කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් PCR පරීක්ෂාවට…

May 30, 2020 at 8:02 am | lanka C news
කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් PCR පරීක්ෂාවට…

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ. ඒ සදහා පි.සී.ආර් පරික්ෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපළේ කඩිනමින් ස්ථාපනය කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති  ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි , යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සෞඛ්‍ය, ගුවන් තොටුපළ හා ආරක්ෂක අංශ නිළධාරීන් සමග කටුනායක ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. කටුනායක ගුවන් තොටුපළින් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාධිතයෙකු දිවයිනට ඇතුළුවීම වැළැක්වීම සදහා මෙතෙක් ගෙන ඇති පියවර හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ව ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කළහ.

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ගුවන් තොටුපළ තුළට පැමිණි පසු සෞඛ්‍ය ආරක්ෂිත ව  ආගමන විගමන කටයුතු සිදු කෙරෙන ආකාරය හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සදහා ගුවන් තොටුපළින් පිටතට රැගෙනවිත් බස් රථ වෙත ගොඩ කිරීම දක්වා වු ක්‍රියාවලිය ද ඔවුන්ගේ දැඩි පරීක්ෂාවට ලක්විය. මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ගුවන් තොටුපළින් රටට කොවිඩ් 19 වසංගතය ඇතුළුවීම වැළැක්වීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි. එහි දි කඩිනමින් ගුවන් තොටුපළේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් ස්ථාපිත කොට දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කෙරිණි. ඒ අනුව ගුවන් තොටුපළ සභාපති විශ්‍රාමික මේජර් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා ඊට අදාළ ස්ථානය වෙන් කර අවශ්‍ය ඉදිකිරීම් කර දීමට එකග වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශවයෙන් ඊට අදාළ අනෙකුත් පහසුකම් ලබාදීමට මෙහිදී තීරණය කෙරිණ. ඒ අනුව ඉදිරි දින කීපය තුළ එම පරීක්ෂණාගාරය ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපනය කෙරෙනු ඇත.

මෙහි දි අදහස් දැක්වු සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේ කටුනායක ගුවන් තොටුපළින් කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීමට ගුවන් තොටුපළ, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කාර්යය මණ්ඩල ගත හැකි, ගත යුතු සියළු පියවර ගෙන තිබෙන බවයි. ගුවන්තොටුපළ සේවය කරන ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ හා ගුවන් තොටුපළ සේවකයන් රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සදහා ද අවශ්‍ය පියවර ගෙන ඇති බව ඇමතිවරිය සදහන් කළාය. තමන් ගුවන් තොටුපළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය පිළිබද 100% ක්ම සෑහිමට පත් වන බව ද ඇය කීවාය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ගුවන් තොටුපළ නැවත මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබද ව  මෙම නිරීක්ෂණ චාරිකාවේ දී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල අවධානය යොමු කළ බවයි. ජූලි මස අග දක්වා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට රැගෙන ඒම සිදුවන බවත් අගෝස්තු මුල දී ගුවන් තොටුපල විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට අදහස් කරන බවත් පැවසූ ඇමතිවරයා කොවිඩ් 19 දිවයිනට ඇතුළුවීම වැළැක්වීම සම්බන්ධයෙන් තවත් පියවර රැසක් ඉදිරියේ දී ගන්නා බව ද කීවේය. ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන්ගේ මෙන්ම ගුවන් තොටුපළ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ වල කාර්ය මණ්ඩල වල සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ව ද මෙහිදී අවධානය යොමු වූ බව ඇමතිවරයා කීවේය..

– ප්‍රදීප් අනුර කුමාර

12,425 Viewers

11 Comments to “කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් PCR පරීක්ෂාවට…”

  1. haraka says:

    kisima salasmak naa anduwata! airport eken dawasata 500kwat enne naa aa okkomalage testing karagannawat bari anduwakin wadak tiyeyda? hahaha jokes anduwak

    • Gopolla says:

      Harakekuta punnaku dunnahama thanakolath amathakaya. harakekuta ammawath aduna genimata noheka

      • ප්‍රසන්න රණතුංග says:

        ඔයා මට නේද ඕක කිව්වේ. මම තමයි ගම්පහ ඉන්න ලොකුම හරකා.

  2. Kalana says:

    ඇයිද ඔයවගේ දෙයක්වත් හිතුවේ? ඔක්කම නිකන් අනා ගත්ත මුල ඉඳන්ම. Airport වැහුවේ මිනිස්සු කෑ ගහනවට, අඩුම ගානේ එන්න කැමති අයට එන්න ඉඩ දුන්න නම් අද මෙහෙම වෙන්නේ නැහැ. New Zealand අදත් Airport එක ඇරලා තියෙන්නේ පුරවැසියන්ට, නමුත් සංචාරකයන්ට වහල. මී හරක් දේශපාලුවෝ සමගින්, මොලයක් නැති දේශපාලුවට කඩේ යන නිලදාරීන්.

    • W N D Fernando says:

      ගොං කතා කියන්න එපා. එහෙම වුනා නම් අද මිනී කදු තමයි

      • Rabok says:

        Newseland wala inna minissu discipline jathiyak Sri Lankawe inne kisima vinayak nathi Jathiyak – neethi witharak madi – neethi kadannda bari vidhiyata – Physical environment ekath hadanna uwamanai -saha kadanakan unwa kotukaranna Armed Forces daannath oona – somewhat similar to harak

  3. MR says:

    කටුනායක Airport එකට පැමිණෙන මගීන් PCR පරීක්ෂණයට යොමුකිරීමට පියවර ගැනීම ඉතාමත් කාලෝචිත ක්‍රියාමාර්ගයක්. එසේම රටින් පිටවීමේදී PCR පරීක්ෂණ වාර්තාවක් ( නියමිත ප්‍රමිතීන්ට අනුව ) Airport එකට ඉදිරිපත් කිරීමත් අනිවාර්ය කලයුතු වෙනවා. මේ මගින් අපේ සංචාරක කර්මාන්තයද රැකගත හැකියි . අනාගතයේදී අනිත් රටවලුත් මෙම ක්‍රමය අත්හදා බලාවි .

  4. SL says:

    Open Matthala and set up a quarantine centers with 10000 capacity near Maththala airport where population is zero!
    then you can let other areas to be functioned without troubles

  5. Perera says:

    SO is correct. Why bring expatriates to Katunayaka. They should be landed at Mattala and quarantined first. That is very sensible thing to do, why don’t the authorities that way?