කටුනායක NEXT කොරෝනා පොකුරක් මතුවේ.. සේවකයන් 35,000ක් සමගින් කලාපේ තිගැස්සේ..

October 10, 2020 at 9:55 pm | lanka C news
කටුනායක NEXT කොරෝනා පොකුරක් මතුවේ.. සේවකයන් 35,000ක් සමගින් කලාපේ තිගැස්සේ..

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

එම කලාපයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ කලාපයේ පිහිටි NEXT නමැති ඇඳුම් කම්හලේ සේවකයන් පිරිසකට මෙසේ වෛරසය ආසාදිත වී ඇති බවයි.

එම කම්හලේ සේවිකාවට වෛරස් ආසාදන වීම හේතුවෙන් එහි සේවය කරන සියලුම සේවකයන්ට කොරෝනා පරීක්ෂණ කිරීමට කටයුතු කර ඇත.

එම පරීක්ෂණ අනුව මෙම සේවකයින් 11 දෙනා ආසාදිතයන් වී ඇතැයි තහවුරු වී ඇත.

මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලාවල සේවකයන් 35,000 ක පමණ ප්‍රමාණයක් සේවයේ යෙදෙමින් සිටී.

පවතින වසංගත තත්වය මත ඔහුවට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි තදින්ම දන්වා ඇතති එහි ඇති ප‍්‍රායෝගික තත්වය මත එසේ කටයුතු කිරීම අසීරු වී ඇත.

85,081 views

15 Comments to “කටුනායක NEXT කොරෝනා පොකුරක් මතුවේ.. සේවකයන් 35,000ක් සමගින් කලාපේ තිගැස්සේ..”

  1. ලංකා says:

    වහන්නේ නැතුව මොනවා කරනවද ?

  2. rasika says:

    it is quite obvious one factory gets all others can get. Well done Brandix. Keep it up your unlawful HR practices.

    • Praneeth says:

      Hamoma Brandix ekata bannata. samaje pathremin thibba virus eka brandix eken mathu une. una kassa thiyana godak aya beth aran innawa.

  3. lotus says:

    Mr Gota will manage every thing ……………………………..

    • Jayaratna says:

      Pohottuwa parawela. ….

      • මලක මහිම says:

        ඒක කමක් නැහැ කියමු. ලෝක ස්වභාවයනේ මලක. පරවුනු මල් නැවත නැතේ පිපෙන්නේ….. ඒත් අසරන දුක්කිත මිනිස්සුන්ට කාගෙ සරනක්ද?

  4. කසුන් says:

    රටතුල ආර්ථිකය මෙන්ම පුද්ගලයින්ගේ ආර්ථිකය නැතිම වෙන්න යන්නෙ මේ පාර ආවොත් නම්….

    • දුක හාදු දෙන කලේ says:

      තාම ඇවිල්ලා නෑ නෑ වාගේද ඔයාට? ඕනෑවට වඩා උජාරු කතා කිය කිය හිටියා. පුරසාරම් දෙඩුවා. උඩගු කම විනාශයට මුලනේ. පව් මිනිස්සු තාම ආර්තික ප්‍රශ්න වලින් ගොඩ යන්න හැදුවා විතරයි පලමු රැල්ලෙන් පස්සේ.

  5. පොඩි එකාගේ ලියුම says:

    අප මාතෘ භූමිය කොරෝනා මාරය විසින් දෙවැනි වරට මුළු මනින්ම හප කර පුස්සක් කිරීමට සූදානම් ව ඇත. මෙවර නම් නැගිටීමක් නැත. නොකා නොබී කුප්පියෙන් පාඩම් කර පයින් යන යුගය අත ළඟ වේ. විදේශ විනිමය වියදම් කර සැප ගත් අපහට වන ඉරණම දැක මට ඇතිවන්නෙ ඉමහත් මෙව්වා එකකි. මක් නිසාද මුන් ජීවත් වන්නේ මැරෙන්නේ නැතැයි සිතාය.

  6. කාන්තාර පළඟැටියා says:

    මේ නම් ප්‍රේමදාසගෙ සාපේ

    • උක්කුං මල්ලී says:

      ඒක ඇත්ත රට කරවන උන් අධර්මිෂ්ඨ උනාම මෙහම වියසන එනවා……………………………………… අඩෝ…. ඒත්… සජිත් නෙමෙයි නේද අපේ.. ජනාධිපති…

  7. King of Mihinlanthaya says:

    I know everything… I am the law… Do as I say

  8. විමල් පොඩි ගුනේ says:

    චාමිර පෙරේරා,, අසාද් සාලි, චින්තක බණ්ඩාර වැනි බුද්ධිමතුන් ජාතික ලය්සිතුවෙන් පාර්ලිමේන්තුවට නොගෙන මොන එහෙකට සජිත් ඉම්තිආස් බකීර් මාකර්, අර ඩයනා ගෑනි, ඉරාන් වික්‍රමරත්න වැනි අපතයන්ට ජාතික ලැයිස්තු මන්ත්රිකම් දුන්නාද මංදා

  9. dla says:

    කොරෝනා පොකුර එක්කම දැන් ආයුර්වේද ප්‍රතිකාරයක් හෙට කල එලියට. බය නොවෙනු මලනුවනි.මම මැ.. හැටි පෙන්වමි.

Main News