කටුනායක ජන සන්නිපාතයෙන් පසු ගෝටාගෙන් සංවේදී ෆේස්බුක් සටහනක්..

April 12, 2019 at 10:27 pm | lanka C news
කටුනායක ජන සන්නිපාතයෙන් පසු ගෝටාගෙන් සංවේදී ෆේස්බුක් සටහනක්..

සති තුනක ඇමරිකානු සංචාරය නිමා කර අද පෙරවරුවේ මෙරටට පැමිණි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන් තොටුපලේදී හිමිවූයේ ඉතා උණුසුම් පිලිගැනීමකි.

එහි සිටි ජනතාව ජය ඝෝෂා නගන ලද්දේ ‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ කියමිනි.

මෙරටට පැමිණි පසු ගෝටාභය රාජපක්‍ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති නවතම සටහන මෙසේය.

අද උදෑසන කටුනායක ගුවන් තොටුපළේදී මාගේ සහෝදර ශ්‍රී ලාංකීය ජනතාව වන ඔබ විසින් මා පිළිගත් උණුසුම් ආකාරය, මගේ රටට මා මෙන්ම ඔබද බොහෝ ලෙස ආදරය කරනා බව තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් ලෙස මම දකිමි. රටට එරෙහිව සතුරු බලවේග විවිධ කුමන්ත්‍රණ දියත් කරද්දී කවදත් එකමුතු වුන දේශප්‍රේමී ජනතාව මා වෙනුවෙන් අද පෙනී සිටින්නේ හුදෙක්ම ඒ ජාතික හැඟීම නිසා බව මම දනිමි.

මා පිළිගන්නට අද ගුවන්තොටුපළට පැමිණි ගරුතර සංඝරත්නය හා සර්ව ආගමික පූජකතුමන්ලා ප්‍රමුඛ ගරු පාර්ලිමේන්තු මංත්‍රීතුමන්ලා, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මංත්‍රීතුමන්ලා, වියත්මග සහ එළිය සාමාජිකයින්, මාධ්‍යවේදීන්, සමාජ ජාලා වෙබ් අඩවි ක්‍රියාකාරිකයින් ඇතුළු සියලූම ආදරණීය ජනතාවට මම ගෞරවපූර්කව ස්තුති කරමි. අද පැමිණිමට නොහැකි වුවත් හදවතින් මට සුභ පැතූ සුවහසක් ශ්‍රී ලාංකීය ජනතාවටද ස්තුති කරන්නට මම මෙය අවස්ථාව කර ගනිමි.

මා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිටි කාලය තුළ මට ආරක්ෂාව සැපයූ සහ සහාය දැක්වූ සියලූම හිතවතුන්ටද, මා වෙනුවෙන් වගකීම් අතටගත් නීතීඥයින් ඇතුළු අනෙකුත් විද්වතුන්ටද විශේෂ ස්තුතියක් පුද කරමි.

රට වෙනුවෙන් හැකි උපරිමයෙන් සේවය කොට ඇති මම, ඉදිරියේදීත් රට වෙනුවෙන් ඔබ අපේක්ෂා කරනා ඕනෑම මෙහෙවරකට සූදානම් බවත්, එයට එරෙහි වන කිසිදු බාධකයකට යටපත් නොවන බවත්, දේශප්‍රේමී සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට ඉතා ආදරයෙන් සහ වගකීමෙන් ප්‍රකාශ කරමි.

ගෝඨාභය රාජපක්ෂ

– Gotabaya Rajapaksa FB

54,594 Viewers

47 Comments to “කටුනායක ජන සන්නිපාතයෙන් පසු ගෝටාගෙන් සංවේදී ෆේස්බුක් සටහනක්..”

  1. obathumata jayama wewa

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      කටුනායක ගුවන් තොටුපලට වැඩිම සෙනගක් පැමිණියේ 1980 ගණන්වල ඉතාලි ගුවන්යානයක් මංකොල්ල කෑ ශ්‍රීලාංකිකයෙක් වන සේපාල ඒකනායක නමැති මංකොල්ලකරැවා පිළිගන්න. එවැනි සෙනගක් මෙිදක්වා කිසිදු රාජ්‍ය නායකයෙක් හෝ ශ්‍රීලංකාව වෙනුවෙන් කීර්තිය අත්කර දුන් කිසිවෙක් පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණ නෑ.
      ඒ කියන්නෙ ශ්‍රීලාංකිකයො බහුතරයක් හොරැන්ට සහ මිනීමරැවන්ට කැමතියි වගේ.

