කටුනායක පී.සී.ආර්. නැවැත්වීම හරහා විශාල ජාවාරමක්…?

October 8, 2021 at 1:20 pm | lanka C news
කටුනායක පී.සී.ආර්. නැවැත්වීම හරහා විශාල ජාවාරමක්…?

කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදී විශාල ගසාකෑමක් සිදුවන බවත්, ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට තිබූ අවස්ථාව නතර කරමින් ආර්මාර්ථකාමී ව්‍යාපාරිකයින්ට මුදල් ගසාකෑමට අවස්ථාව උදාකර ඇති බව ඔ්මල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසූහ.

අපිට පේනවා කොරෝනා එන්නත මුල්කරගෙන යම්කිසි පිරිසක් ඉතාමත් ක්‍රමානූකූල, කපටි කයිරාටික ධනෝපායනයකට යොමුවෙලා තියෙනවාකියලා. ලාභයට ලෝක වෙළදපොලෙන් එන්නත් ගන්නේ නැතිව වැඩි මුදලකට එන්නත් ගන්නවා. චීනයත් එක්ක ශීු ලංකාව එන්නත් ලබා ගැනීමේ ගිවිසුමේ මිල අනාවරණය කරන්නේ නැහැ . ලබා ගන්න මිල ප්‍රසිද්ධ කරන්නේ නැහැ. දෙපාර්ශ්වයම එකග වෙනවා මිල ප්‍රසිද්ධ කරන්නේ නැතිව ඉන්න. කෝ මෙතන විනිවිද භාවයක්. සමහර පෞද්ගලික සමාගම්ඉදිරිපත් වෙලා තියෙනවා එන්නත ශ්‍රී ලංකාවේ නිපදවන්න ආණ්ඩුව එයට අවසරදෙන්නෙ ්නැහැ. ඇයි ඒ?

රැපිට් ඇන්ටිජන් පරික්ෂණ සම්බන්ධයෙන් මතවාද පළවුණා. ඉතාමත් අඩු මුදලකට ගන්න රැපිඩ් ඇන්ටිජන් කට්ටල තිබියදී අතිවිශල මුදලකට ගන්න බවට චෝදනා ආවා. එපමණකුත් නොවෙයි පීසීආර් පරික්ෂණ සම්බන්ධයෙන් කටුනායක සිදුවෙන මහා සාපරාධී ගසා කෑමක්. පෞද්ගලික හෝටල් වලට අහිංසක ගුවන් මගීහූ දක්කාගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් මුදල් අයකර ගැනීමේ දාමරික ක්‍රියාවක් සිදුවෙමින් පැවතුණා. ජනමධ්‍යයෙන් මෙය උලුප්පා දැක්කුවාට පසුව ආණ්ඩුව ආරම්භ කලා කටුනායක ගුවන්තොටුපල ආශ්‍රිත පීසීආර් මධ්‍යස්ථානයක්. ඒකට විශාල වියදමක් දරලා ආරම්භ කළ ආයතනයක් සාමාන්‍යයෙන් පැයකට පරික්ෂණ 500ක් පමණ කරන්න පුලුවනි. මේ ආයතනය වැඩ පටන් ගත්තා වැඩ පටන් අරගෙන ක්‍රියාත්මක වුණේ දවස් දෙකයි. ඒක නැවත වසා දැම්මා.

ඒහෙම නම් කුමක්ද මේ වෙන්නේ , ආත්මාර්ථකාමී පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපට පැහැදීලිවම නිගමනය කරන්න වෙලා තියෙනවා අවංකත්වය පෙරදැරිකරගෙන නෙවෙයි මේ වැඩපිලිවෙල යන්නේත එන්නත්කරණය පිලිබදව යළිත් සිතන්න තම තමන්ගේ හෘද සාක්ෂීයට අනුව කටයුතු කරන්න හැබැයි අපිට අපේ පැත්තෙන් කියන්න තියෙන්නෙ බුදුහාමුදුරුවන්ගේ අවවාදයමයි.

පොදු ජනතාව තුල මතයක් ඇති කලා දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ කිසිදු පදනමක් නැති මිත්‍යා විශ්වාසයක් පමණයි කියලා. එහෙම කියන අතරම ඔවුන් කළේ මෙන්න එකම විසදුම එන්නත පමණයි කියන එකයි. ජනතාව බලහත්කාරයෙන් එන්නත්කරණයට පොළඹවලා තියෙනවා. හැබැයි අපි මුල ඉදලාම කියනවා මේ කොරෝනා වයිරසය ආරම්බ වුණ මොහොතේ සිටම

දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාව දෙන්න කියලා. කියලා. දේශීය වෛද්‍ය කියන්නේ රජයේ ලියාපදිංචි වී ඇති එසේම නීත්‍යානූකූලව පිළිගත් ආයතන. නමුත් නිත්‍යානූකූලව පිළිඅරගෙන දේශීය වෛද්‍යවරුන් නිර්මාණය කිරීමේ කාර්යය ආණ්ඩුව කරනාව නම් ඇයි මෙවැනි බරපතල අවස්ථාවකදී ‌ දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවන දෙන්නේ නැත්තේ. පැහැදිලිවම මේක දේශීයත්වයට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බව අප පැහැදීලිව කිව්වා. දැනට එය වේගයෙන් ක්‍රියාත්මක වෙනවා‍.

