කටුනායකත් අරී… ශ‍්‍රී ලන්කන් ගුවන් ගමන් යලි අරඹන්න සූදානම්..

May 6, 2020 at 8:02 am | lanka C news
කටුනායකත් අරී… ශ‍්‍රී ලන්කන් ගුවන් ගමන් යලි අරඹන්න සූදානම්..

සෙඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසුව සෙඛ්‍ය අංශ නිර්දේශ අනුකුලව ජාත්‍යන්තර ගුවන් නීතිරීති වලට අදාලව මෙම කටයුතු ආරම්භ කිරීමට අපෙක්ෂා කරන බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් (05) කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේදි පැවැත්විණි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය යටතේ පවතින ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

කොරෝනා වසංගතයෙන් පසු සංචාරක හා ගුවන්සේවා කටයුතු යලි නංවාදීමට අදාල යෝජනා හා සැලසුම් ආයතන මට්ටමින් වෙන් වෙන්ව සාකච්ඡා කෙරුණු අතර සංචාරක හා ගුවන්සේවා  ක්ෂේත්‍රවලට අදාලව එකාබද්ධ සැසුමක් සැකසීම පිලිබදව ද මෙහිදි මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යලි නගා සටුවීම සදහා වන සැලසුම් පිලිබදව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි පැහැදිලි කලාය. ඇය පෙන්වා දුන්නේ දීර්ඝ කාලීන හා කෙටිකාලීන සැලසුම් දැනටමත් හදුනාගෙන ඇති බවයි.  සංචාරක හෝටල් නැවත ඇරබීමේදි ඒ සදහා අනුගමණ කළ යුතු වැඩපිලිවෙල සෙඛ්‍ය අංශ සමග එක්ව දැනටමත් සකස්කර ඇතැයි සභාපතිවරිය මෙහිදි කියා සිටියාය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වාදුන්නේ සංචාරක  ක්ෂේත්‍රෙයේ නිරත අයට කඩිනම් සහන සැලසීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.  ඊට අදාල යෝජනා කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇමතිවරයා මෙහිදි කියා සිටියේය.

ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා කටුනායක ගුවන්තොටුප මෙහෙයුම නැවත ආරම්භ කිරීමේදි අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙල ඇමතිවරයාට ඉදිරිපත් කලේය. ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේදි කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකාවෙන් පිටවීමේදී ද ඒ හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලෝක සෙඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවත් ඔහු කිවේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේ ඒ අනුව කටයුතු කරන ලෙසයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරණ මහතාද මෙහිදි කියා සිටියේ ලෝක සෙඛ්‍ය සංවිධානයේ හා ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්නායක අනුව ශ්‍රී ලංකාන් ගුවන් සමාගමද සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්ණායකයන්ට අදාල ආයතන සමග සම්බන්ධීකරණය කිරීමට ගුවන්සේවා අධිකාරියට පැවරිනි.

රජයේ උපදෙස් අනුව සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ආයතන 11 වෙනිදා සිට නැවත ආරම්භ කිරීම පිලිබදව ද මෙහිදි ඇමතිවරයාගේ අවධානයට යොමු විය.  ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා ගුවන් සේවා ආයතන ප්‍රධානීන්ට මෙහිදි වැඩිදුරටත් උපදෙස් දුන්නේ සිය ආයතන කටයුතුවලදී සෙඛ්‍ය අංශ උපදෙස් නිසිආකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි අධික්ෂණය කළ යුතු බවයි.

– ප්‍රදීප් අනුර කුමාර

59,716 Viewers

10 Comments to “කටුනායකත් අරී… ශ‍්‍රී ලන්කන් ගුවන් ගමන් යලි අරඹන්න සූදානම්..”

  1. Maha Kalu Sinhalaya says:

    The quarantine certificate they provide when they enter to our country is not enough as we need to cross check whether it is okay. Till then no body should allowed to our country. Unless this is some kind of a suiciding attempt…

  2. බන්ඩා says:

    ආන්ඩවනේ හූල්! මැකො ට මැතිවරණය නොතියන්න උත්තර හදන්න බැරි වේවි.

  3. ගන්ජ බන්ඩා says:

    අහෝ අනුර-දාස සහ ජෙපි රැල.

    • Don't Worry says:

      මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (05) පවත්වා තිබෙනවා. කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා.
      මෙම වසංගතයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව සමග විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමට තම රට සූදානම් බවත් ඉදිරියේදීද අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බවත් ඇමරිකානු තානාපතිනිය පවසා තිබෙනවා. Don’t worry guys the BigBro is with us

  4. Nawodhi says:

    Good decision. All the visitors must carry the PCR test certificate to travel and strict social distancing and masks. Corruptive police must not allow to work in the airport.

  5. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අන්තර්ජාතික වෙළඳ පලට ඉන්දියාව , මැලේෂියාව , තායිලන්තය වගේ රටවලින් එන ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙනත් දේවල දැවැන්ත අඩුවක් තිබෙනවා. අප වහාම භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් ආරම්භ කරලා දැනට තිබෙන තත්වය යටතේ අපනයනය කරන්න පුළුවන් මොනවා හෝ ඕනෑම දෙයක් යවා ඒ වෙළඳපලේ අඩුව පුරවා වෙළඳාම අල්ලා ගන්නට ඕනෑ. පහුගිය කාලේ කොමඩු එහෙම කඩන්නෙ නැතුවත් තිබ්බා. තාමත් තියෙනවා. එව්වාට අන්තර්ජාලයෙන් ඇනැවුම් ගෙන ප්‍රමිති තත්ව යටතේ විදෙස් රටවලට යවන්න දැන් හොඳම වෙලාවයි

    • rw says:

      බඩු භාන්ඩ වලට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගීන්ට ගුවන් තොටුපොල විවුර්ත කරන එක භයානකයි . මොකද තාම ඉන්දියාව පකිස්ථානය බංගලාදේශය කොරෝනා ඉහල යනවා. ඒ වගේම චීනය කියන ඒවා විශ්වාස නැහැ. අපේ රටට වැඩියෙන් එන්නෙ ඉන්දියාව සහ චීනෙන්. ඇමෙරිකාවේ යුරෝපේ මිනිස්සු තව සැහෙන කාලෙකට සංචාරය කරන්නේ නැහැ.

  6. Corona Jihadist says:

    Puh Adawane allah . No flights . no election

  7. mahinda says:

    ease the restriction but should have the plan if situation is turned back

Main News