කටුනායක ගුවන් තොටේ ත‍්‍රීවිල් මාෆියාව නියාමනය කිරීම අරඹයි..

January 27, 2020 at 5:30 pm | lanka C news
කටුනායක ගුවන් තොටේ ත‍්‍රීවිල් මාෆියාව නියාමනය කිරීම අරඹයි..

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රීරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹේ.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගැනෙන බවයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රී රෝද රථ රියදුරන් සමග පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. ගුවන් තොටුපළ පුළුල් කිරීමත් සමග මෙම ත්‍රීරෝද රථ රියදුරන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සදහා රැස්වීම කැදවා තිබිණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධ පැමිණිලි රැසක් තමන්ට ලැබී ඇති බවයි. සංචාරකයන් මුලින්ම මෙරටට පැමිණෙන ස්ථානය වන කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව සිදුවන ඇතැම් ක්‍රියා හේතුවෙන් රට පිළිබදව විදේශිකයන්ට වැරදි හැගීමක් ඇතිවන බවත් එය රටට නරක නාමයක් ඇතිකරන්නක් බවත් ඇමතිවරයා කීවේය. මේ නිසා මෙවැනි සිද්ධීන් වලට එරෙහි ව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරියේ දී කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ යෙදෙන ත්‍රීරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීමටත්, වෙනම නිළ ඇදුම් හා දිය හැකි වෙනත් පහසුකම් ද ලබා දීමටත් අපේක්ෂා කරන බව පැවසු ඇමතිවරයා මෙම ත්‍රීරෝද රථ සේවාව හදුනා ගැනීම පහසු වන පරිදි වර්ණ ගැන්වීම කෙරෙහිද අවදානය යොමුව ඇතැයි කිවේය. වෙනත් රටවල ගුවන් තොටුපල ආශ්‍රිතව මෙවැනි සේවාවාන් සදහා ලබා දී ඇති නිර්ණායකයන්ට අනුව මෙම නියාමනය කිරීම සිදුවන බවද රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

– ප්‍රදීප් අනුර කුමාර

33,515 Viewers

9 Comments to “කටුනායක ගුවන් තොටේ ත‍්‍රීවිල් මාෆියාව නියාමනය කිරීම අරඹයි..”

  1. Billa says:

    Not only BIA a three wheel mafia dominating at Negombo tourist area too. These thugs under courtesy of Negòmbo main mafia.

    • Dilshan says:

      There’s no future for three wheelers.Theres no point taking decisions with three wheelers in mind. In 10 years there will be no three wheelers due to lack of hires and availability of more comfortable and punctual public transport. Keep this comment printed and pasted on your walls with the date.

  2. SL says:

    1000 garts no output.
    Be like Gota.Do things and show your colours.

  3. Walli says:

    This is an island wide mafia. Each and every corner of the country. These three wheel dieses must eliminate completely and must introduce properly organized decent taxi service.

    • බන්ඩා says:

      ත්‍රි වීල් පමනක් නෙවෙය් පාරේ දුවන සියලු වාහන අඩු කිරීමේ ක්‍රමයක් ඉක්මනිනින් හදුන්වා නොදුන්නොත් පාරට දරා ගන්න බැරි වාහන තොගයක් එකතු වේවි. වහාම පොලව උඩින් හෝ යටින් යන MRT සිස්ටම් එකක් කොළඹට ආදේශ කල යුතුය්.

  4. බන්ඩා says:

    සිංගප්පූරුවෙ සෑම කුලී රථයක් තුල රියදුරාගෙ ෆොටේ එක වාහනයෙ නොම්මරය සහ පැමිනිල්ලක් තිබේ නම් එය කල හැකි නොම්මරය පැහදිලිව ප්‍රදර්ශනය කර තිබෙනවා. ඇය් ලංකාවෙ නැත්තෙ? ජනාධිපති තුමා නියෝග කරනකන් ඉන්නවාද?

    • Bitter Truth says:

      කුළී රථය අයිතිය සමාගමක් සතු නිසාත්, රියදුරු එහි සේවකයකු නිසාත් එහෙම කරන්න පුළුවන්. ත්‍රීරෝද වල අයිතිය බොහෝ විට රියදුරු සතු නිසා දාන්න වෙන්නේ ඔහුගේ දෙමාපියන්ගේ දුරකථන අංක තමයි.

  5. බන්ඩා says:

    සිංගප්පූරුවෙ සෑම කුලී රථයක් තුල රියදුරාගෙ ෆොටෝ එක වාහනයෙ නොම්මරය සහ පැමිනිල්ලක් තිබේ නම් එය කල හැකි නොම්මරය පැහදිලිව රථය තුල ප්‍රදර්ශනය කර තිබෙනවා. ඇය් ලංකාවෙ නැත්තෙ? ජනාධිපති තුමා නියෝග කරනකන් ඉන්නවාද?

  6. Sadda says:

    Ithama hodayi. Habayi kriyawenma vade kerenna ona.

Main News