කටුනායක ගුවන් තොටේ සේවාව අන්තිමයි.. මැදියම් රැයේ කටුනායකට කඩා පැන්න ඇමති අර්ජුන කියයි..

March 2, 2019 at 8:02 am | lanka C news
කටුනායක ගුවන් තොටේ සේවාව අන්තිමයි.. මැදියම් රැයේ කටුනායකට කඩා පැන්න ඇමති අර්ජුන කියයි..

කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් මගීන්ට ලබා දෙන සේවාව ගැන තමන්ට කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් ඉදිරියේදී ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.

ඒ, ඔහු 28 මධ්‍ය රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී දෙස් විදෙස් මගීන්ට විදීමට සිදුවන අපහසුතා සහ දුෂ්කරතා සොයා බැලීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය. එම හදිසි නිරීක්ෂණ චාරිකාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද එක් විය.

පැය දෙකකට අධික කාලයක් පැවැති එම නිරීක්ෂණ චාරිකාවේදී ආරක්ෂක පරීක්ෂාව, ගුවන් ප්‍රවේශපත්‍ර පරීක්ෂාව, ආගමන සහ විගමන පරිශ්‍රය ඇතුළුව ගුවන් තොටුපොළේ සෑම අංශයක්ම අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක් විය. එහිදී ගුමන් මගීන් අපසුතාවට පත් කරන දුර්වලතා සහ අඩුපාඩු රැසක් හඳුනා ගත් අතර අමාත්‍යවරුන් දෙපොළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ කඩිනම් වැඩපිළිවෙලක් යටතේ ගුවන් මගීන්ට වඩාත් උසස් සේවාවක් ලබා දීමට කටයුතු කරන ලෙසයි.

“අමාත්‍යවරයා ලෙස විතරක් නෙමෙයි සාමාන්‍ය ගුවන් මගියකු ලෙසටත් මම මේ ප්‍රශ්නය බොහෝ කාලයක සිට හඳුනාගෙන තිබෙනවා. ඒ නිසාම විෂය භාර අමාත්‍යවරයා ලෙස මේ ප්‍රශ්නවලට ස්ථීර සාර්ථක විසදුම් ලබා දීමට මම අපේක්ෂා කරනවා. දැනටමත් අපි ගුවන් තොටුපොළ පරිශ්‍රය නවීකරණය කිරීමටත් පහසුකම් වැඩි කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. අපේ අරමුණ වන්නේ ගුවන් මගියාට සතුටින් මේ රටින් පිටව යාමටත් සතුටින් මෙරටට පැමිණිමටත් අවශ්‍ය පරිසරය සැකසීමයි. එතැනදී අපේ ආයතනවලට වගේම ගුවන් සමාගම්වටලත් වැඩි වගකීමක් පැවරෙනවා. අද සමහර ගුවන් සමාගම්වල මානව සම්පත්වල විශාල අඩුවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. සමහර කවුන්ටර වහලා. මගීන්ට මඟ පෙන්වන්න ඔවුන්ගේ නියෝජිතයින් නැහැ. මගීන් අතරමං වෙලා එහේ මෙහේ යනවා. ගුවන් සමාගම් වුණාම මුදල් උපයන එක පමණක් නෙමෙයි මගීන් ගැනත් සිතන්න ඕන. ඉතිං මේ ප්‍රශ්නය ඉදිරියේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා විසදුමක් ලබා ගැනීමට මාත් වජිර අබේවර්ධන ඇමැතිතුමාත් අපේක්ෂා කරනවා…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

ඊට එක්වෙමින් අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යතුමාද පැවසුවේ ගුවන් සමාගම්වල සේවක හිඟයට වහාම පිළියම් යෙදීම අදාල ආයතනවල වගකිම වන බවයි.

“ගුවන් තොටුපොළේ පහසුකම් වැඩි කිරීම පිළිබඳව පසුගිය කාලයේදී විශාල වශයෙන් ප්‍රශ්න සහ ගැටළු මතු වුණා. විශේෂයෙන්ම මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මේ අනුව පෙනී යන කාරණය නම් රටට තවත් ගුවන් තොටුපොළක් අවශ්‍යයි…”යිද වජිර අබේවර්ධන අමාත්‍යතුමා පැවසීය.

