ඇගළුම් සේවිකාවන් 03 දෙනෙකුට කොරෝනා.. කටුනායක ගාමන්ට් තුනක් වසා දමයි…

October 9, 2020 at 1:20 pm | lanka C news
ඇගළුම් සේවිකාවන් 03 දෙනෙකුට කොරෝනා.. කටුනායක ගාමන්ට් තුනක් වසා දමයි…

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ එක් ඇඟළුම් කම්හලක සේවිකාවන් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කලේය.

ඒ අනුව ඇය සමඟ සමීපව ඇසුරු කළ සේවිකාවන් පිරිසක් කොරෝනා පරීක්ෂකට යොමු කර ඇත.

මේ හේතුවෙන් කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා තුනක් වසා දමා තිබේ.

මේ වන විට එහි සේවකයන් තමා නේවාසිකාගාරය රැඳී සිටිති.

එම කම්හල පාලනාධිකාරිය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් සිටින්නේ යැයි සැක හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

76,345 views

4 Comments to “ඇගළුම් සේවිකාවන් 03 දෙනෙකුට කොරෝනා.. කටුනායක ගාමන්ට් තුනක් වසා දමයි…”

  1. නලීන් says:

    ගම්පහ වූ හාන් ද? ලොක් කරන්න වෙයිද?

  2. පියල් says:

    දැන් බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. මෙම කර්මාන්ත වැසු විට ඇඳිරිනීතිය නැති ප්‍රදේශයක් හරහා කෙසේ හෝ ගමට යාමට සිත් ඇති වේවි. නේවාසිකාගාරවල වෙනත් අයත් ලැගුම් ගෙන ඇති. සියල්ලන්ටම පිළිතුරු නැතත් අඩුම ගනන‌ේ වසන කර්මානත්ත ශාලාව තුලවත් ආරක්ෂිතව පර්යේෂණ ටික ඉවර වෙනකම් තියාගන්න බැරිද?

  3. Love nature says:

    නිදහස් වෙළද කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා සනිපආරක්ශා අතින් ඉතා දුර්වලයි මෙය පළමුවෙන් සොයා බැලිය යුතුය.

  4. ඩී says:

    අදිරි නීතිය දැම්නත් බනිනවා,නොදැම්මත් බනිනවා. විරුද්ධ පක්ශයේ කෙනෙක් කිව්වොත් දරුනුවටම බනිනවා. නමුත් මේ ක්‍රමය තමයි අනෙක් රටවල් වල අනුගමනය කරන්නේ. කොහොමද වැලදුනේ කියන එකනම් යට යයි අවශ්‍ය සාක්කී නැතැයි කියලා,කොමිශන් පත් කලත්. රටේ නීති එක එක අයට එක විදියක්. මහජතාව හරිම අසරනයි. අනෙක් අයට නම් කඩ හැරලා හරි අවශ්‍ය බඩු සපයා දේවී. 18,19,20 කිය කිය හිටියා. දැන් ලොකු ගනන් වලින් ප්‍රතිපල. මග සිටිතොත් තමා නසී ගෙදර ගියොත් බිරිද නසී. කල කිරෙමී මේ තත්වය ගැන. ගොඩ ඒමක් පේනතෙක් මානෙක නැති නිසා.

Main News