කටුනායක ගුවන් තොටේ කටාර් රියාල් මාරු කිරීම නවතා දමයි.. විදෙස් රැකියා කල ශ‍්‍රී ලාංකිකයින් හද්දා අමාරුවේ..

June 6, 2017 at 8:40 am | lanka C news
කටුනායක ගුවන් තොටේ කටාර් රියාල් මාරු කිරීම නවතා දමයි.. විදෙස් රැකියා කල ශ‍්‍රී ලාංකිකයින් හද්දා අමාරුවේ..

කටුනායක ගුවන් තොටුපලේ රාජ්‍ය හා පුද්ගලික බැංකු විසින් කටාර් රියාල් සදහා ශ්‍රී ලංකා රුපියල් හුවමාරු කිරීම නතර කර තිබේ. එමෙන්ම ගුවන් තොටුපලේ වෙළධ ආයතනද කටාර් රියාල් ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇත.

මේ හේතුව නිසා කටාර්හි සේවය කර මෙරටට පැමිණි ලාංකිකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මහ බැංකුව විසින් කටර් රියාල් හුවමාරු කිරීම නැවත දන්වන තුරු නතර කරන්නැයි උපදෙස් දී ඇතැයි ගුවන් තොටුපල බැංකු ශාඛා සදහන් කලද මහ බැංකුව පවසන්නේ එවන් දැනුම්දීමක් සිදු නොකල බවයි.

මෙම පියවර ගෙන ඇත්තේ මැදපෙරදිග රටවල් කිහිපයක් කටාරය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා නතර කිරීමත් සමගයි.

43 views

3 Comments to “කටුනායක ගුවන් තොටේ කටාර් රියාල් මාරු කිරීම නවතා දමයි.. විදෙස් රැකියා කල ශ‍්‍රී ලාංකිකයින් හද්දා අමාරුවේ..”

  1. Vat-Man says:

    බදුර්දීන්ට දුන්නනම් හරි එයාට කටාර් එක්ක සම්බන්දයක් තියෙන්වානේ ජාසීම් සිටි හදලා එයා රුපියල් වලින් ගෙවයි.

    • දේශාන් says:

      ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට උදවු කරන බැවින් ඉස්ලාම් රටවල්ම කටාරයේ දේශසීමා වසාදමා ඇත.
      ශ්‍රිලංකාවේ ඇමතියා ගේ කටාර් ක්‍රියාකාරකම්වල අබිරහස දැන් හෙළිවෙනවා නොවේද ?
      ඔහු කටාර් රටට පසුගිය වසර දහයක කාලයක් තිස්සේ කීවරක් ගොස් ඇත්දැයි සොයාබලන්න ඔබට පුදුම සිතෙනු ඇත.
      අන්තවාදී මේ ඇමතියා ඇමතිකමෙන් ඉවත් කරන්න .සිංහල මුස්ලිම් ගැටුම් ඇතිවන්නේ මෙන්න මෙවැනි ඇමැතියන්ගේ ක්‍රියාකාරකම් නිසයි .
      ඩයලොග් ටීවී මගින් විකාශනය කරන අල් ජසිරා චැනලය නවතා දමන්න .ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවලට සහය දක්වන මේ ආණ්ඩුව ඒ රටවල් හා පවතින සබඳතා ශක්තිමත් කිරීමට කල හැකි දෙයකි ඒ

  2. සුජා says:

    කටාරය සමග සමීප සම්බන්දතාවක් ඇතිකරගෙන සිටින ඇමතියා ගැන සොයා බලනු ඔහු නිතර නිතර කටාරයට යමින් අන්තවාදය ශ්‍රිලංකාවේ පැතිරවීමට කියාකරනු ලබයි .කාටර සමාගම් ලෙස ඔහු ලංකාවට ගෙන ආ සමාගම් අන්තවාදී සමාගම් වේ මේවාට අපේ රටේ ඉඩම් හා සම්පත් විකිණීම නවතනු .වහාම කටාරයේ අල්ජසීරා නාලිකාව තහනම් කරනු

Main News