කඩදාසි ගේන්න ඩොලර් නෑ.. පාසැල් පෙල පොත් මුද‍්‍රණය සම්පූර්ණයෙන්ම නවතී..

March 13, 2022 at 12:40 pm | lanka C news
කඩදාසි ගේන්න ඩොලර් නෑ.. පාසැල් පෙල පොත් මුද‍්‍රණය සම්පූර්ණයෙන්ම නවතී..

කඩදාසි හිගය හේතුවෙන් පාසල් පෙළපොත් මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වැඩබලන සාමාන්‍යධිකාරී රංජිත් තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

සැපයුම්කරුවන් සතුව කඩදාසි නොමැතිවීම නිසා අධ්‍යාපන වර්ෂයන්ට අදාල පාසල් පෙළපොත් ඇණවුම් ලබා දීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව හෙතෙම පැවසීය.

පාසල් පෙල පොත් පිටපත් මිලියන හතරක් සඳහා කඩදාසි මෙට්ට්‍රික් ටොන් තුන් දහසක් පමණ අවශ්‍ය බව පැවසූ ඔහු කඩදාසි මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් ලක්ෂ දෙකේ සිට ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කළේය.

පාසල් පෙළ පොත් මුද්‍රණය සංස්ථාවේ ප්‍රධානම ආදායම් මාර්ගය බවද පැවසූ ඔහු එය අහිමි වූවොත් රුපියල් මිලියන එක්දහස් දෙසීයක් පමණ ආයතනයට අහිමි වී යන බවද කියා සිටියේය.

එමෙන්ම රාජ්‍ය ආයතනවලට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ඇණවුම් ලබා දීමට අවශ්‍ය කඩදාසි සම්පාදනය කර ගැනීමේ ගැටලුවක් පැන නැගී ඇති බවත් ලොතරැයි දෙකක මුද්‍රණ කටයුතු ද සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බවද වැඩිදුරටත් කියා සිටියේය.

කඩදාසි අනායනකරුවන් පවසන්නේ ඩොලර් හිගය හේතුවෙන් කඩදාසි ආනයනය කර ගැනීම ඇණහිට ඇති බවයි.

15,846 views

2 Comments to “කඩදාසි ගේන්න ඩොලර් නෑ.. පාසැල් පෙල පොත් මුද‍්‍රණය සම්පූර්ණයෙන්ම නවතී..”

  1. 3% ට බය බයියා. says:

    නැවතත් ලක් මාතාව නගා සිටුවිය හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  2. Darshana abayakoon says:

    කඩදාසි නැත්තම් නාහෙන් අඩ අඩ ඉන් නැතුව අපි විකල්ප වලට යොමු වෙන්න ඔනේ. අපෙ ආච්චිලා සීයලා අකුරු කරේ ගල් ලෑලි වල නැත්තම් වැලි පිල්ලෑවල, පිට රටින් හැමදේම ගෙනෙනකන් බලන් ඉන් නැතුව දැන්වත් අපි දේශීය විසදුම් වලට යොමු වෙමු. දේශීයත්වයට මුල් තැන දෙන මේවගේ ආණ්ඩුවක් ලැබීමම ජනතාව ලද විශාල ජයග්‍රහනයක්.

Main News