA and US marine forces.
      Only lazy people don’t have money in this country. We have liberty , freedom , democracy and capitalism.
      What else you need ?

      • kamal says:

        මෙයා සමනලු ලෝකයේ රෑට සරිසරන කුඩ්ඩෙක් වගේ නයිට් ක්ලබ් ගානේ….

  2. Lolla says:

    මොනවද සඳුන් මේ කියන්නේ

  3. Lolla says:

    සඳුන් ඉංග්‍රීසි අමරුමනං සිංහල font දා ගන්න

  4. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    පසුගිය දෙසතිය ඇතුලත මෙවැනි උන්හිටි ගමන් මියගිය සිදුවීම් කිහිපයක්ම වාර්ථා උනා..

  5. ලොලිපොප් මොංගල් says:

    “වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ්”
    තමුසෙට මොළේ කොරෝනාද. කොහෙද ඕයි ඔය කියන විදිහට හදිසියේ මිනිස්සු මැරිලා හිටියේ.

    • IYOO සිරිසේන says:

      උඹ ඉන්ටර්නැෂනල් නිව්ස් බැලුවෙ නැද්ද පහුගිය කාලෙ? 🙂 🙂

Main News