    • තාම ද්විත්ව පුරවැසි! හුරේ දැම්මට වැඩක් නෑ!

  2. සිංහල බන්ඩා සහ .... says:

    ජයවේවා.

  3. කරුණාපාල ගමගේ says:

    මහ දවල් මහ බැංකුව හොරා කෑ රන්නිල්, මලිකා, රිවි කරුනයා, බනානා සුජියා, අජූත පෙරේරා ඇතුලු බැඳුම්කර හොරුන් ගෙන්

    අලාභය සම්පූර්ණයෙන් අයකරගෙන උන්සඳහටම සිපිරිගෙට යවන්ඩ නම් ගෝඨා මෙරට ජනාධිපති වියයුතුමයි.

    • කාන්තිලතා ගුණසේන says:

      හරියට හරි!

      එසේ නැතිව කෝටි, ප්‍රකෝටි ගණනක්වන එම පාඩුව මෙරටේ දැනට ජීවත්වන පමනක් නොව අනාගතයේදී ඉපදීමට නියමිත

      දරු-දැරියනුත් ඇතුලු සියලුදෙනා තමන්ගේ ජීවිත කාලය පුරාම ගෙවිය යුතුයි කියා සිතන ඕනෑම අඥාණයෙක් හෝ මන්ද බුද්ධිකයන්

      සිටිත්නම් ඔවුන් රනියට, සජියට, කරුවට, ආලාපාලුවට හෝ නාගයාට ඡන්දය දමත්වා!

    • හොරු අල්ලන්න රටේ දේපල හොරා කාපු නීලකාස හොරෙක් ගේන්නලු.
      රටේ හදවත වෙච්චි ⁣හමුදාමූලස්ථාන ඉඩම චීනට විකුණපු එකා රටේ සම්පත් රකින්න ජනාධිපති කරන්නලු.
      උද්ඝෝෂණවලට වෙඩි තියවපු, මහදවාලෙ මිනීමරපු එකෙක් ජනතාව රකින්න පත්කරගම්මු ලු..
      තොපිට පිස්සුද බොලව්?

      • NAK says:

        Tho danna magula. Aa salli walin thamai akuregoda hamuda moolasthanaya hadanne. eke ithuwethibunu billiona Rs.7 Ravia apu gamanma keliya.

        • තොපි හරක් කියන්නෙ නිකංද? හමුදාවට අලුත් මූලස්ථානයක් අවශ්‍යවුනේ තිබුන එක විකුණපු නිසා. ඒ සල්ලි වලින් හමුදා මූලස්ථානය හදන්න ඕන තමයි. ඒත් වැඩිහරියක් ලේකමා ගසා කෑවා. ඒක මහා දේශප්‍රේමය ගැන කියන ඔය හොර පවුල චීනෙට සින්නක්කරව විකුණපු එක හරිද? උත්තර දෙනකොට මුලු කාරණාවටමඋත්තර දෙන්න. නිකං වැල් බයිල නැතුව.

          • cobra says:

            අද LTTE ත්‍රස්තවාදයෙන් තොර නිදහස් රටක් තියෙන්නේ ඒ මහින්ද ,ගොථාභය ඇතුලු රණවිරුවන් නිසයි ..ඒ බව තේරුම් ගනින් දේශද්‍රෝහී දප්පුල …..ඒ වීරයන්ට ගරු කරපන් ..බොරු චෝදනා කිරීම නතර කරපන් …උබ කලගුණ නොදන්නා වසලයෙක්

      • නුවන් වික්‍රමසිංහ says:

        I’m not quite sure what you guys really talk about. But rather than corrupted politicians, a government servant like Gotabhaya will be a better choice. He showed what he can do when he had power back then. You say whatever you can but, non of above things has proven and just gossips.

