කටුනායක අධිවේගී මාර්ගය ජාඇලින් වසා දමයි..

February 20, 2020 at 3:00 pm | lanka C news
කටුනායක අධිවේගී මාර්ගය ජාඇලින් වසා දමයි..

ගම්පහ දිස්ත්‍රික්කයේ අම්බලම්මුල්ල ප්‍රදේශයේ ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයක ඇතිවී ඇති ගිණි ගැනීම නිසා ප්‍රදේශයේ පවතින දුමාරය හේතුවෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල සිට කටුනායක දක්වා කොටස තාවකාලිකව වසා දමා ඇත.

ජාඇල සිට කොළඹ දක්වා කොටස භාවිතා කළ හැකි අතර එතැන් සිට කොළඹ මීගමුව මාර්ගය හෝ විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ජනතාව ගෙන් ඉල්ලා සිටී.

– ජනක හදුන්පතිරාජ

30,735 Viewers

One Comment to “කටුනායක අධිවේගී මාර්ගය ජාඇලින් වසා දමයි..”

  1. බිල්ල says:

    උදේ සිටම මේ දුම පැවති නමුත් ඒ වෙලාවේ සුළං කලපුව දිශාවට හැමූ හෙතුවෙන්දෝ නිවීමට කටයුතුකලබවක් නොපෙනිනු. දුම ආරම්භවූ ස්ථානයට අධිවේගී මාර්ගයේ සිට මීටර් 100 පමණ ඇත. නමුත් දහවල් වනවිට සුළං දිශාව වෙනස්වීමෙන් අධිවේගී මාර්ගය දිශාවට දුම විහිදී ඇත. නමුත් කොළඹ සිට ජා-ඇල ට පැමිණි වාහන කටුනායක දිශාවට අඩු වේගයකින් ප්‍රධාන විදුලි පහන් දල්වා ගමන් කිරීමට පුළුවන් කමක් තිබුණි. ඊට හොඳම සාක්ෂිය කටුනායක සිට පැමිණි වාහන කීපයක් කොළඹ දිශාවට ධාවනය වීමයි. මෙසේ පාර වසා දැමීම මහදනමුත්තාගේ මොළෙන් ගත් තීරණයක් බව පෙනේ.

Main News