ඒ නිසා අපි අදත් කියනවා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් දෙන්න. අවුරුදු දහස් ගණනක අත්දැකීම් මුල්කරගෙන ඔවුන් අද ඉතාමත් සාර්ථක ලෙස ප්‍රතිකාර කරගෙන යනවා. මේකට අවස්ථාවක් දෙන්න. මේකෙන් කියන්නේ නැහැ ඇලොපති ක්‍රමය බටහිර ක්‍රමය ප්‍රතික්ෂේප කරන්න කියලා.

– repoter

38,602 views

6 Comments to “කටුනායක පී.සී.ආර්. නැවැත්වීම හරහා විශාල ජාවාරමක්…?”

  1. dev says:

    apahu walge pagena neda

    vacceen karapu ewunta witarai ona natte anith ayata ona

    e wagema godak aya kamathi naa suddo vacceen walta. ethin ena ungen bagayakata meka ona

  2. Chathura Gunarathna says:

    owagenuth wadiyen laba labanne kuda kiyala kiyana eka rahasak neweine. kibulage wada nisa uge sakkuwa purawa ganna karapu kalakanni wada yako thama mu yahathin innawane mechchara kalakanni wada karalath.

  3. BOC-RAJANGANE YAYA-7-කෙසෙල් චමාරා මල්ලී says:

    ඉක්මනට රටින් පැනගන්න… මාත් රට හැර යන්න හිතන්නේ.. රෙද්දක් ඇදන් පාරෙ යන්න බෑ
    ඉක්මනට රටින් පැනගන්න… මාත් රට හැර යන්න හිතන්නේ.. රෙද්දක් ඇදන් පාරෙ යන්න බෑ
    ඉක්මනට රටින් පැනගන්න… මාත් රට හැර යන්න හිතන්නේ.. රෙද්දක් ඇදන් පාරෙ යන්න බෑ

    • Alapaluwa says:

      මේක මහා විහිළුවක් රටේ කොතනකවත් නැති දැක්මක් නැති වැඩපිළිවෙලක් පමණයි .මෙයින් වුදෙයනම් එක්තරා පිරිසක් මේ අරම්භාකිරිමටයි පවසා මුදල් තම තමාගේ සාක්කුවට දමාගත්තු එක පමණයි. මෙයට සම්පුර්ණ වගකිවයුත්තේ ප්‍රසන්න රණතුංග කිසිම ණුහුගත් කමක් නැති කඳ,බඩ විතරයි මොළයක් කියා දේයක් ඇත්තෙම නැහැ.අනෙක් කරුණ නම් කවදාවත් මේ ප්‍රසන්න මේ rapid test එකට මුල් තැන දෙන්නේ නැහැ එය ඔවුට පාඩුයි ලංකාවට එන අපි සහා අනෙක් උදවියත් මුන්ගේ කුරුමානම නිසා මැරුණු මළකුනකින් හම්බු කිරීමයි පරම අදිෂ්ටානය. එතනින් එහාට කිසිම අවශ්‍යය තාවයක් නැත. එන එකා මොකා හෝවෙවා ගසා කන්න බලන එක හැර වෙනත් සරණක් කිරීමට කවදාවත් පෙළබෙන්නේ නැහැ.එය ඉර,හඳ වගේ ඉස්තිරයි. මේවා බල බලා නොදැක මහා උන්දැලාගේ සිත්පිත් මොනතරම් කුරිරුද??Apalauwa from SA

  4. පැන්ඩෝරා පේපර්ස් says:

    මුන් මේ අවුරුදු තුන සුපිරියටම හම්බ කරගන්න යන්නේ , ගජමිතුරො ටික ගොඩදාන්න යන්නේ ,රාජ්‍ය ධනය වියදං කරලා හැදුවා පී.සී.ආර් අංගනයක් , මූයි , කෙහෙවලියයි , කොටයි ගිහිල්ලා කැපුවා පීත්ත පටිය , මාධ්‍ය නාලීකාවල පම්පොරීය පෙන්නුවා , පහුවෙනිදා ඉදන් වැඩ නෑ. කෝ රට විරුවට නොමිලේ දෙනවා කියපු පී.සී.ආර් ? උන්ගෙන් ගානක් කඩාගෙන , හොටල් කාර ගජමිතුරො ගොඩදාන්න දගලන උබලට පුලුවන්ද බන් රටක් හදන්න ? උබලා අමූ හිරු , පැන්ඩොරා පේපර්ස් වල තියෙනවා උබලගේ මහ එවුන්ගේ ගේම් ටික. අන්තිම ගැහිල්ල ගහපල්ලා !

  5. Hesh says:

    හරකෙක්ද මූ ඇත්තට? එන්නත් ගහලා ලෙඩ්ඩු අඩු කරගත්තා විතරයි ගෙවල්, පන්සල් ඇතුලේ හැන්ගිලා හිටපු වීරෙයෝ එලියට බැහලා දූශනේ ගැන කතාකරනවා. මුන් කියන විදියට කරන්න ගියානම් අපිටත් මැරෙන්න වෙන්නේ එන්නතක් නැතුව.

Main News