කට කයිවාරු අවසන්.. බදියුදීන්ගේ ඇමරිකා ගිණුම් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිලි කෙරේ..

February 13, 2020 at 4:40 pm | lanka C news
කට කයිවාරු අවසන්.. බදියුදීන්ගේ ඇමරිකා ගිණුම් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිලි කෙරේ..

රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ඇමෙරිකානු ගිණුමකට නීති විරෝධීව මුදල් බැරවීම පිළිබඳව පොලිස් මූලස්තානය වෙත පැමිණිලි කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් විසින් මෙම පැමිණිල්ල කර ඇත.

අදාල පැමිණිල්ල මෙහි දැක්වෙි.

වැ.බ. පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
ශ්‍රී ලංකා පොලීසිය,
කොටුව.

රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ඇමෙරිකානු ගිණුමකට නීති විරෝධීව මුදල් බැරවීම පිළිබඳව පැමිණිලි කිරීම

2018 ඔක්තෝබර් 26 හා දෙසැම්බර් 16 වැනිදා අතර කාලය තුළ එවකට කර්මාන්ත හා වාණිජ අමාත්‍ය මෙන්ම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක ද වූ රිෂාඞ් බදියුදීන් මහතාට අයත් ඇමෙරිකා එක්සත් ජනපද බැංකු ගිණුමකට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක මුදලක් බැර වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එසේම තවත් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක මුදලක් එම ගිණුමට බැර වීම එක්සත් ජනපදයේ ත්‍ඊෂ ආයතනය විසින් නතර කළ බවට ද අනාවරණය වී ඇත. මේ කරුණු මේ වන විට මාධ්‍ය වෙතින් ද අනාවරණය වී තිබේ.

රිෂාඞ් බදියුදීන් මහතාට ගෙවී ගිය කාලය තුළ එල්ල වී ඇති බරපතළ චෝදනා සහ ඔහුට එරෙහිව සිදු කෙරෙන විමර්ශන ආදිය කෙරෙහි අවධානය යොමු කරන විට ඉහත මුදල් ගනුදෙනුව පිළිබඳව මා තුළ බරපතළ සැකයක් ඇතිව තිබේ. ඔහුට එරෙහි බොහෝ චෝදනා මේ රටෙහි ජාතික ආරක්ෂාව හා බැදී තිබේ. මහජන යහපත උදෙසා මෙවැනි චෝදනා පිළිබඳව කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බව මහජන නියෝජිතයකු ලෙස මා විශ්වාස කරමි.

එමෙන්ම රිෂාඞ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ ඇමෙරිකානු ගිණුමට මුදල් බැරවීම පිළිබඳව කඩිනමින් විමර්ශනය සඳහා මාගේ උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරමි. මෙම පැමිණිල්ලේ ඇති ජාතික වැදගත්කම සලකා වැඩ බලන පොලිස්පතිවරයා වන ඔබතුමන් වෙතම පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.

මොහොමඞ් මුසම්මිල්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

32,086 Viewers

6 Comments to “කට කයිවාරු අවසන්.. බදියුදීන්ගේ ඇමරිකා ගිණුම් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිලි කෙරේ..”

  1. Gayan says:

    Excellent work Mr. Muzammil.. Show the country what it means to be a Sri Lankan.

  2. විලා-පත්තු අධිකාරි 😛😛 says:

    “” අයියන්ඩියේ… බිය නොවන්න “”. …!!!😆😆
    “” රට අල්ලා ගන්න හැටි මම පෙන්වමි..””🤗🤗🤗

  3. Angoda Buva says:

    ඔය පැමිණිලි වැඩක් නැහැ. මේ රටේ නීතියක් තියෙන්න ඕනෙනෙ පැමිණිලි විභාග කරන්න.

    අපි හිතුව අලුත් ජනාධිපති තුමාවත් මේව වෙනස් කරයි කියල. ඒත් ඒක තවත් රැවටීමක් විතරක් බව පැහැදිලියි.

    ඒ ගොල්ලන්ට 2/3 තියා 1/2 ගන්න එකත් දැන්නම් සැකයි.

  4. GAMAYA says:

    පාස්කු ඩ්‍රාම එක ඉවරද ?

  5. Sun says:

    He was doing all sorts of nonsense under the guidance of Ranil. He did not care about the work or other illegal matters doing during his ministry time.

  6. kawinda says:

    lipa gini molawana thek diya seliye – sepayak yei kakuluwa diya keliye

Main News