– තමීර මංජු

32,034 Viewers

8 Comments to “කටුනායක ගුවන් තොටේ සේවාව අන්තිමයි.. මැදියම් රැයේ කටුනායකට කඩා පැන්න ඇමති අර්ජුන කියයි..”

  1. Sri Lankan says:

    “රටට තවත් ගුවන් තොටුපොළක් අවශ්‍යයි”

    Buruwo, aluthin hadanne natiwa ara Mattala goda ganin…

    • දහනායක says:

      මෙහෙමයි ඉතින් මෙතුමාගේ පෙර කල් ක්‍රියාව අද්‍යනය කලාම කියන්න පුළුවන් මේ කැරකෙන්නේ හොඳ ගානකට විදින්න කියල ඒවගේම ඉතින් ඔය ගුවන්සේවා ගෑනු ළමයින් එහෙමත් යන එන තැනක් නිසා පැරණි පුරුද්දට මසාජ් ක්ලිනික් එහෙමත් දමන්න හිතේවි .පුද්ගලික කාර්යාලයට බවලත් අය ගන්නත් හිතේවි

  2. Gayantha says:

    ඉතා හොද වැඩක්. අනිත් අයත් මෙහෙම හොයා බෑලීම් කරනවා නම් රාජ්‍ය සේවයේ නිකන් සිට මහජන මුදල් නාස්ති කරන හාල්පරුවන් අල්ලාගැනීමට හැකිවෙනවා නියතයි. විශේෂයෙන්ම වෙහෙර හැර, ගුවන් ගමන් බලපත්‍රය ගන්න තැන, හැදුනුම් පත ගන්න තැන් මේ අකාරයට පරීක්ශා කරන්න සහ ඒවයේ සේවය කඩිනම් කරන්න. අනික දැන් පොලිසියේ යම් පිරිසක් කරන කොන්ත්‍රාත් මිනිමැරීම් සහ මත්කුඩු වෙලදාම් නවත්වන්න ‍යම් වැඩපිලිවෙලක් හදන්න. වැටලීම්, අතඅඩන්ගුවට ගැනීම් සහ දඩ ගැසීම් වලදී කෙටි විඩියෝවක් අනිවර්‍ය්ය කරා නම් මේ ප්‍රශ්නෙත් විසදෙවී.

  3. oba says:

    රටට තවත් ගුවන් තොටුපොළක් අවශ්‍යයි…”යිද වජිර අබේවර්ධන අමාත්‍යතුමා

    ඒකනේ ගොනෝ අලුත් එකක් හැදුවේ උඹල එකේ වී දැම්මේ

    • lotus says:

      Should build it after feasibility investigation without making at home town . Dabulla , Trinco, wellawaya, anuradapura,is good for 2nd air port.

  4. Nava says:

    කොච්චර අපේ රටේ සුන්දරත්වය, ඉතිහාසය, ශිෂ්ටාචාරය, සභ්‍යත්වය ගැන කියල පිටරැටියෙක් මේ රටට ගෙන්න ගත්තත් මේ එයාපෝට් එකෙන් එලියට එනකොට ඒ මිනිහගෙ රට ගැන තිබුන හොඳ ආකල්ප ටික බින්දුවටම බැහැල ඉවරයි. Immigration කවුන්ටරෙන් අඩියක් ඉස්සරහට තියපු වෙලේ ඉඳන් ඩියුටි ෆ්‍රී කාක්කො කාක්කියො වට කරගෙන උන්ගෙ ගිනි ගණන් බඩු ගන්න කියල කෑ ගහගෙන පොරේ. ඒ වදෙන් බේරිලා බෑග් ගන්න ගියහම බෑග් ට්‍රොලි කාරයින්ගෙ පොරේ. උන් එකෙක් ගෙන් වත් උන්ගෙ යුනිෆෝම් එකේ ගහල තියන නියමිත ගාන විතරක් දීල බේරෙන්න බෑ. ඒව ගැන බලන්න කවුරුවත් නෑ. ලොබියට යනකොට වාහන ඕනෙද අහගෙන ඒජන්ට්ලගෙ වදේ. බිල්ඩිමෙන් එලියට යන්තං ආවහම ටැක්සි කාක්කො වට කරනව. ඊට පස්සෙ බෑග් වාහනේට බලෙන්ම උස්සල දාල අවම රු 500 ක් කඩා ගන්න තව සෙට් එකක්. මේ හැම දෙයක්ම ඔතන බලධාරීන්ගෙ සහයෝගයෙන් කෙරෙන දේවල්. තව ඕකෙ ඉන්න සිකියුරිටි, කස්ටම්, පොලිස් කාරයො රට ගිහිල්ල කීයක් හරි හම්බ කරගෙන එන අපේ රටේ නූගත් කාන්තාවන් සූරා කෑම වෙනම.

    • Independent buwa says:

      අනේ බොරු නොකියා ඉඳපන් බං, දැන් අවුරුදු 7ක් තිස්සේ දවස් 42කට සැරයක් යන එන මගේ බෑග් එක මොකෙක් වත් බලෙන් උස්සන්න ආවේ නෑනේ තාමත්….. 😂

  5. Goviya says:

    ඔබ යටතෛ් ඇති සියලුම ආයතන ඔයවගේ තමයි. හැම එකේම ‌ෙහොරකමි වයට කරනව. දුමිරිය, සිවිල් ගුවන්සේවා ‌ෙදෙපාර්තමෙීන්තුව, ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනාගමන ‌ෙකොමිෂන් සභාව, මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව හා ‌ෙ‌ෛවෛද්‍ය ආයතනය කියන ඒවයේ හැම නිලධාරිනේම වැඩ කරන්නේ සල්ලි වලට.

Main News