කටුනායක නිරෝධායනේ දැමූ සේවකයන් හාමතේ.. PHI අමතමින් කුණුහරුපෙන් බනිති…

May 17, 2021 at 2:10 pm | lanka C news
කටුනායක නිරෝධායනේ දැමූ සේවකයන් හාමතේ.. PHI අමතමින් කුණුහරුපෙන් බනිති…

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නිරෝධායනයට ලක් කර සිටින කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් 300ක් ගෙන් වැඩි පිරිසක් නිරාහාරව කල්ගත කරන බවට එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසති.

අදාල පිරිසක් තාවකාලික පදිංචිකරුවන් නිසා ඔවුන්ට රජයෙන් කිසිවක් ලබා නොදෙන බවත් ඔවුන් නඩත්තු කිරීමට තමන්ටද හැකියාවක් නොමැති බවත් එම නිලධාරීන් කියති.

එම සේවක පිරිස් තම දුරකථන අංක සොයාගෙන ඇමතුම් ලබාදෙමින් ආහාර ඉල්ලා ආයාචනා කරන බවත් තවත් සමහරු පරුෂ වචනයෙන් බැන වදින බවත් ඔවුන් කියා සිටිති.

එම පිරිස්වලට ආහාර සහ පහසුකම් ලබා දීමට තමන්ට හැකියාව නැති නිසා එම කලාපයේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමේ කටයුතු තරමක් දුරට අත්හිටුවා ඇති බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියති.

40,737 views

10 Comments to “කටුනායක නිරෝධායනේ දැමූ සේවකයන් හාමතේ.. PHI අමතමින් කුණුහරුපෙන් බනිති…”

  1. SKF says:

    කවුරුහරි ගොන් බයියෙක් කියපල්කො කොවිඩ් අරමුදලට මොකද වුනේ කියල.

    • බැරි සිල් says:

      ඒක අරං මං ආවා අමේරිකා.
      වියදං වෙනහරියක් වියදං කොරලා ඉතුරු උනොත් ගේන්නං පොකට් මනි

    • ඕලෙවල් පේල් පේමදාස says:

      ඒක මගේ අතින් වියදං උනා බං

  2. නාරද says:

    අපි අපේ අවට ගැන සානුකම්පිතව බලමු. මෙතන ලොකුයි. ලොක්කෙක් බලන්න. කවුද ගම්පහ බොස්. රජයේ සල්ලි නාස්ති කරනවා එහෙම නොවෙයි. රජයට හැම රෙද්දම කරන්න බැහැ. ගෝඨා, සජිත්, රනිල් නොවේ මොකා හිටියත් මේහෙමමම තමා හිතිය යුත්තේ

    • බුබුලා says:

      ගම්පහ මිනිස්සුන්ට ඉන්ජෙක්ෂන් එක දෙන්නෙ ලාහට ගෙම්බෝ අහුලනවා වගේ.

    • Janu says:

      මුත්තා (JR) කිව්වේ තමන්ගේ ආරස්සාව තමන්ම සලස්සගන්න කියලා. Usd ඒක 70/= තියෙද්දී.

  3. පොඩිගේ says:

    ලොකුගේ , පිළියන්දල- කැස්බෑවෙ මිනිස්සුන්ට දැන් ඉතින් කන්න දීපාන්

  4. වෛරස් මුදියන්සේලාගේ කෝවිඩ් Return says:

    වෙසක් මාසයේ මෙහෙම මිනිස්සුන්ව බඩගින්නේ තියන්න එපා. රටේ ප්‍රධාන සිද්ධස්ථානවල පින්කැටවල ඉබ්බන් ඇරලා දැන්වත් වැඩක් ගන්න හාමුදුරුවනේ !!!

Main News