        • Critic says:

          I agree with you N.W. Some fools talk nonsence. Mr Gota is a right choice for the future of our country. I wish him triple gem bless!

          • Even as a govt.servent he misused his powers, with his brother’s powers he acted as a cabinet minister. Without the political power he misused govt.money, he sold the army headquarters, he orderd to army to over power the civilian protestors and killed 4-5 of them. Don’t you remember? So is he suitable to be the President? Never! The whole country will be a bloodbath on that day. You can buy heroin as much as you want from your local boutique.If you like those just vote him

      • Spirit says:

        @දප්පුල…. Don’t Talk bullshit , You are an idiot
        Always remember… Rumors are carried by haters, spread by fools, and accepted by idiots.”
        Hon .Gotabhaya is a great hero ….Jaya Wewa

        • Click says:

          Well said, Cobra, Critic, and Spirit. I totally agree with you! That Dappula bugger is talking BS!

  4. Rohan says:

    Honered

    • SALMAL says:

      When you open your heart to patriotism, there is no room for prejudice
      Patriotism is when love of your own people comes first; nationalism, when hate for people other than your own comes first.
      Hon .Gotabhaya . Thank you ,Sir …..Country need your service.

  5. දේවක says:

    යූඇන්පියට ගෑවුන එකෙකුටවත් ඡන්දෙ දෙනවයි කියන්නෙ මහබැංකු බැඳුම්කර මහා මංකොල්ලය නීතියෙන් අනුමතකර,
    නැවත නැවතත් හොරා කෑමට ආරාධනා කරනව වගේ දෙයක්.

  6. David Milli-banda says:

    Mokakda may Jeppo natana naadagama …. kaatada kadey yanne mung…

    Gotabaya, apey Rata saha jaatheen beraganna.

  7. sathya says:

    Aayeth minee maruwek President wenna yanawa

    Again a Murderer is going to be the President.
    He will never win.
    GOD is looking at everything

  8. Aurora says:

    ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි, අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වන්නේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මකවන සමුර්ධිමත් අභිමානවත් දේශයක්. මේ රට උලාකාපු කාලකන්නින්ට අනුකම්පා නොකර නීතිමය විධියට දෙන දඬුවම්. කිසිදා කිසිවකුට තම වාසියට රටේ නීතිය සහ ක්‍රමවේදයන් වෙනස්කල නොහැකි ශක්තිමත් පාලන ක්‍රමයක්. රාජ්‍ය දේපලවල සුරක්ෂිත භාවය. ඔබතුමා අපේ රට ද්‍රෝහීන්ගෙන් ගලවගන්නවා සිකුරුයි. ඔබතුමාට දේවාශිර්වාද ලැබේවා!

  9. mahinda says:

    අනාගත ජනපති ගෝථා…. මෙහෙමයි ගොන්නු හිතන් ඉන්නේ. රට ජාතිය ගැන කතා කරනවා වෙන රටක පුරවැසි භාවය ගත්ත කෙනෙක්. එවට රැවටෙන ගොන්නුත් ඉන්නවනේ.

    • john the baptice says:

      උබ UNP .JVP .TNA ට කඩේ යන මිහරකෙක් නේද ? ලැජ්ජයි

  10. Nihal says:

    Clean the capital city again.and dissolve stupid provincial councils.

  11. john says:

    We need your leadership for a well disciplined, focused, clean and innovative Country. Our people are cabable of that, what we need is your leadership. WIsh you strength, good health and Good luck!!!!

  12. ranjan says:

    රට වෙනුවෙන් අවංකවම සතුටු විය හැකි අවස්ථාවක්

  13. Nim says:

    KARUNAPALA GAMAGE,
    OBA HARIYATAMA HARI.
    AMA PRKASANAYA
    MA PAMANAK NOWA
    MULU MAHATH BAHUTHARAYA
    ANUMATHA KARANU ATHA.

  14. Rathgama MC says:

    So daily mirror & derana reported it wrong

    Fmr Defence Sec. Gotabhaya Rajapaksa told media at the BIA, Katunayaka this morning that steps to renounce his US citizenship concluded successfully-Daily Mirror

    His lawyers are working on it but he has to submit the papers from Sri Lanka … that what he says …
    so renouncing has not even started … he has to submit documents from SL to American embassy for the US government to consider it

    Apparently his Lawyers advised not to run it till the case gets opened.

