කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

March 27, 2020 at 12:40 pm | lanka C news
කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප වසා දැමීමට ගත් තීරණයට අනුව කටුනායක නිදහස් වෙළද කළාපයේ සේවයකළ ඇදිරි නීතිය සදහා බෝඩිං වල සිරවී සිටි සේවක සේවිකාවෝ ගම් බිම් වලට පිටත් කර හැරීමට අද (27) පියවර ගැනිණි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි කටුනායක ආයෝජන මණ්ඩලය එම සේවක සේවිකාවන් නැවත නිවාසවලට පිටත් කර හැරීමට සියලු පහසුකම් සලසා තිබුණි.

සංඛ්‍යා ලේකණ අනුව කටුනායක ආයෝජන නිදහස් වෙළද කළාපයේ සේවක සේවිකාවන් සේවිකාවන් 1500ක පමණ ඇදිරි නීතය නිදා නිවෙස් වලට යාමට නොහැකිව බෝඩිං වල රැදී සිටියහ. ඔවුන් යැවීම සඳහා බස් රථ 80ක්, ආහාර පාන සලසා තිබූ අතර සෑම සේවක සේවිකාවක්ම වෙනම වෛද්‍ය පරීක්ෂණයට ලක් කෙරිණි. කෙසේ වෙතත් නිවෙස් වලට යාම සදහා 5000 අධික ප්‍රමාණයක් කටුනායක ආයෝජන මණ්ඩල භූමියට පැමිණි සිටිය අතර ඔවුන් බහුතරය නිදහස් වෙළද කළාපයේ සේවක සේවිකාවෝ නොවිනි.

කටුනායක අවට ව්‍යාපාරික ස්ථාන වල ඉදිකිරීම් ස්ථාන වල සේවය කරන ඇතැමුන්ද නිවෙස් වලට යාමට පැමිණ සිටියහ. මේ නිස ඇතැමුන් පැමිණ සිටියේ සිය දෙමාපියන්ද කැටුවය. ඇතැම් අය රූපවාහිනි යන්ත්‍ර, හාල් මලු රැගෙන විත් තිබුණි. මේ නිසා ආයෝජන මණ්ඩලය මෙන්ම ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ බරපතල දුෂ්කරතාවයකට පත්වුණි. මේ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතාට දැනුම් දුන් පසු ඇමතිවරයා ප්‍රවාහන අමාත්‍යංශය හරහා ලංගම බස් රථ 150 කඩිනමින් ලබා දීමට කටයුතු කළේය. සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අවශ්‍ය තරම් සෞඛ්‍ය කණ්ඩායම් එවීමටද කටයුතු කෙරිණි. අ

නතුරුව පැමිණි සිටි සියළු දෙනා ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමට කටයුතු කෙරුණ අතර ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ඩී.එන්. එම්. ලෝරන්ස් මහතා සදහන් කළේ පිටත්කර යවන සියළුම දෙනා අදාල නගර වල ආසන්නතම පොලිස් ස්ථාන වලට භාර දීමට කටයුතු කළ බවයි.

ඔවුන් මෙම නිවෙස් වලට යෑවීමේ වගකීම අදාල පොලිස් ස්ථාන වෙත පවරා තිබුණි. පිටව යන සිටළු දෙනා පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක්කෙරුණ අතර මීට පෙර සාමාන්‍ය උණ වැලදී තීබූ කිහිප දෙනෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් අදාල උපදෙස් ලබා දුන්නේය.

ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක වරයා සදහන් කළේ නිවෙස් බලා පැයාමට පැමිණි බහුතරය නිදහස් වෙළධ කළාපයේ සේවක සේවිකාවෙන් නොවෙන බවයි. එහෙත් පැමිණි සියළු දෙනා නිවෙස් වලට යැවීමේ අරමුණින් යොදවා තිබූ පහසුකම් වැඩි කර ඔවුන් ගම් බිම් වලට පිටත් කර යැවූ බවද ඔහු සදහන් කළේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

165 views

14 Comments to “කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන කොළඹ තිබෙන ප්‍රධාන කුණු කඳු දෙකේ කසල ( මීතොටමුල්ල , බ්ලූමැන්ඩල් ) හැකිතරම් ප්‍රමාණයකින් හෝ අරුවක්කාලු වැනි හඳුනාගත් විකල්ප ස්ථානවලට ගෙනියන්න… පාරවල් වල වාහන තදබදයක් නොමැති නිසා ඉතා පහසුවෙන් කරන්න පුළුවන්

  2. Love nature says:

    හරි සැකසීමක් නැති එකේ පාඩුව දැන්වත් සිතට ගන්න.

  3. Mahesh Samarawickrama says:

    Who did provide the wrong information to the decision making level? Who takes the responsibility of things happening like this? Actually what has happened was the owners have lied about the actual factory situation and it is evident they have continued the work during the curfew.

  4. Senarath Bandara says:

    What will happen to inter distric lockdown

  5. hella -01 says:

    oya mona kathada, onna dan plan karanawa Koggala zone eke factory valath weda karanna nisi arakshana kramavedayanvath nathuwa.

  6. sam says:

    කලාපෙ ලමයින්ගෙන් මෑන් පවර් හරහා තුට්ටුවට වැඩගන්නේ ඔය කියන ලොරන්ස් කියන හාදයා තමයි ලෝරන්ස්ගෙ ගෙදර වැඩට ඉන්නෙත් මැන්පවර් ලමයෙක් මෑන් පවර් බිස්නස් එකෙන් සියයට දහයක් ලෝරන්ස්ට ලැබෙන බව ආරන්චියි

  7. ajantha says:

    POLITICAL DECISIONS WILL RUINED THE COUNTRY.

    • Rabok says:

      Gota took a correct decision by removing Politicians from the COVID 19 operation and handover them to Forces – Bloody headless politicians are a nuisance

  8. sam says:

    ඔය කියන කාලකන්නි ලෝරන්ස් තමයි අහින්සක ලමයින්ගෙ ශ්‍රමය මෑන් පවර් හරහා සුරාකන්නේ ලමයින්ගෙ පඩියෙන් සියයට දහයක් ලෝරන්ට ලැබෙනවා බීඔ අයි එක වෙනුවෙන් පගාව විදියට ලෝරන්ස්ගෙ ගෙදර වැඩට ඉන්නෙත් මැන් පවර් ලමයෙක්ම තමා

  9. Dharshana says:

    Lockdown කරපු එකේ සම්පූර්ණයෙන්ම වැඩක් නැති උනා. ඔකෝකොම check කරන්නේ නැතිව එවපු එක සම්පූර්ණයෙන්ම වැරදියි. අමු හරක් වැඩක්

  10. Rabok says:

    At least now get more information about the people who went to their village and check each and every one to see whether they are affected – if so take them and their families for Quarantine and the people with whom they stayed in Katunayake – Ones who mismanage the operation must also be punished

Main News