කටුගේ කැඩු කංගැට්ටා පනී.. දුටු තැන අල්ලන්නැයි වරෙන්තු…

July 31, 2018 at 2:10 pm | lanka C news
කටුගේ කැඩු කංගැට්ටා පනී.. දුටු තැන අල්ලන්නැයි වරෙන්තු…

කොලඹ ජාතික කෞතුකාගාරයට හොරෙන් ඇතුළු වී එහි භාණ්ඩ සොරකම් කලේ යයි චෝදනා එල්ල වූ ප‍්‍රියන්ත මෙන්ඩිස් හෙවත් ‘කංගැට්ටා’ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඊයේ දිනයේ වරෙන්තු නිකුක් කරනු ලැබීය.

ඇප මත මුදා හැර සිටි අදාල සැකකරු ඊයේ දිනයේ නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටියේ යයි මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.

2012 වසරේදී සිදුවූ මෙම සිදුවීම සම්බන්ධවෙන් අත්අඩංගුවට ගත් කංගැට්ටා වසර 05ක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි අතර පසුගිය වසරේ මාර්තු 31 වැනිදා අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබින.

78 views

5 Comments to “කටුගේ කැඩු කංගැට්ටා පනී.. දුටු තැන අල්ලන්නැයි වරෙන්තු…”

  1. බින්දුමති says:

    බේබිලා මූටත් වැඩේ දිලා වගේ.

    තාජුදින් සොහොයුරා මතක් වෙනවා.

  2. Nirmala says:

    කන් ගට්ටා කියන්නෙ බොරුවට ඉදිරිපත් කරපු එක්කෙනානෙ.

  3. amaraa says:

    Then what about Anura Senanayaka the other rouge?

  4. Boo says:

    මේ කන්ගැට්ටා මොන හාල්මැස්සේක්ද?

    නියම කම්බ හොරු හෙවත් මහා බැංකු ගැට්ටා හෙවත් අගමැට්ටා තවමත් යහතින්, උගේ ප්‍රධාන හොර සේවකයා මහා බැංකු අධිපති ගැට්ටා සිංගප්පුරුවේ යහතින්. අපි නිකම් බොරුවට මේ කන්ගැට්ටෙක් පස්සේ දුවනවා.

  5. කඩුව බේබිට, හිරේ කන්ගැට්ටට!

Main News