    I sent Mihira this news
    Fmr Defence Sec. Gotabhaya Rajapaksa told media at the BIA, Katunayaka this morning that steps to renounce his US citizenship concluded successfully-Daily Mirror

    He has replied saying ;-

    He did not say this
    He said he will file application to renounce as soon as his lawyers give him the green light to do so

  15. Si says:

    Me deshaya pilibada Mage heenaya sabawak karanna obsta

  16. Si says:

    Me deshaya pilibada Mage heenaya sabawak karanna mathiduni

  17. Richmond from Canada says:

    Every concerned citizen had been waiting for you! Congratulations!! Happy New Year!!!

  18. piumal kavinda says:

    100k witara awama maha janasannipathaka wenawada? Oka hodai katunayaka giya nathi ekekta…kohomath flight 1k awama ena kattiyagen terminal 1 pirenawa hamadama…ethakotath maha jana sannipathak wenna athi….

  19. හෙළදිව ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු රාජපක්ෂ නාමය තවතවත් බබුළුවාලන රජය පාලනයක් ඔබතුමන්ගෙන් බිහිවේවායි මේ සූර්ය මංගල්ලයේ
    ලාංකීය හුදීජන ඒකායන පැතුමයි!
    ජය ධරණී!

  20. Paapa says:

    I think Nagananda kodithuwakku might become the next president.. what do you think?

  21. ASanga says:

    ගෝඨා එන එක වලක්කන්න මෙච්චර ට්‍රයි කරන්නෙ ආවොත් ජනාධිපති වෙන එක වලකන්න බැරි නිසා. මොකද ගෝටා ඉල්ලුවොත් අනිත් පැත්තෙ චන්ද කඩන්න කට්ටිය දැම්මත්, දෙවනි මනාපෙන් ගෝටා දිනනවා. ඒකයි මෙච්චර කියවන්නෙ. ඔය කිය්නා කිසිම දෙයක් ඔප්පු වෙලා නෑ.

  22. පාප, නාගානන්ද මහතාගේ අදහස් හොඳයි. ඒ විධියටම කෙරෙනවා නම් රටට සැමට යහපතක් වෙයි. ඒත් ධර්මිෂ්ඨ කථා, යහපාලන කථාත් හොඳයි කියල හිතපු රටවැසියා අනාථ වුනා. ඒ නිසා කථාවෙන් බැහැ මනින්න. ගෝඨා මිනීමරුවෙක් තමයි. ඒ, යුද්ධයේදී ඔහු රාජ්‍යාරක්ෂක ලේකම්. යුද්ධය කියන්නෙ මිනී මැරීමක් තමයි. ඒත් ඒ වැඩේ හරියට කරලා අවසන් කළා. ඒ මදිවට ගොඩක් සංවර්ධන වැඩ කළා. ඒ නිසා ඔහු ට දීලා බලමු ද?

    • LOL says:

      මොකක්ද දීලා බලමුද කිව්වේ ? පස්ස පැත්තද?

    • darshana abayakoon says:

      නාගයා කියන්නේ Custom එකේ වැඩ කරපු කාලෙ වංචාවකට අහුවෙලා Custom එකෙන් පන්නපු එකෙක්. ජෙප්පො මිනිහව ෆෝම් කරන්නෙ මිනිහගෙ ඇපෙත් රාජසන්තක වෙනබව හොඳටම දැනගෙන, ඒත් ගෝඨාට වැටෙන ඡන්ද කඩල රනිලව දිනවන්ඩ බලාගෙන.

  23. Samarakoon says:

    Mr. Gotabaya Rajapakshe is the one and only suitable candidate to run this country after the next presidential election. No one else will come even closer to his margin!

  24. eranga says:

    තාෙපිලාට පිස්සු. කසාද බැඳලා වෙන ගෙදරකට ගියා කියලා. තමුන්ගෙ දෙමාපියෝ අමතක කරන්න පුඵවන්ද. ඒ වගේ තමයි දිවිත්ත පුරවැසි බව

Main News