කටුනායකට ඇදිරි නීතිය පනවයි.. කලාපයේ 43කට කොරෝනා..

October 14, 2020 at 6:54 pm | lanka C news
කටුනායකට ඇදිරි නීතිය පනවයි.. කලාපයේ 43කට කොරෝනා..

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට අළුයම 5.00 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා තිබේ.

අද දිනය තුල කටුනායක වෙළඳ කලාපයෙන් කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.

මේ සමගම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.

29,535 views

One Comment to “කටුනායකට ඇදිරි නීතිය පනවයි.. කලාපයේ 43කට කොරෝනා..”

  1. Gimhani says:

    කටුනායකට ඇඳිරි නීතිය දාල වැඩක් තියනවද කලාපේ තියන ගාමණ්ට්‍ ටික ඇරලා.. උන් වැඩ ඇරිලා බෝඩිම් වලට ගෙවල් වලට යන්න ඕනි.. මීට සතියකට කලින් මුලු රටේම සති දෙකකට වත් ඇඳිරි නීතිය දැම්ම නම් මේක යම්තාක් දුරකය පාලනය කරගන්න තිබුනා.. දැන් මොනා කලත් වැඩක් නෑ.. දැන් රටපුරාම පැතිරිලා ඉවරයි.. තව ටික දවසකින් ඉස්පිරිතාල ටික පිරුණම මිනිස්සු මුහුදට දාන්න තමා වෙන්නෙ..

    මුලු රටම ඇරලා, කම්පැණි කාරයො මිනිස්සු වැඩ ගෙන්නව ගන්නවා.. ඒ මිනිස්සු බස් වල යන්න එන්න ඕනි. ආණ්ඩුව දෙන සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න බෑ කාටවත් රටේ තියන පහසුකම් අනුව.. එහෙන් බාර් ඇරලා, හොටෙල් ඇරලා මගුල් පාටි තියනවා.. මේක කොහෙන් කෙලවර වේවිද දන්නෙ නෑ..

    අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි සල්ලි තණ්හාවට ජොක්කු කන්ට්‍රැක් එක ගන්න Brandix මුලු රටම කෑවා.. මිනිස්සු මරවා මරවා බැන බැන වැඩ ගන්න ලෙඩකට වත් නිවාඩු නොදෙන ශ්‍රමය සූරාකන Brandix ඇතුලු අනිකුත් ගාමණ්ට්‍ වලට නීතිය ක්‍රියාත්මක කරලා හිමිකරු අධ්‍යක්ෂල ඇතුලු සේරම හිරේ යවන්න ඕනි.. ලංකාවට මීට වඩා දැඩි කම්කරු නීති රීති අවශ්‍යයි…

Main News