කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..

November 2, 2020 at 4:40 pm | lanka C news
කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සිරවී සිටි සේවක සේවිකාවන් විශාල පිරිසක් තම බෝඩිං කාමරවලට සිරවී දෛනික ආහාර අවශ්‍යතා පවා සොයාගැනීමට නොහැකිව සිටින බවත් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වත් සමග එම කලාපයේ සේවක සේවිකාවන් සැලකිය යුතු පිරිසක් සිය ආහාර හා ඖෂධ ලබා ගැනීම ගැටලුවක් වී ඇත.

ඇතැම් කර්මාන්ත ශාලා වසා දමා තිබීම, වැටුප් නිසි ලෙස නොලැබීම ආදී කරුණු හේතුවෙන් ඔවුන් අත ප්‍රමාණවත් මුදලක් නොමැතිකම ද මීට ප්‍රධානම හේතුවක් වී තිබේ.

මෙසේ බෝඩින් කාමරවල සිරවී සිටින පිරිස් අතර සමහරුන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබීම නිසා තත්ත්වය වඩාත් අයහපත් වී ඇතැයි සංගමය සඳහන් කරයි.

මේ හේතුවෙන් සංගමයෙන් මැදිහත්වී වියලි ආහාර සලාක දහසක් පමණ දුෂ්කරතා ඇති පුද්ගලයන්ට බෙදා දුන් බව ද ඔවුන් සඳහන් කරයි.

38,525 views

12 Comments to “කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..”

  1. Saman kumara says:

    ස ගෙනැල්ල දෙයි.ටිකක් ඉවසන් ඉන්ට. දැනට ඇල් වතුර බීල නිදා ගන්ට.

  2. බන්ඩා says:

    පහසුකම් සහිත නිවසක් සහ මුදල් ඇති හෝ ඉතිරි කර ගත් අය ඇරෙන්න අනිත් හැමෝම ඉන්නෙ අමාරුවෙන් තමය්.

  3. Ada da rena says:

    Hondama wedey thopita . Saadu saadu. Thawa penagena gihin chande deepalla.🙄🙄🙄🙄🙄🙄🤑🤑🤑🙄🙄🙄🙄😒😏😒😒😒

  4. thajudeen avatar says:

    Ko den lokenma 2weniyata corona honda karapu naayakaya?? Hangila da?🙄🙄🙄🙄🤔🤔🤔

    Chande deepu 69 laksheta RATHANA SUTHTHREY PIHITAI. SAADU!!!!

    • Asanka says:

      Sadu ! Sadu !! Sadu !!!

    • narada says:

      මේ වගේ පවිටු/දුෂ්ට අදහස් තියන අ ය මනුස්ස ආත්මයක ඉන්නේ කියල හිතන්ට පුලුවන්ද? පොලගෙක් වගේ, ක්‍රෝදය වෛරය පිරිලා , කන දෙයක් වත් දිරවන්නේ නැතුව ඇති, මොකද මේ අය සත්තු වගේ හැසිරෙන්නේ? මොන තරම් කැත කොමෙන්ට් එකක්ද දල තියෙන්නේ

    • John the baptice says:

      දැන් හොදම වෙලාව ජේසු පොලවට බැහැලා මේ අයට පිහිට වෙන එක ලෝකේ අවසාන වෙනකන් ඉන්නේ නැතුව ආමේන්.

  5. රූපේ says:

    ඔය විපක්ශයේ ඉදන් කෑගහන එවුන්ටත් පුලුවන් පොඩ්ඩක් හොයල බලල උදව් කරන්න ඒ අයට.

    • Saman kumara says:

      උන්ට මිනිස්සු අකමැතියි…එකනේ සට දුන්නෙ තුනෙන් දෙක. ස ට බෑ ද දෙන්න..

  6. ගමරාළ says:

    දැන් ක්‍රියාතමක බලපත්‍ර ක්‍රමය හරහා වෙලෙදුන්ට බෙදාහැරීමේ කටයුතු කරගන්න ඇදිර් නීති බලප්ත්‍රයක් ගන්න බැහ. ප්‍රාදේශීය ලේකම් කාරයාල කොරොන පැතිරෙන ස්තාන වෙලා ..1000 ගානක් බලපත්‍ර ගන්න පොරකනවා.. වෙලදුන්ට සහ නිලදාරින්ට විශාල කොරොනා අවදාන ම්ක්තියෙනවා … අනවශය වැඩ මේවාඅ.. පැවති විදිහට ලගම තියෙන් පොලිස් ස්‍තානයෙන් මේව දුනන නම් හරිනෙ.. තවද පැරනි බලපත්‍ර ලාබීන්ගෙ ලියකියවිලි තිබේ නම් ඒවායේ වලන්ගු බාවය දීර්ග කල හැකිව තිබුනා න්වෙද.. දැන් ඇඩිරිය දාල.දින 5 ක් ගතවුනත් එකම ජoගම් සේවාවක් වත් මේ වෙන තුරු නිවෙස් කරා පැමිනියේ නැහ නේද… එක්වරම් මේක් දීර්ග කලේ බඩු තොග රැස් කරන්න එපා සදුදා වෙනකම් පමනයි කියලා නේද. ඉතින්. කෝ අහාර ද්‍රවය බෙදාහරින වෙලදුන් වත් එන්නෙ නැහ නේද

  7. දුටුගැමුණු says:

    පර-ජරා-ත්‍රන්ත්‍රවාදය ලෝකයේ සියලු රටවල් වනසන පාලන ක්‍රමය ක් ! ඕක අහෝසි කරනකං රට ගොඩ එන්නේ නෑ !

Main News