කටුනායක ගුවන්තොටුපළේ මගී තදබදය අවම කිරීමට පියවර ගැනේ…

December 23, 2019 at 8:02 am | lanka C news
කටුනායක ගුවන්තොටුපළේ මගී තදබදය අවම කිරීමට පියවර ගැනේ…

කටුනායක ගුවන්තොටුපළේ මගී තදබදය අවම කිරීමට පියවර ගැනේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාවට නැංවේ.

කටුනායක ගුවන් තොටුපළේ කාර්යබහුල වේලාවන් වන රාත්‍රි 11 සිට අලුයම 02 දක්වාත් අලුයම 04 සිට උදෑසන 07 දක්වාත් දැඩි තදබදයක් පවති. ඇතැම් දිනවල මෙම කාලය තුළ පැයකට ගුවන් යානා 11 ක් පමණ ගුවන් තොටුපළට පැමිණේ. ඇතැම් දිනවල පැයකට ගුවන් යානා 11 ක් පමණ ගුවන් තොටුපළින් නික්ම යයි. මේ තත්ත්වය නිරීක්ෂණය කල ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපල ගුවන් සේවා සමාගමේ  සභාපති ජි.ඒ චන්ද්‍රසිරි මහතාට හා උපසභාපති රජීව් සූරියආරච්චි මහතාට උපදෙස් දුන්නේ ගුවන් තොටුපළ තුළ පවතින මගී තදබදය  නැති කිරීමට වහා පියවර ගන්නා ලෙසයි. ඒ සදහා  ගුවන් තොටුපළ තුළ ආගමන විගමන ක්‍රියාවලිය කාර්යක්ෂම කරන ලෙස ද ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ආගමන විගමන නිළධාරින් හා ගුවන් තොටුපළ බළධාරින් අතර පසුගිය දා මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කටුනායක ගුවන් තොටුපළේ දි පැවැත්විණි.

මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තයේ ගුවන් මගීන් වෙනුවෙන් වීසා කවුළු 19 ක් ඇති අතර පැමිණිමේ පර්යන්තයේ කවුළු 25 ක් ක්‍රියාත්මක වේ. එම කවුළු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව හා ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගමේ නියෝජිතයන්  අතර පැවති සාකච්ඡාවේ දි අනාවරණය විය. ඒ අනුව එම කවුළු සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරිණි. ඊට අමතරව මෙම සියලුම කවුළු සදහා ආගමන විගමන නිළධාරියෙකු යෙදවීමට තිරණය කෙරිණි. වීසා සම්බන්ධයෙන් මගීන්ට කිසියම් ගැටළුවක් මතු වුවහොත් ඒ අවස්ථාවේ දි ම ඊට විසදුම් ලබා දිම අරමුණයි.

ගර්භනි මාතාවන් හා විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් වෙනම වීසා කවුළුවක් වෙන් කෙරේ. ඊට අමතරව ගුවන් මගීන් සදහා මාර්ගෝපදේශ ලබා දීමේ වැඩ පිළිවෙලක් ද ගුවන් තොටුපල තුළ ක්‍රියාවට නැංවේ. එම වැඩ පිළවෙල ගුවන් තොටුපළ ආරක්ෂක අංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. විදේශ ගත විම සදහා පැමිණෙන ගුවන් මගීන් රටින් පිටවන තුරු හා දිවයිනට පැමිණෙන ගුවන් මගීන් ගුවන් තොටුපලෙන් පිටවන තුරු ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දිම මෙ අනුව සිදු කෙරුණු ඇත.

– ප‍්‍රදීප් අනුර කුමාර

23,703 Viewers

7 Comments to “කටුනායක ගුවන්තොටුපළේ මගී තදබදය අවම කිරීමට පියවර ගැනේ…”

  1. rasika says:

    every time i have seen that when we are arriving they are enough counters but shortage of people for all the counters. please try to increase number of peoples to work in order to reduce the traffic

  2. Hiran says:

    What’s needed is not the number of counters, manning of available counters.
    It’s very important as it’s the first impression of the country when a foreign visitor arrives….

  3. slcitizen says:

    These are good move, we experienced the same problem, very long queues, when we arrived at midnight.

    Another big issue is actually outside the arrival hall, it is a big mess, someone has to plan well. Otherwise, when tourists come out they see this as pettah market.. not like the airport. It is bad for the country.

  4. Kaduwela Siva says:

    ප්‍රශ්ණය ඇත්තෙ කවුලුසංඛයව නොව ඒවායෙ නිලදාරීන් නොසිටීමයි. ඔවුන් ද කටයුතු කර්න්නේ එන මගීන් තරහ කාරයන් සේ සලකාය .බොහෝ රටවල ආගමන විගමන් නිලදාරීන් ගේ ස්වාභවය එහෙමෙයි.

  5. billa says:

    Three wheelers mafia in Negombo must distroy. Last week TWM at Poruthota had thretened and hit to Uber taxi driver who came to pick a tourist. That tourist promised he never come again to SL. Whose power behind this mafia.

  6. RSD says:

    thawa deyak ,,me wwenath ratawala daruwna samaga ena family walata wenama counter ekak thiyanawa
    lankaweth ehema counter ekak fmaily walata wenamademmtoh loku sahanayak,ahinsaka daru petaw peya ganan mehe airport wala duk widala peya ganak uda guwane duk widala ewilla othanath balagenai dala thawa peya ganak yanawa gewal walata yaddi, e nisa eththatama karanna puluwannam loku deyak

  7. MD says:

    Excellent.Prashnaya ati tanata uttaraya denna.Jayawewa!

Main News